ගෙවුණු දවස ජනවාරි 23 – හසිත බෝයගොඩ වාර්තා අලුත් කරයි

227

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

වාර්තා මැද පොඩ්ඩෝ දස්කම් දක්වති

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පලිහ ශූරතාව සඳහා වන අර්ධ අවසාන පූර්ව තරගයෙන් කෙන්යාව පරදා ලකුණු 311ක දැවැන්ත ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (23) සමත් විය.

තරගය නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පලිහ අවසන් පූර්ව වටය දක්වා යාමට වරම් හිමිකර ගන්නා ලදි.

ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර පැවති මූලික වටයේ තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි නොවුව ද, ක්‍රිකට් බලධාරීන්ගේ එම රළු තීරණය අභියෝගයට ලක් කරමින් මහනුවර ත්‍රිත්ව විදුහල නියෝජනය කළ හසිත බෝයගොඩ පන්දු 152ක් තුල දී ලකුණු 191ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ටැඹ කරා මෙහෙයවන්නට සමත් විය. ඔහුගේ දැවැන්ත ලකුණු 191ට හතරේ පහර 28ක් හා හයේ පහර 2ක් අන්තර්ගත විය.

සම්පූර්ණ වාර්තාව: බෝයගොඩගේ වාර්තාවත් සමඟින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට


 

වේල්ස් කුමරුවන්ට ලකුණකින් ශතකය මඟ හැරේ

වේල්ස් කුමර විද්‍යාලයේ සඳුන් ප්‍රනාන්දු හට එක් ලකුණකින් සිය අගනා ශතකය අහිමිව ගිය ඊයේ (23) දිනය තුළ අවසන් වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ තරගවල දී සාන්ත පීතර, ඩී. එස්. සේනානායක හා සාන්ත ඇලෝසියස් විද්‍යාල පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

සඳුන් ප්‍රනාන්දු හට අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදු වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ සත්කාරකයින්ගේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි වේල්ස් කුමර විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 277ක් ලබා ගන්නා ලදි. එහි දී සඳුන් ලකුණු 99කට දැවී ගියේය. ඊට අමතරව සුවත් මෙන්ඩිස් හා අවිඳු ලකුණු අතරට පිවිසියේය.

වේල්ස් කුමර විද්‍යාලය – 277/10 (76.2): සඳුන් ප්‍රනාන්දු 99, සුවත් මෙන්ඩිස් 48, අවිඳු ප්‍රනාන්දු 43, සනෝජ් දර්ශික 25, කමිල් මිශාර 4/61, ගයාන් දිසානායක 3/37.

රාජකීය විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 30/4(14.5):

සම්පූර්ණ වාර්තාව: සඳුන් ප්‍රනාන්දුට නූලෙන් ශතකය මඟ හැරේ

දිනයක නිමාව

>> අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින් <<