බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියට නවක මුහුණු දෙකක්

505

2018 වසරේ සත් සාමාජික තරග වාරය ආරම්භ කරමින් බෝර්නියෝ හී පැවැත්වෙන බෝර්නියෝ ඊගල්ස් සත් සාමාජික රග්බි තරගාවලියට නවක ක්‍රීඩකයින් රැසක් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගි වනු ඇත.

ආනන්ද රග්බි කණ්ඩායම නව මුහුණුවරකින් මෙවර සටන් බිමට

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ තක්ෂිලාවක් වන කොළඹ ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩායම A කාණ්ඩයට …

සිය මංගල තරගාවලිය සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙක් පිටත්ව යාමට නියමිතව තිබෙන අතර  ඩයලොග් අන්තර් සමාජ රග්බි පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ඉසිපතන විද්‍යාලය නියෝජනය කළ වර්තමාන නාවික හමුදා රග්බි කණ්ඩායමේ ‘Flanker’ ස්ථානයේ ක්‍රීඩා කරන අදිශ වීරතුංග හා හැව්ලොක් කණ්ඩයම නියෝජනය කළ සිතුම් පිරිස් සිය මංගල සත් සාමාජික ජාත්‍යන්තර තරගාවලිය සඳහා මෙලෙස කැඳවුම් ලබා තිබේ.

සුපුරුදු පරිදි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක සුදර්ශන මුතුතන්ත්‍රි ශ්‍රී ලංකා කණ්ඩයමේ නායකත්වය හොබවන අතර තරුණ ක්‍රීඩකයින් ද සමඟින් පසුගිය වසරට වඩා ඉහළ තලයකට කණ්ඩයමේ දස්කම් ගෙන යාම ඔහුගේ වගකීම වනු ඇත. අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් සූදානම් වීමට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ජේසන් දිසානායක, රිචඩ් ධර්මපාල මෙන්ම ශ්‍රීනාත් සූරියබණ්ඩාර විවේක ගැන්වීමට බලධාරීන් තීරණය කර තිබේ.

ත්‍රිත්ව – අන්තෝනි තරගය ලබන සඳුදා

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම් මාලාව හේතුකොට ගෙන පාසල් රග්බි තරග දින නියමයකින් තොරව කල් ..

පසුගිය වසරේ ශ්‍රී ලංකා කණ්ඩයම බෝර්නියෝ සත් සාමාජික තරගාවලියේ කුසලාන අර්ධ අවසාන පූර්ව වටයෙන් ඉවත් වූ නමුත් පළඟ ශූරතාවේ අනුශූරයින් වන්නට සමත්විම. මෙවර සංචාරයට එක්වන සංචිතය පහත පරිදි වේ.  

  • සුදර්ශන මුතුතන්ත්‍රි
  • තරින්ද රත්වත්ත
  • කවිඳු පෙරේරා
  • චානක චන්දිමාල්
  • දනුෂ් දයාන් චන්ද්‍රදාස්
  • අදිශ වීරතුංග
  • සිතුම් පිරිස්
  • සුදම් සූරියආරච්චි
  • රීසා රෆයිඩීන්
  • කෙවින් ඩික්සන්
  • බුද්ධිම පියරත්න
  • රෙහාන් සිල්වා   

පීටර් වුඩ්ස් කණ්ඩයමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර රජීව පෙරේරා සහය පුහුණුකරු ලෙස කටයුතු කරයි. ඉන්ති මරික්කාර් කණ්ඩයමේ ඉහළ දක්ෂතා කළමනාකරු ලෙස කටයුතු කරන අතර නික් ගෘබේ කණ්ඩයමේ භෞතචිකිත්සක පුහුණුකරු ලෙස කටයුතු කරයි.     

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට