පාකිස්තාන පුහුණුකරු අවසන් මහා තරගය ගැන අදහස් දක්වයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

25123

පාකිස්තානය පරාජය කරමින් 2022 ආසියානු කුසලානය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුනා.

මේ තරගාවලිය පුරාවට අවසන් මහා තරගය පැවැත්වුණු ඩුබායි හිදී පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායමක් තරගයක් ජය ගෙන තිබුණේ එක් වතාවක් පමණයි.  කෙසේ වෙතත් කාසියේ වාසිය පරාජය වී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 23කින් තරගය ජය ගන්නට සමත් වුනා.

පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු Saqlain Mushtaq ශ්‍රී ලංකාවට ප්‍රශංසා කරමින් පවසා සිටියේ, ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව දෙවැනි ඉනිමේ පන්දුවට පහර දී මෙන්ම පළමු ඉනිමේ පන්දුවට පහර දෙමින් ද ජය ගත් බවයි.

ඔබ ශූරයින්ගේ කණ්ඩායමක් නම් පළමු ඉනිම, දෙවැනි ඉනිම කියා වෙනසක් නැතිව ඔබ ශූරයින් විය යුතුයි. පළමු තරගයේ ඔවුන් පළමුවෙන් පන්දු යවලා දිනුවා මේ තරගයේ දී අපි දෙවැනියට පන්දුවට පහර දීලත් ඔවුන් දිනුවා. ඔවුන් තරග දෙකම ක්‍රීඩා කළ විදිය විශිෂ්ටයි. ඔවුන්ට ජය ලැබිය යුතුයි.”

පාකිස්තානු ක්‍රීඩක Mohammad Rizwanගේ ඉනිම පිළිබඳව තරගයෙන් පසුව දැඩි කතාබහක් ඇතිව තිබුණා. ඔහු පන්දු 49කින් රැස් කළේ ලකුණු 55ක් පමණයි. Rizwan දැවී යන විට පාකිස්තානයට ජයග්‍රහණය සඳහා පන්දු 23ක දී ලකුණු 61ක් අවශ්‍යව තිබුණා. Saqlain පවසා සිටියේ එක් එක් ක්‍රීඩකයාට තමන් ක්‍රීඩා කරන ආකාරයක් තිබෙන බවයි.

සෑම ක්‍රීඩකයෙකුටම හා කණ්ඩායමකටම ඔවුන්ගේම කියලා ක්‍රීඩා රටාවක් තිබෙනවා. අපි ක්‍රීඩා කරපු විදිය, අපි විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ආවා, මේ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට ආවා. අපි මොනවාහරි දෙයක් හරියටම කරනවා. ඒකයි අපි මේ අවසන් තරගවලට එන්නේ. ඒක ලෝකේ අනික් කණ්ඩායම් කරන දේම වෙන්න ඕනේ නැහැ. ඔහුගේ (Rizwanගේ) ක්‍රමය වැරදි නැහැ.”

පාකිස්තානු නායක Babar Azam ගැන ද Saqlain අදහස් දක්වා සිටියා. ආසියානු කුසලානය පුරාවට ඉනිම් හයක දී ඔහු රැස් කළේ ලකුණු 68ක් පමණයි. “ඔහුගේ පිතිකරණය දෙස බලනකොට, ඔබට කියන්න පුළුවන් ඔහු අවාසනාවන්තයි කියලා. විශේෂයෙන්ම ඔහු දැවී යන විදිය. මේක එක කාලසීමාවක් විතරයි. ඔහුගේ ශ්‍රේණිගත කිරීම් බලනකොට ඔහු එක්දින හා විස්සයි විස්ස පිටියේ ඉහළින්ම සිටිනවා.”

ශ්‍රී ලංකාව ගැන අදහස් දක්වමින් ඔහු මෙසේ පවසා සිටියා. “ඔවුන් ක්‍රීඩා කළ විදිය විශේෂයි. අපි හොඳින් ක්‍රීඩා කළේ පන්දුවාර නවයක් පමණයි. ඉන්පසුව ඔවුන් පන්දුවාර 31ක් සෑම ආකාරයෙන්ම සිය ග්‍රහණයට ගත්තා. ඔවුන් විශිෂ්ට ලෙස ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඔවුන් ලෝකයේ හොඳම කණ්ඩායමක් බවයි පේන්නේ. ඔවුන් ඉන්දියාවට එරෙහිව ඇෆ්ගනිස්ථානයට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය විශේෂයි.”

“මම සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට ප්‍රශංසා කරනවා. අපි ඔවුන්ගේ පිතිකරණ පිට කොන්ද බිම දැමුවා පළමු පන්දුවාර 9 දී. නමුත් රාජපක්ෂ ක්‍රීඩා කරපු ආකාරය සහ අනෙක් අය ඔහු වටා ක්‍රීඩා කළ ආකාරයට ප්‍රශංසා කරන්න වචන මදි. මම හිතනවා ඒක තමා ඔහුගේ හොඳම ඉනිම කියලා.”

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<