පූර්ණ තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව නවසීලන්තයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

487

2023 වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පූර්ණ තරගාවලියක් සඳහා නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත බව නිල වශයෙන් තහවුරු වී තිබෙනවා.

ලබන වසරේ මාර්තු 09 වැනිදා සිට අප්‍රේල් 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි  විස්ස තරග තුනක් ඇතුළත්.

තරග සංචාරය ටෙස්ට් තරගාවලියෙන් ආරම්භ වීමට නියමිත අතර ඉන් පසුව එක්දින සහ විස්සයි විස්ස තරගාවලි පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ සංචාරයක නිරත වන්නේ වසර 4කට පසුව වන අතර 2019 වසරේ දී ඔවුන් ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරගයකින් සමන්විත වූ තරගාවලියකට සහභාගී වුනා.

තරගාවලියේ තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – මාර්තු 9 සිට 13 දක්වා; Hagley Oval, Christchurch
  • දෙවැනි ටෙස්ට් තරගය – මාර්තු 17 සිට 21 දක්වා; 2nd Test; Basin Reserve, Wellington
  • පළමු එක්දින තරගය – මාර්තු 25; Eden Park, Auckland
  • දෙවැනි එක්දින තරගය – මාර්තු 28I; Hagley Oval, Christchurch
  • තෙවැනි එක්දින තරගය – මාර්තු 31; Seddon Park, Hamilton
  • පළමු විස්සයි විස්ස තරගය – අප්‍රේල් 2; Eden Park, Auckland
  • දෙවැනි විස්සයි විස්ස තරගය – අප්‍රේල් 5; University of Otago Oval, Dunedin
  • තෙවැනි විස්සයි විස්ස තරගය – අප්‍රේල් 8; John Davies Oval, Queenstown

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<