පසුගිය වසරේ අහිමි වූ A කාණ්ඩයේ ශූරතා සිහිනය සැබෑ කර ගැනීම අරමුණ කරගනිමින් මෙවර පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය රග්බි ක්‍රීඩකයෝ පාසල් රග්බි පිටිය ආක්‍රමණය කරනු ඇත. ප්‍රබල කණ්ඩායම් රැසකටම අභියෝගයක් වෙමින් පසුගිය වසරේ දස්කම් දැක්වූ පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ මෙවර සූදානම පිළිබඳව ThePapare.com තබන සටහනකි මේ.  

කිරුළේ අයිතිය නැවතත් හිමිකර ගන්නට සැරසෙන ඉසිපතන හරිත හමුදාව

ශ්‍රී ලංකා පාසල් රග්බි ඉතිහාසයේ පෙරළිකාර පාසල් අතරින් ප්‍රමුඛ පෙළේ පාසලක් වන කොළඹ…

සුපිරි ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් (මහනුවර ක්‍රීඩා සමාජය), නිරෝෂන් ප්‍රනාන්දු වැනි ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් සිය රග්බි ක්‍රීඩාවට අත්පොත් තැබූ පිළියන්දල මධ්‍ය විද්‍යාලය 2004 වසරේ දී B කාණ්ඩයේ ශූරතාවයත්, එම වසරේ දෙවන පෙළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවයත් දිනා ගැනීමට සමත් විය.

එසේම 2011 වසරේ සභාපති කුසලානය, 2012 වසරේ දෙවන පෙළ ශූරතාවය, 2014 වසරේ පලිහ ශූරතාවය, 2015 වසරේ දෙවන පෙළ සත් සාමාජික බඳුන ශූරතාවය හා 2017 වසරේ වයස අවුරුදු 20න් පහළ පලිහ ශූරතාවය දිනා ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය රග්බි ක්‍රීඩකයෝ සමත් වී ඇත.

පසුගිය වසර 4 පුරාවට මම මේ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. මේ මගේ 5 වන අවුරුද්ද, මාස 6ක් වගේ කාලයක ඉඳන් අපි හොඳින් පුහුණුවීම් කරනවා

ගියවර තරගාවලියේ දස්කම් දෙස බැලීමේ දී මහානාම විද්‍යාලය හා ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය පරාජය කරමින් ජයග්‍රහණ වාර්තා කිරීමට පිළියන්දල ක්‍රීඩකයින්ට හැකි විය.

මෙවර සූදානම

‘No 8’ ස්ථානයේ ක්‍රීඩා කරන අනුරාධ යසස් ශ්‍රී හට මෙවර පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය රග්බි බලකාය මෙහෙය වීමේ වගකීම භාරව තිබේ. පස්වැනි වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන ඔහු මෙවර කණ්ඩායම් කොඳු නාරටිය ලෙස කණ්ඩායමට සවිය දෙනු ඇත.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමේ නායක අනුරාධ යසස් ශ්‍රී

“පසුගිය වසර 4 පුරාවට මම මේ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. මේ මගේ 5 වන අවුරුද්ද, මාස 6ක් වගේ කාලයක ඉඳන් අපි හොඳින් පුහුණුවීම් කරනවා. පාසලෙන් ඇතුළු සියලුම පුහුණුකරුවන් ලොකු සහයක් අපිට දෙනවා.” යැයි නායක අනුරාධ යසස් ශ්‍රී අදහස් දක්වමින් පැවසීය.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමේ නිත්‍ය උපනායක යසස් බුද්ධික දණහිස ආශ්‍රිතව ආබාධයකට ලක්ව ඇති නමුත් ඔහු මෙවර තරගාවලියට එක්වෙනු ඇතැයි කණ්ඩායමේ සියලුම දෙනා බලාපොරොත්තුව සිටියි.

ඒ නිසාවෙන් කණ්ඩායමේ උප නායකත්වය තාවකාලිකව ලහිරු ලක්ෂාන් හට පවරා ඇත.

