දෙවන ටෙස්ට් තරගයට Andersonට එන්න කියයි

173

ශ්‍රී ලංකාවට එරෙහිව ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී හෙට (22) ආරම්භ වීමට නියමිත එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයට James Anderson කැඳවා තිබෙනවා. ඒ වේගපන්දු යවන ක්‍රීඩක Stuart Broad වෙනුවටයි. එංගලන්ත කණ්ඩායම පළමු ටෙස්ට් තරගය කඩුලු හතකින් ජය ගන්නට මේ සතිය මුලදී සමත් වුනා.  

දඟපන්දු යවන්නන්ට වඩා උචිත වූ තණතිල්ලක වුනත් Broad ඉතා හොඳ දස්කම් දක්වන්නට සමත් වුනා. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා කරමින් ඔහු ලකුණු 20කට කඩුලු තුනක් රැස් කරගත් අතර දෙවන ඉනිමේ දී ඔහු යැවූ පන්දුවාර 17න් පන්දුවාර 11ක්ම නිලකුණු පන්දුවාර වීම විශේෂත්වයක්.

තවත් ක්‍රිකට් පුවත්:

Mark Wood ද දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරනු ඇතැයි බොහෝ විචාරකයින් බලාපොරොත්තු වුනා. ඔහු පළමු ටෙස්ට් තරගයේ දී පන්දුවාර 27ක් යැව්ව ද එකදු කඩුල්ලක් හෝ දවා ගන්නට සමත් වුනේ නැහැ. Woodට ආබාධ ඇති විය හැකි නිසා හම්බන්තොට පැවති පුහුණු තරගයේ දී දස්කම් දැක්වූ Olly Stone කණ්ඩායමට කැඳවීමට ඉඩක් තිබුනත්, එංගලන්ත බලධාරීන් Wood හට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා.  

දෙවන ටෙස්ට් තරගය සඳහා නම් කළ එංගලන්ත කණ්ඩායම – Joe Root (නායක), Dom Sibley, Zak Crawley, Jonny Bairstow, Dan Lawrence, Jos Buttler (කඩුලු රකින ක්‍රීඩක), Sam Curran, Dominic Bess, Jack Leach, Mark Wood හා James Anderson

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<