හිටපු කොදෙව් ක්‍රීඩකයා චෝදනා හතරකට වරදකරු

1486

හිටපු බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක Marlon Samuels එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී වගන්ති හතරක් යටතේ වැරදිකරු බවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2021 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට මෙම දූෂණ විරෝධී චෝදනා එල්ල කළ අතර ඒ සම්බන්ධව සිදු කළ විමර්ශනයකින් පසුව ඔහු මෙලෙස වරදකරු ලෙස තීරණය කර තිබෙනවා.

දෙවතාවක් විස්සයි විස්ස ලෝක කුසලානය සිය කණ්ඩායමට දිනා දීමට විශාල දායකත්වයක් සැපයූ ඔහු ක්‍රීඩාවට අපකීර්තිය ගෙන දෙන සිදු වීමක් සඳහා ලැබූ ත්‍යාගයක් හෝ මුදලක් සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විමර්ශන නිලධාරියාට වාර්තා නොකිරීම යටතේ ඔහුට මූලික චෝදනා ගොනු කර තිබුණා.

එමෙන්ම ඩොලර් 750ක කුවිතාන්සියක් ඔහු විසින් හෙළි නොකිරීම සහ අදාළ විමර්ශන කටයුතු සඳහා සහය නොදක්වා එයට බාධා හෝ ප්‍රමාද වන ලෙස කටයුතු සිදු කිරීම යටතේ ඔහුට තවත් චෝදනා එල්ල වුනා.

ඒ අනුව මෙම සිදු වීම් සම්බන්ධයෙන් කරුණු අදාළ පාර්ශව වලින් විමසා බැලීමෙන් පසුව පනවන සම්බාධක හෝ දඬුවම් පිළිබඳ තීරණය කර බව ද අදාළ බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

Marlon Samuels හට එල්ල වූ චෝදනා,

  1. වගන්තිය 2..4.2 – ක්‍රිකට් ක්‍රීඩාවට අපකීර්තියක් ගෙන දෙන ක්‍රියාවක් වෙනුවෙන් ලැබෙන මුදලක්, ත්‍යාගයක් හෝ වෙනත් ප්‍රතිලාභයක් ගැන විමර්ශන නිලධාරියා දැනුවත් නොකිරීම.
  2. වගන්තිය 2.3.4 – ඇමරිකානු ඩොලර් 750ක් හෝ ඊට වැඩි සත්කාරයක් සඳහා අදාළ කුවිතාන්සිය විමර්ශන නිලධාරියාට ලබා දීමට අපොහොසත් වීම.
  3. වගන්තිය 2.4.6 – නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියා සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම.
  4. වගන්තිය 2.4.7 – විමර්ශනයට අදාළ තොරතුරු වසන් කරමින් දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනයට බාධා හෝ ප්‍රමාද කිරීම.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<