ශ්‍රී ලංකා පාසල් රග්බි ඉතිහාසයේ පෙරළිකාර පාසල් අතරින් ප්‍රමුඛ පෙළේ පාසලක් වන කොළඹ ඉසිපතන විද්‍යාලය මෙවර පැවැත්වෙන 55 වන පාසල් රග්බි වාරයේ දී නැවතත් රග්බි ලීග් කිරුළ තමන්ගේ කරගන්නට හොඳ සූදානමකින් පසුවෙයි.

කිංග්ස්වුඩ් මහත්වරුන් පාසල් රග්බි පිටියේ පෙරළියක් කරන්නට සැරසෙයි

ශ්‍රී ලංකාවට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් මහනුවර කිංග්ස්වුඩ් විදුහල, පසුගිය තරග වාරයේ B..

ඉතිහාසය පුරාවට ඉසිපතන විද්‍යාලය මඟින් ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට ක්‍රීඩකයින් රැසක් බිහිවී ඇති අතර ඒ අතරින් සජිත් මල්ලිකාරච්චි, ශම්ලි නවාස් සහ ඩිල්රෝයි ප්‍රනාන්දු ඇතුළු තවත් ක්‍රීඩකයින් රැසක් සිය පාසලට මෙන්ම රටට ද රග්බි ක්‍රීඩාවෙන් කීර්තියක් අත්කර දෙන්නට සමත්ව ඇත.

1973 වසරේ දී සිය පළමු පාසල් රග්බි ලීග් කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ඔවුන් 12 වරක් එයට හිමිකම් කියන්නට සමත්ව ඇති අතර 1992 සහ 1999 අතර කාලය ඔවුන්ගේ පාසල් රග්බි ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ. එම කාලය තුළ ලීග් කිරුළ 6 වරක් දිනා ගන්නට ඔවුන් සමත් වූ අතර එහි දී 1995 සිට 1997 වසර දක්වා ඔවුන් අඛණ්ඩව ඊට හිමිකම් කියන්නට සමත් වීම සුවිශේෂී දක්‍ෂතාවයකි.

මෑත ඉතිහාසය පිළිබඳව සැලකූ විට 2012 වසරේ සිට පසුගිය 2017 වසර දක්වා අවස්ථාවන් 3ක දී ඔවුන් ලීග් ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් වූ අතර 2013 වසරේ හැරුණු කොට අනෙක් වසරවල දී ඔවුන් තරගාවලිය ඉහළින් අවසන් කරන්නට සමත්ව ඇත. එහි දී සෙනාල් දීලක යටතේ ක්‍රීඩා කළ කණ්ඩායම ලීග් තරගාවලිය, පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සහ සත් සාමාජික තරගාවලිය යන තරගාවලි ත්‍රිත්වයම ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර 2015 වසරේ දී ඔවුන් එම තරගාවලි තුනේම අනුශූරතාවය දිනා ගන්නට සමත් විය. පසුගිය වසරේ දී සුමුදු රන්කොත්ගේ ගේ නායකත්වය යටතේ ද ඔවුන් එම තරගාවලි තුනේම අනුශූරතාවය දිනා ගනු ලැබීය.

කෙසේ නමුත් නව නායකත්වයක් යටතේ ඔවුන් මෙවර රග්බි තරග වාරය ආරම්භ කිරීමට සූදානමින් සිටින්නේ නැවතත් එහි කිරුළ දිනා ගැනීමේ අභිප්‍රාය සහිතවයි.

ඒ අනුව මෙවර තරග වාරය සඳහා ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායම මෙහෙය වීමේ වගකීම සිව්වැනි වසරේ ක්‍රීඩකයෙක් වන මනිල්ක රුබේරු හට හිමි වී ඇති අතර අවුරුදු 17ක් තරම් අඩු වයසක දී කණ්ඩායමේ නායකත්වයට පත්වූ ඔහු ළාබාලතම නායකයින් අතරට ද එක්වනු ඇත. ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරනු ලබන ඔහු පසුගිය වසරේ දී ද ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමට අතිශය වැදගත් ක්‍රීඩකයෙක් විය.

ThePapare.com සමඟින් අදහස් දක්වමින් නායක මනිල්ක රුබේරු පවසා සිටියේ පසුගිය වසරේ ලබාගත් ජයග්‍රහණය ඉදිරියට රැගෙන යමින් මෙවර තරග වාරයේ දී තරගාවලි තුනේම ශූරතාවය දිනා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම දෙවන වසරේ ක්‍රීඩකයෙක් වන අංජන තුෂාන් කණ්ඩායමට එක්වීමත් සමඟ ඔවුන්ගේ පසුපෙළ තවත් ශක්තිමත් වන අතර ඔහු හා නායක රුබේරුගේ දායකත්වය කණ්ඩායමේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වනු ඇත.

එමෙන්ම කණ්ඩායමේ උප නායකත්වය දරන නස්රාන් නිලම්දීන් ඉදිරිපෙළ ක්‍රීඩා කරමින් කණ්ඩායමට දායකත්වය ලබා දෙන අතර තුන්වැනි වසරේ ක්‍රීඩකයෙක් වන රවිඳු අංජුලගෙන් ඔහුට ලැබෙන සහයෝගය ද අතිශය වැදගත් වේ.

ඒ අනුව ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායම මෙවර තරග වාරයේ දී සිය උපරිම දස්කම් දක්වමින් රග්බි කිරුළ දිනා ගන්නට දැඩි සූදානමකින් පසුවන අතර ඔවුන් අනෙක් කණ්ඩායම්වලට විශාල අභියෝගයක් වනු ඇති බව නොඅනුමානය.

ඔවුන් තරගාවලියේ සහභාගී වන පළමු තරගය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව පැවැත්වෙන අතර ඉන් අනතුරුව මහනුවර ධර්මරාජ විද්‍යාලය, මරදාන සහිරා විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව පළමු වටයේ ඔවුන්ගේ අනෙක් තරග පැවැත්වෙනු ඇත.

ඉසිපතන විද්‍යාලයීය රග්බි සංචිතය සඳහා පිවිසෙන්න අපගේ නවතම දත්ත වාර්තා පිටුවට

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<