දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

1047

ශ්‍රී ලංකාවෙන් බිහිවුනු දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වන දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

වයස අවුරුදු 39ක් වන පෙරේරා සිය සමුගැනීම දන්වා සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා වෙත විද්‍යුත් තැපෑලක් (E-mail) යොමු කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 43ක්, එක්දින තරග 13ක් සහ විස්සයි විස්ස තරග 3ක් ක්‍රීඩා කර තිබෙනවා. එසේම ඔහු ටෙස්ට් තරගවල දී කඩුලු 161ක් දවා ගෙන දස්කම් දක්වා තිබෙනවා.

“ඉදිරියේ දී මම දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කරනවා. හැබැයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්න මට හොඳම කාලය දැන් ඇවිල්ලා තියෙනවා කියලා මම හිතනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම ඉමහත් ගෞරවයක්”, බවත් දිල්රුවන් සිය සමුගැනීමේ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දක්වා තිබෙන දස්කම්වලට අමතරව දිල්රුවන් පෙරේරා දේශීය ක්‍රිකට් පිටිය තුළ තරග 200කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරමින් කඩුලු 808ක් දවාගෙන දස්කම් දක්වා තිබෙනවා.

දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර පිටිය තුළ දැක්වූ දස්කම්වල සාරාංශය පහත පරිදි වෙනවා,

Tests ODIs T20Is
Batting Bowling Batting Bowling Batting Bowling
Matches – 43 Matches – 43 Matches – 13 Matches – 13 Matches – 3 Matches – 3
Runs – 1303 Wickets – 161 Runs – 152 Wickets – 13 Runs – 1 Wickets – 3
Average – 18.88 Average – 35.90 Average – 12.66 Average – 31.46 Average – 0.50 Average – 24.00
SR – 46.88 Econ – 3.20 SR – 76.38 Econ – 5.38 SR – 16.66 Econ – 7.20
50s – 7 BBI – 6/32 50s – 0 BBI – 3/48 50s – 0 BBI – 3/26

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<