තහනම් උත්තේජක චෝදනාවකින් ගයන්තිකාට ලෝකඩ පදක්කම

446

පසුගිය දා කටාර් හිදී නිමාවට පත් වූ 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ ඉන්දියානු ක්‍රීඩිකාවක් ගෝමති මාරිමුත්තු තහනම් උත්තේජක ලබා ගෙන තිබෙන බව තරගයෙන් පසුව කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

රන් පදක්කම නූලෙන් මිස් වෙයි

2019 තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ……

තරගයෙන් පසුව සිදු කළ රුධිර පරීක්ෂණවලින් මේ පිළිබඳව අනාවරණය වූ අතර “A” සාම්පලයට අනුව තහනම් උත්තේජක සංඝටක ඇති බවට වාර්තා වී තිබූ අතර පසුව සිදු කරනු ලැබූ “B” සාම්පල පරීක්ෂණය හරහා ඒ බව සනාථ වී ඇත. මේ සමඟින් ඇයට වසර 4ක කාලයක තහනමකට මුහුණ දීමට සිදුවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සිහින බිඳ වැටුණු දිනයක්

දෝහා කටාර් හී කලීෆා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය ඊයේ (22) නිමා වූයේ ශ්‍රී ලංකා නාමය යටතේ කිසිදු පදක්කමක් …….

ගෝමති මීටර 800 ඉසව්වේ රන් පදක්කම  දිනා ගනු ලැබුවේ මිනිත්තු 2.02.07ක කාලයක් වාර්තා කරමින් වන අතර මෙම චෝදනාවත් සමඟින් දෙවැනි ස්ථානයට පත් වූ චීනයේ වැන් චුන්යූ හට රන් පදක්කම හිමිවනු ඇත.

ලෝකඩ පදක්කම දිනා ගත් කසකස්තානයේ මාගරිටා මුකෂේවාට රිදී පදක්කම හිමි වන අතර තරගයේ සිව්වැනි ස්ථානය දිනා ගත් ගයන්තිකා අබේරත්නට ලෝකඩ පදක්කම උරුම වනු ඇත.  ගයන්තිකා අබේරත්න 2017 වසරේ දී පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් ක්‍රීඩිකාවකි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<