2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

1770

සිව්වැනි වතාවටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිවේදනය කර තිබෙනවා.

තරගාවලිය එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ වත්මන් ශූරයින් වන Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමාරම්භක තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.

තරගාවලියට සඳහා ඇතුළත් සමස්ත තරග සංඛ්‍යාව 24ක් වන අතර ඊට ප්‍රථම වටයේ තරග 20ක් සහ අවසන් මහා තරගය ඇතුළුව playoff තරග 4ක් අන්තර්ගත වනවා.

පළමු වටයේ තරග 4ක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඉතිරි සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2023 LPL තරගාවලියේ කාලසටහන

දිනය සවස 3.00 (දිවා) රාත්‍රි 7.30 (රාත්‍රි) ක්‍රීඩාංගණය
  සත්කාරක සංචාරක සත්කාරක සංචාරක  
ජූලි 30 Jaffna Colombo RPICS
ජූලි 31 Galle Dambulla Kandy Colombo RPICS
අගෝස්තු 1 Dambulla Jaffna Galle Kandy RPICS
අගෝස්තු 4 Colombo Galle Dambulla Jaffna Kandy
අගෝස්තු 5 Galle Kandy Jaffna Colombo Kandy
අගෝස්තු 7 Kandy Dambulla Galle Jaffna Kandy
අගෝස්තු 8 Colombo Dambulla Kandy Jaffna Kandy
අගෝස්තු 11 Dambulla Galle RPICS
අගෝස්තු 12 Jaffna Kandy Dambulla Colombo RPICS
අගෝස්තු 13 Jaffna Galle Colombo Kandy RPICS
අගෝස්තු 14 Kandy Dambulla RPICS
අගෝස්තු 15 Colombo Galle RPICS
අගෝස්තු 17 Qualifier 1 (1 vs 2) Eliminator (3 vs 4) RPICS
අගෝස්තු 19 Qualifier 2 (looser QF1 vs won E) RPICS
අගෝස්තු 20 අවසන් මහා තරගය RPICS

තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<