වේදනාවට අධිෂ්ඨානය එක්කළ ලහිරු කුරේ

542

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව ලොවම දැනගත් එක් අවස්ථාවක් ලෙස 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙල හැදින්විය හැක. ඒ මක්නිසාද මීටර 10000 ඉසව්ව සඳහා ක්‍රීඩාකළ කරුණානන්ද නැතහොත් “මැරතන් කරූ” ක්‍රීඩකයාගේ නොපසුබට උත්සාහය, ජපානයේ පෙළ පොත් වලත් පසුව සඳහන් වන්නට විය.

මැරතන් ඉසව්වේ ප්‍රථම ස්ථානය ධම්මික හා නිසංසලාට

45 වන වරට පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර අනුරාධපුරයේදී….

මේ විග්‍රහය ඔහු ගැන නොවුනත් ඔහු වැනිම උත්සාහය, කැපකිරීම යන වචනයන්ගේ සැබෑ අත්දැකීමකි.

2017 වසරේ ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එහිදී සිදුවූ යම් සිදුවීමක් තුළින් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ නෙත් වලට කඳුලක් එක්විය.

2017 වසරේ ජූලි 06 වන දින පැවති මීටර 400 සහය දිවීමේ  ඉසව්ව සඳහා සහභාගී වූ කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාල සහය දිවීමේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන ලහිරු කුරේ තරගය අතරතුරදී මාංශ පේශි ආබාධයකට ලක්විය.


ලහිරුගේ දකුණු පාදයේ ඇතිවූ මෙම ආබාධ තත්වය ඔහුගේ වේගය සහමුලින්ම පසුපසට ඇද දැමුවත් ඔහුගේ මානසික ශක්තියේ තිබූ දැඩි බව ඔහුගේ වේගය වැඩි කිරීමට හේතු විය. ඔහු වේදනාව පසෙකලා තරගය අවසන් වනතුරුම දිව ගිය අතර ජයග්‍රණය හිමි නොවුනත් ඔහුගේ හිතේ තිබූ අධිෂ්ඨානය නිසා ප්‍රේක්ෂකයන් තම අසුන් වලින් නැගිට ඔහුව දිරිමත් කිරීමට පෙළඹුණි.

තහනම් උත්තේජක චෝදනාවකින් ගයන්තිකාට ලෝකඩ පදක්කම

පසුගිය දා කටාර් හිදී නිමාවට පත් වූ 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර 800 කාන්තා ඉසව්වේ…

1964 වසරේ කරුණානන්ද ක්‍රීඩකයා එම තරගය තමන් පරාජයට පත්ව ඇති බව දැන දැනත් තම ඉසව්ව අවසන් කිරීමට තරම් ඔහුගේ සිතේ ඇති අධිෂ්ඨානය දැඩි විය. වර්තමානයේදී පාසල් ක්‍රීඩකයන් තුළද එවැනිම ආකාරයේ ක්‍රියාවන් දැකීම, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතයට පමණක් නොව රටේ අනාගතයටද සුබ ලකුණු ගෙන දෙන කරුණකි.


          >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<