සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකාවක් එංගලන්ත – ඕස්ට්‍රේලියා රග්බි ක්‍රීඩකයින්ට මැදිවේ!

77

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය මේ සති අන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගයේ උණුසුම තවත් වැඩි කරමින් එංගලන්තයේ බෙන් යංග්ස්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Matt To’omua හට ඔච්චමක් කිරීම රග්බි ලෝකයේ දැඩි කතාබහක් ඇති කර තිබෙනවා. ඒ Matt සිය බිරිඳ හමුවේ දෙවැනි තැනට වැටෙන බව බෙන් පැවසීමත් සමඟයි. Matt To’omuaගේ බිරිඳ වන්නේ ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් රැසකගේම සිහින කුමරියක් වන ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා Ellyse Perry.   

තීරණාත්මක සටන සඳහා වේල්ස් ප්‍රබලයාගේ සහභාගීත්වය තහවුරු වේ

යම් හෙයකින් වේල්ස් Fly Half ක්‍රීඩක Dan Bigger තම කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූවා නම් නියත වශයෙන්ම…

පෙර දිනක Matt To’omua විසින් බෙන් යංග්ස් පිළිබඳ මාධ්‍ය හමුවේ මෙසේ පවසා තිබුණා. “බෙන් යංග්ස් ඔහුගේ පවුලේවත් හොඳම රග්බි ක්‍රීඩකයා නෙවෙයි. ඉතින් ඔහු කොහොමද රටේම හොඳම ක්‍රීඩකයා වෙන්නේ? “, Matt සිනහ මුසු මුහුණින් සුහද වාග් හරඹයක් ආරම්භ කර තිබුණා.   

(Matt To'omua හා Ellyse Perry)
(Matt To’omua හා Ellyse Perry)

බෙන් යංග්ස්ගේ වැඩිමල් සහෝදරයා ටොම්, ලෙස්ටර් කණ්ඩායම වෙනුවෙන් හුකර් ස්ථානයේ ක්‍රීඩා කරන අතර බෙන්ගෙන් Matt පැවසූ දේ පිළිබඳ විමසූ විට ඔහු පවසා සිටියේ Matt සිය බිරිඳට වඩා පසුපසින් සිටින බව, Ellyse Perry ඔහුට වඩා ජනප්‍රිය බව පවසා සිටියා.   

“ඔහු මට ඒ වීඩියෝව එව්වා”, යංග්ස් පවසා සිටියේ සිනහ මුසු මුහුණින්.

“ඔහු ඉතා සතුටින් හිටියේ තමන් පිළිබඳව,මම ඒක ඉක්මනින් නැති කළා. ඒක හරිම විනෝදයි, මම මගේ සහෝදරයා හමුවේ දෙවැනි තැනට වැටෙනවා වගේම, ඔහු ඔහුගේ බිරිඳ හමුවේ දෙවන තැනට වැටෙනවා. ඔහු දන්නවා මගේ වේදනාව.”

To’omua, 2016 වසරේ සිට 2019 වසර දක්වා ලෙස්ටර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඔහු සිය පැරණි සගයින් වන Manu Tuilagi, George Ford, Jonny May හා Dan Cole හට ද ඔච්චමක් කිරීමට අමතක කළේ නැහැ.

“මම ඔවුන් හැමෝගෙම වැරදි හා දුර්වල තැන් දන්නවා.” ඕස්ට්‍රේලියානු තරග හසුරුවන්නා Matt පවසා තිබුණා.

“Manu ස්නූකර් ක්‍රීඩාවට හරි දුර්වලයි, ජෝර්ජ් ෆෝර්ඩ් කවදාවත් වෙන කාගෙවත් මත් බඳුනට ගෙවන්නේ නැහැ.”

“කුකුළා, ජොනී මේ, ඔහු හරි අමුතුයි.”, Matt පවසා සිටියා. ඔහු ජොනීට “කුකුළා” යැයි සඳහන් කළේ එංගලන්ත wing ක්‍රීඩක ජොනීට කුකුළෙකු ආවේශ වී ඇති බවට වරෙක එංගලන්තය පුරා කට කතාවක් පැතිරී ගිය බැවින්.

“Dan Coleට කිසිම පෞර්ෂත්වයක් නැහැ.” Matt එංගලන්ත කණ්ඩායමට බෝම්බ රැසක් අතහැරියා.

(Ben Youngs අදහස් දක්වමින්)
(Ben Youngs අදහස් දක්වමින්)

බෙන් යංග්ස් සිනහවක් සමඟින් පවසා සිටියේ, ෆෝර්ඩ් මත් බඳුන් සඳහා නොගෙවන බවට Matt කළ ප්‍රකාශයේ නම් යම් ඇත්තක් ඇති බවයි. නමුත් ඒවා එතරම් වැදගත් කරුණු නොවන බව ද ඔහු පවසා සිටියා.  

රග්බි අයියලාගෙන් ගේම ඉල්ලන රග්බි මල්ලිලා

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී මෙතෙක් අප දුටු විශේෂිතම සිදුවීමක් ලෙස සඳහන් කළ හැක්කක් ඇත. එනම් …

“ඔහු වැරදිමත් නැහැ.” යංග්ස් පවසා සිටියා.

“ෆෝර්ඩ් කිසිදාක මත් බඳුනකට ගෙවා නැහැ, ඒ ඔහු ඉස්සෙල්ලම මත් වී එම ගොඩනැගිල්ලෙන් පිටව යන බැවින්.”

2003 ලෝක කුසලානය දිනූ එංගලන්තය මේ සති අන්තයේ දී ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව හමුවන්නේ පසුගිය තරග හයක් අඛණ්ඩව ජය ගැනීමේ වාසියත් සමඟයි. ඕස්ට්‍රේලියාව දෙවතාවක් ලෝක කුසලානය ජය ගෙන තිබීමත් විශේෂත්වයක්.

එංගලන්ත ක්‍රීඩකයින්ට අර්ධ අවසන් පූර්ව තරගය සඳහා පුහුණුවීමට සති දෙකක කාලයක් ලැබුණේ ප්‍රංශය සමඟ තරගය ජපානයට බලපෑ ටයිෆූන් කුණාටුවෙන් සේදී යාම නිසයි. එංගලන්ත ක්‍රීඩකයෝ ගෙවුණු සති දෙන ජපානයේ දකුණු දෙසට වන්නට ඇති Kyushu දූපතේ උණුවතුර ළිං වල කෙළිදෙළෙන් ගත කළා.  

“අපි මේ උණුවතුර ළිං වලට ඉතා කැමතියි.” සුපිරි සෙන්ටර් ක්‍රීඩක Tuilagi පවසා තිබුණා. 

“සෑහෙන අමාරු පුහුණු සැසිවලට පසුව විඩා නිවා ගන්න එය කදිමයි. අපි ඉන්නා හෝටලේ ලොකු ළිඳක් තිබෙනවා. මම ස්වාභාවික උණුවතුර ළිඳකට අවසානයට ගියේ පොඩි කාලේ.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<