තිරිමාන්නට හදිසි අනතුරක්!

61

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න අද (14) උදෑසන රිය අනතුරකට මුහුණ දීම නිසා රෝහල්ගත කර තිබෙනවා.

අනුරාධපුරයේ වන්දනා ගමනක යෙදෙමින් සිටිය දී තිරිමාන්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ගමන් කරමින් සිටි මෝටර් රථය මාර්ගයේ අනෙක් පසින් ආ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර, එයින් කිසිවකුට හෝ බරපතළ තුවාල සිදු වී නොමැති බවත් වාර්තා වනවා.

මේ දිනවල ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන Legends Cricket Trophy තරගාවලියේ දී තිරිමාන්න නියෝජනය කරන New York Strikers කණ්ඩායමෙන් මේ පිළිබඳ විශේෂ නිවේදනයක් සිදු කරමින් තිරිමාන්න සහ අනතුරට භාජනය වූ ඔහුගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂිත ව පසු වන බව තහවුරු කළා.

එමෙන්ම මේ අවස්ථාවේ දී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ද මෙම නිවේදනයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

Legends Cricket Trophy තරගාවලියේ දී තිරිමාන්න විසින් කැපී පෙනෙන අන්දමේ පිතිකරණ දක්ෂතා දක්වමින් සිටීම ද විශේෂත්වයක්.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<