“මේ පාර අපේ ඉදිරිපෙළ වගේම පසුපෙළ ද එක වගේ සෙල්ලම් කරනවා, අනිවාර්යයෙන් මේ අවුරුද්දේ B කාණ්ඩය ටොප් කරලා චැම්ප්ස් වෙන්න තමා බලාපොරොත්තු වෙන්නේ, ටීම් එකේ සීනියර්ස්ලා කිහිප දෙනෙක්ම ඉන්නවා, සීනියර්ස්ලා වගේම අලුතෙන් කණ්ඩායමට ආපු අයත් එක වගේ සෙල්ලම් කරනවා. තරගයෙන් තරගයට සැලසුම් හදලා කොහොම හරි දිනන්න තමා බලාපොරොත්තුව.” අප වෙත අදහස් දක්වමින් කණ්ඩායමේ උප නායක ලහිරු ලක්ෂාන් පැවසිය.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමේ උප නායක ලහිරු ලක්ෂාන්

කණ්ඩායමේ පුහුණුකරු ලෙස හෂන්ත ලියනගේ මහතා කටයුතු කරයි. වසර ගණනාවක් පුරාවට පාසල් රැසක හා ක්‍රීඩා සමාජ කිහිපයක කටයුතු කිරීමෙන් ලබා ගත් අත්දැකීම්වලින් ඔහු පිළියන්දල මධ්‍ය විද්‍යාලය පෝෂණය කරනු ඇත.

“කණ්ඩායම හොඳටම හොඳයි, මේ ගොල්ලෝ අධ්‍යාපනය අතිනුත් ඉතාමත් හොඳ මට්ටමක ඉන්නවා, මොකද අපි හැමදාම පුහුණුවීම් පටන් ගන්න කලින් මේ ගොල්ලන්ගේ පොත් බලලා වැඩ කරවනවා. මේ පාර කොහොම හරි B කාණ්ඩයේ රැඳී ඉන්න තමයි අපේ බලාපොරොත්තුව.”  ThePapare.com වෙත අදහස් දක්වමින් හෂන්ත ලියනගේ මහතා පැවසීය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු, “අපි නිතරම පුහුණුවීම් කරනවා, ගිය සීසන් එකේ කරපු වැරදි නිවැරදි කරන් හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ නායකයා ලොකු ජවයක් තියන ක්‍රීඩකයෙක්, එයා ජාතික කණ්ඩායමට තේරෙයි කියලා මගේ ලොකු බලාපොරොත්තුවක් තියනවා.”

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමේ පුහුණුකරු හෂන්ත ලියනගේ

එසේම හෂන්ත ලියනගේ මහතා වයස අවුරුදු 12 සිට ඉහළ කණ්ඩායම් දක්වා පුහුණුවීම් කටයුතු කරමින් විශාල කැපවීමකින් පුහුණුවීම් කටයුතු සිදු කරයි. පිළියන්දල මධ්‍ය විදුහල  සතුව බාලිකා රග්බි කණ්ඩායමක් ද සිටීම කැපී පෙනෙන සිදුවීමකි. හෂන්ත ලියනගේ මහතාගේ සවියට ප්‍රීති කුමාර, ජයංග සිල්වා (පොලිස් ක්‍රීඩා සමාජ නායක), අනුෂ්ක උත්පල (පොලිස් ක්‍රීඩා සමාජය), ලසිත් සිල්වා, ජනිත් චතුරංග යන මහත්වරුන් සහය පුහුණුකරුවන් ලෙස සිය  දායකත්වය දක්වයි.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය රග්බි කණ්ඩායම

අනුරාධ යසස් ශ්‍රී (නායක), යසස් බුද්ධික (උප නායක), චමෝද් නිලුශංක, තිසුර සිතුමිණ, චාමික රුවන්, ලහිරු ලක්ෂාන්, අස්මිත අයෝධ්‍ය, ලක්ෂාන් ලක්ශාන්, නිපුන් දිනිත, සිනෙත් ලක්මාල්, ඩිලාන් මදුසංක, කලිඳු කල්පන, කාංචන ප්‍රනාන්දු, සවීන් ගෝවින්ද, නවීන් ලක්ෂිත, තරුක සඳකැලුම්, සංජු බෙමාෂ්, යසිත් යුගාන්ත, සවිඳු සාරංග, උමේෂ් මධුශාන්, උෂාන් තරිඳු, විහඟ රසාංජන, පසිඳු හිමන්ත, නිසල් මාලක, සෙනුර සෞභාග්‍ය, වෙනුර ජයසංක, කල්ප අකලංක, ඔෂාන් කාවින්ද, සුජය සමාජිත්,

නිලධාරීන්

  • හෂන්ත ලියනගේ (ප්‍රධාන පුහුණුකරු)
  • ප්‍රීති කුමාර (සහය පුහුණුකරු)
  • ජයංග සිල්වා (සහය පුහුණුකරු)
  • අනුෂ්ක උත්පල (සහය පුහුණුකරු)
  • ලසිත් සිල්වා (සහය පුහුණුකරු)
  • ජනිත් චතුරංග (සහය පුහුණුකරු)

කණ්ඩායම වෙනුවෙන් ඔබේ සුබ පැතුම් පහළින් Comment කරන්න.

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<