පීතරයින්ගේ ආක්‍රමණයෙන් විද්‍යාර්ථ බලකොටුව තිගැස්සේ!

138

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යටතේ පැවති තවත් එක් උණුසුම් තරගයක් අද (14) නිමාවට පත්වූයේ බම්බලපිටිය සාන්ත පීතරයින් හට විශිෂ්ට ජයක් අත්පත් කරදෙමිනි. මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම තරගයේ අවසන් ලකුණු තත්වය සටහන් වූයේ ලකුණු 34-03ක් ලෙසිනි.

පාසල් රග්බි ලීගය කල් දැමේ

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය……

පසුගිය සති අන්තයේ දී තරග වාරයේ තම පළමු තරගය සඳහා මුහුණු දුන් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් එහි දී ධර්මරාජ විද්‍යාලය පරාජයට පත්කරමින් විශිෂ්ට ජයග්‍රහණයකට උරුමකම් කීවේ ඔවුන්ගේ සංචිතයේ ප්‍රබලත්වය පිළිබඳ පැහැදිලි පණිවුඩයක් සෙසු කණ්ඩායම් වෙත ලබා දෙමිනි.

වෙස්ලි කණ්ඩායම හමුවේ ලද පරාජයේ වේදනාව විඳ දරා ගනිමින් තම ගමන් මඟ ඇරඹූ මහනුවර විද්‍යාර්ථයින් හට මෙම තරගයේ ජය ඉතාමත් තීරණාත්මක වූයේ ඉදිරි තරග සඳහා හොඳින් මුහුණ දීමට අවශ්‍ය මානසිකත්වය ගොඩනඟා  ගැනීම වෙනුවෙනි.

නියමිත වේලාවට වඩා මිනිත්තු 15ක් පමණ ප්‍රමාද වී ආරම්භ වූ තරගයේ ලකුණු රැස් කිරීමේ කාර්‍යභාර්‍ය සඳහා වැඩි කාලවේලාවක් නොගත් පීතරයින් විනාඩි 2ක් ගතවීමටත් මත්තෙන් දිනයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමේ සතුට සැමරූයේ ප්‍රතිවාදීන් වෙත ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. 

සෙනුර පෙරේරා ධවල රේඛාව අභිබවා යමින් කණ්ඩායම වෙනුවෙන් තම වගකීම ඉටුකරද්දී අමතර ලකුණු එකතු කිරීමේ අවස්ථාව තෙනුක නානායක්කාර අතින් මඟ හැරී ගියේ අවාසනාවන්ත අයුරිනි. (සාන්ත පීතර 05 – 00 විද්‍යාර්ථ)

ප්‍රතිවාදී විද්‍යාර්ථ ක්‍රීඩකයින් තම ප්‍රේක්ෂකයින්ගේ නොමඳ දිරිමත් කිරීම් මධ්‍යයේ නොසැලී සාන්ත පීතර අභියෝගයට එරෙහිව සටන් වැඳීමට උත්සහ කළ නමුත් ඔවුන්ගේ කළබලකාරී තරග රටාව නිසාවෙන් නියත වශයෙන්ම ලකුණු බවට පරිවර්තනය කිරීමට තිබූ අවස්ථා කිහිපයක්ම ගිලිහී යන්නට විය. කෙසේ නමුත් සාන්ත පීතර ආරක්ෂක වළල්ලේ දැඩිභාවයත් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ගේ ආක්‍රමණයන් අඩපණ කිරීමට බෙහෙවින් බලපෑවේය.

ත්‍රිත්ව ප්‍රහාරය හමුවේ සාන්ත අන්තෝනි පසුබසී

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (13) මහනුවර නිත්තවෙල…..

13 වැනි මිනිත්තුවේ දී මීටර් 5 රේඛාව අසලින් උදා වුණු Line-out අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් සාන්තුවරුන් විදුලි වේගයෙන් පන්දුව උත්සාහක දිනුම් ප්‍රදේශය දෙසට රැගෙන ගියේ ඉදිරිපෙළ ක්‍රීඩක අකලංක පෙරේරාගේ (සාන්ත පීතර 10 –  00 විද්‍යාර්ථ)

ඉන් අනතුරුව එළඹි කාලසීමාව තුල කණ්ඩායම් දෙකම ලකුණු ඉඩෝරයකින් පීඩාවට පත්ව සිටි අතර ආක්‍රමණයක් දියත් කිරීමට උත්සාහ ගත් සෑම අවස්ථාවක දී ම ඊට එරෙහිව ශක්තිමත් ප්‍රතිරෝධයක් ගොඩනැඟීමට දෙපිලේම ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් සමත් වීම මෙහි දී වඩාත් කැපී පෙනුණි.

පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් තම ලකුණු තීරුව වර්ණවත් කරගැනීමට තිබූ අනගි අවස්ථාවක් විද්‍යාර්ථ ක්‍රීඩකයින් අතින් මඟ හැරී ගියේ පහසු කෝණයකින් ලැබුණු දඬුවම් පහර නිසියාකාරව ගෝල කණු අතරින් යොමු කිරීමට අපොහසත් වූ නිසාවෙනි.

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 10 (2T) – 00 විද්‍යාර්ථ විද්‍යාලය 

පළමු අර්ධයේ දී තම ගිණුම ආරම්භ කිරීමට නොහැකි වූ නමුත් ප්‍රතිවාදීන් ඉදිරියේ පෙන්නුම් කළ සටන්කාමී තරග විලාසය නිසාවෙන් සත්කාරක විද්‍යාර්ථ ක්‍රීඩකයින් විවේක කාලයෙන් අනතුරුව තරගයේ යම් පැහැදිලි වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කළ අතර එම කියමනට යම් සාධාරණයක් ඉටු කරමින් ලකුණු ත්‍රිත්වයකින් තම ලකුණු තීරුව පෝෂණය කිරීමට ඩිල්ෂාන් උඩගෙදර සමත් විය. 

උදා කරගත් දඬුවම් පහර සාර්ථකව ඉලක්කය වෙත යොමු කළ ඔහු ආබාධයක් නිසා පිටියෙන් ඉවත්ව ගිය කවීෂ කළුආරච්චිගෙන් පුරප්පාඩු වූ හිස්තැන පිරවීමට වගබලා ගත්තේය. (සාන්ත පීතර 10 – 03 විද්‍යාර්ථ)

අවසන් මොහොතේ අත්වැරැද්දෙන් සාන්ත ජෝසප් බලය බිඳ වැටේ

රවීන් තිසේරාගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් තියුණු තරගයකට පසු සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 24-22ක් ලෙස පරාජය……

ඩිල්ෂාන් මධුසංඛගේ අනගි පන්දු යොමු කිරීමත් සමඟින් තම ප්‍රහාර මාලාවේ පළමු වෙඩි මුරය දියත් කළ නායක යොහාන් ප්‍රනාන්දු පීතරයින්ගේ දිනයේ තෙවැනි උත්සාහක දිනුමේ හිමිකරුවා බවට පත්වූයේ ලකුණු තත්වය 17ක් දක්වා ඉහළට ඔසවා තබමිනි. තෙනුක නානායක්කාර තරගයේ තම පළමු ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් සාන්ත පීතර ජයග්‍රහණයේ කොටස්කරුවකු බවට පත්විය. (සාන්ත පීතර 17 – 03 විද්‍යාර්ථ)

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ තෙනුක නානායක්කාර අපූර්ව ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කරමින් තම කණ්ඩායම දිනුම කණුව ආසන්නයටම රැගෙන ගිය අතර පසුගිය සති අන්තයේ දී ධර්මරාජ කණ්ඩායමට උත්සාහක දිනුම් ත්‍රිත්වයකින් සංග්‍රහ කළ ඉෂාන් ප්‍රනාන්දු තවත් එක් උත්සාහක දිනුමක් තම පෞද්ගලික ලකුණු ගොන්නට එකතුකොට ගත්තේ වෙහෙසට පත්ව සිටි විද්‍යාර්ථ ආරක්ෂක වැටේ හිඩැස් අතරින් රිංගා යමිනි. (සාන්ත පීතර 29 – 03 විද්‍යාර්ථ)

සාන්ත පීතර කණ්ඩායමේ ඉදිරිපෙළ සහ පසුපෙළ ක්‍රීඩකයින්ගේ මනා සුසංයෝගයෙහි අවසන් ප්‍රතිථලය වශයෙන් 62 වැනි මිනිත්තුවේ දී දැකුම්කළු උත්සාහක දිනුමක් වාර්තා කළ තෙනුක නානායක්කාර, අශාන් රණසිංහගේ මනා පන්දු පාලනය සහ යොමු කිරීම් සඳහා නිසි වටිනාකමක් ලබා දීමට සමත්කම් දැක්විය. (සාන්ත පීතර 34 – 03 විද්‍යාර්ථ)

අවසන් ලකුණු තත්වය – සාන්ත පීතර විද්‍යාලය 32 (6T,2C) – 03 (1P) විද්‍යාර්ථ විද්‍යාලය 

ThePapare.com තරගයේ වීරයා – අශේන් රණසිංහ (සාන්ත පෙරේරා)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • සාන්ත පීතර – සෙනුර පෙරේරා(1T), අකලංක පෙරේරා(1T), යොහාන් ප්‍රනාන්දු(1T), ඉෂාන් ප්‍රනාන්දු(1T) තෙනුක නානායක්කාර(2T,2C)
  • විද්‍යාර්ථ – ඩිල්ෂාන් උඩගෙදර(1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<