පාසල් රග්බි ලීගය නැවත පැවැත්වෙයි ද?

221

පසුගිය මාර්තු මාසයේ දී මාරාන්තික කොරෝනා වෛරසයේ සිදුවූ පැතිරීමත් සමඟින් එය පාලනය කිරීම සඳහා මුළු රටම වසා දැමීමකට යොමු කිරීමට රජය තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව පුරා සියළු ක්‍රීඩා තරග සහ තරගාවලි අවලංගු කිරීමට සිදුවිය. පාසල් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරග මෙන්ම අන්තර් පාසල් රග්බි තරගාවලිය ද තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් තීරණය කළේය. 

ThePapare.com ගෙන එන මේ සටහන 2020 අන්තර් පාසල් රග්බි තරගාවලිය නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳවයි. 

ලෝක රග්බි ක්‍රීඩාවේ තවත් වෙනසක්

රග්බි ක්‍රීඩාංගණවල ගෝල් කණු වටා ඇති ආරක්ෂක ආවරණයක් රැඳවීම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව උදෙසා කරන …

දිස්ත්‍රික්ක දෙකක් හැර සෙසු සෑම දිස්ත්‍රික්කයකම ඇඳිරි නීතිය සීමා කිරීමත් සමඟ රජය විසින් පනවන ලද නීතිමය රෙගුලාසි ද තරමකින් ලිහිල් විය. කෙසේවෙතත් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ සම්භාවිතාව මුළුමනින්ම රඳා පවතින්නේ ඉදිරි සති කිහිපය තුළ කොරෝනා රෝගයේ ව්‍යාප්තිය මතය. 

මාර්තු මස මැද භාගයේ දී ශ්‍රී ලංකාවේ හටගත් COVID-19 රෝගය නිසා මෙවර ‘ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය’ වහාම අත්හිටුවන ලද අතර මහජනයා රැස්වීම ද රජය විසින් නතර කරන ලදි. 

සති 7කට අධික කාලයක් දිවයින පුරා පැවති ඇඳිරි නීතිය මේ වන විට ලිහිල් කර ඇති හෙයින්, ‘ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීගය’ ද ඇතුළුව සියලු ක්‍රීඩා කටයුතු අනාගතයේ දී නැවත පැමිණිය හැකිය යන බලාපොරොත්තුව මෙරට ප්‍රේක්ෂකයන්ට ඇත. 

මෙවර ‘ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය’ මාර්තු මස 03 වන දින ආරම්භ වූ අතර එම තරගාවලිය එහි දෙවන සතිය තුළ නතර කිරීමට සිදුවිය. 

මීට පෙර මැයි මාසයේ දී පාසල් විවෘත කිරීමට රජය සැලසුම් කළ නමුත් මෙම තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කළේය. 

සැලසුම් කර ඇති පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇත. ක්‍රීඩකයින්ගේ පුහුණුව සහ ඔවුන්ගේ අධ්‍යාපනය සමඟ ගැටුමක් ඇති වන බැවින් ජුනි හෝ ජූලි මාස වලදී ලීග් තරගාවලිය පැවැත්වීමේ හැකියාව තරමක අඩු මට්ටමක පවතියි. 

එබැවින්, වර්තමාන තත්වයන්හි වර්ධනයක් තිබේ නම්, සැප්තැම්බර් මස අග හෝ ඔක්තෝබර් මස මුලදී ‘ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය’ නැවත ආරම්භ වීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

කෙසේවෙතත් තරගාවලියේ සංවිධායකයින් වන ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය (SLSRFA), අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි කටයුතු කරන අතර තරගාවලිය නැවත ආරම්භ කිරීම පිළිබඳව එම අමාත්‍යාංශ ලබා දෙන මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරනු ඇත. 

ලෝක රග්බි ක්‍රීඩාවේ තවත් වෙනසක්

රග්බි ක්‍රීඩාංගණවල ගෝල් කණු වටා ඇති ආරක්ෂක ආවරණයක් රැඳවීම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව උදෙසා කරන…

අ. පො. ස. උසස් පෙළ විභාගය කල් දැමීමක් සිදුවුවහොත්, රග්බි ලීගය ද කල් දමා එම විභාග අවසන් වීමෙන් පසුව ක්‍රීඩා කරනු ඇත. 

කොරෝනා වෛරසයෙන් පසු රට යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී ලීගය නැවත ආරම්භ කළහොත් ඒ සඳහා සමාජ දුරස්ථභාවය හා සපයා ඇති ආරක්ෂිත උපක්‍රම අනුගමනය කළ යුතුය. 

ලෝක රග්බි සම්මේලනය විසින් පසුගියදා තම සාමාජික සංගම් වෙත තරග නැවත ආරම්භ කිරීමේ මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කළ අතර ඒ සඳහා රග්බි වැනි සම්බන්ධතා සහිත ක්‍රීඩාවක් නැවත ආරම්භ කිරීමේ දී කටයුතු කළ ආකාරය සඳහන් විය. 

එහි අඩංගු සමහර වැදගත් මාර්ගෝපදේශ අතරට පුහුණුවීම් සඳහා හෝ තරග සඳහා ක්‍රීඩා භූමියට ඇතුළු වීමට පෙර සියලුම ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතුය. නිසි සනීපාරක්ෂක ක්‍රම, පොදු ජල බෝතල් භාවිතය වැළැක්වීම සහ කරාම ජලය භාවිතය නතර කිරීමද එයට ඇතුළත් වේ. 

(ලෝක රග්බි සම්මේලනය විසින් නිකුත් කළ සම්පූර්ණ මාර්ගෝපදේශය මෙතැනින් ලබා ගත හැකිය: https://playerwelf.worldrugby.org/ )

මාර්තු මස 20 වන දින දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව පාසල් රග්බි ලීගය දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති අතර සියලු මහජන රැස්වීම් නතර කරන ලෙස ද රජය ඉල්ලා සිටියේය. මෙලෙස අත්හිටුවන විට ලීග් තරගාවලිය එහි දෙවන සතියේ පැවති අතර A කාණ්ඩයේ පළමු වටයේ දී ක්‍රීඩා කර තිබුනේ තරග 9ක් පමණි. 

ගතවූ මාස දෙකක කාලය තුළ මෙරට කිසිඳු රග්බි ක්‍රීඩාවක් සිදුනොවූ අතර ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමක දී ඉහළ පෙළේ පුහුණුකරුවන් බොහෝ දෙනෙකු ලීග් තරගාවලියට සූදානම් වීම සඳහා මාසයක කාලයක් ඉල්ලා ඇත. 

“ක්‍රීඩකයින් නිවසේ කාලය ගත කළ බැවින් අපට අවම වශයෙන් මාසයක කාලයක සූදානමක් අවශ්‍ය වේවි. ඔවුන් නැවත පිටියට පැමිණිය යුතුයි. අපේ ක්‍රීඩකයන් නිවසේ පුහුණුවීම්වල යෙදී සිටියත් අපට ඔවුන්ව ක්‍රීඩා මට්ටමට ගෙන ආ යුතුයි.” යයි සාන්ත පීතර විද්‍යාලයේ වත්මන් සහකාර පුහුණුකරු වන රජීව් පෙරේරා මහතා පැවසීය. 

සියල්ලටත් වඩා එහි සියලු පාර්ශවකරුවන්ගේ ආරක්ෂාව අතිශයින්ම වැදගත් වනු ඇත. 

නැවත ආරම්භයක් ගොඩනඟා ගැනීමේ දී තරග පවත්වන ස්ථානය, සනීපාරක්ෂාව සහ සංවෘත දොරවල් පිටුපස ක්‍රීඩා කිරීම වැනි සැලකිල්ලට ගත යුතු බොහෝ සාධක සලකා බැලිය යුතු වේ. මෙම ඕනෑම තීරණයක් ඉදිරියට යාම සඳහා මහජන රැස්වීම් තහනම ඉවත් කරන තෙක් සංවිධායකයන්ට බලා සිටීමට සිදුව ඇත. 

ශ්‍රී ලංකා රග්බි ගමනට රුකුලක් වූ පුහුණුකරුවෙක් නොඑන ගමන් යයි

ලෝක රග්බි ක්‍රීඩාවේ දක්ෂ හා ජනප්‍රිය ‍රග්බි නායකයෙකු හා පුහුණුකරුවෙකු වූ ජෝර්ජ් සිම්ප්කින් අභාවප්‍රාප්ත වී …

මේ සියලු තත්ව හමුවේ මෙරට සියලු ක්‍රීඩාලෝලීන් බලා සිටින්නේ තරගාවලිය නැවත පැමිණෙන තෙක්ය. කෙසේවෙතත් බලා සිටීම හැර කළ හැකි වෙනත් දෙයක් නොමැත. 

‘2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය’ නැවත පැවැත්වීමට සංවිධායකයන් ගන්නා සියලු තීරණ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<