ප්‍රබල ක්‍රීඩිකාවන් නැතුව බංග්ලාදේශය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

370

මෙම මාසයේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ දී සිය කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් වන Salma Khatun සහ Rumana Ahmedට විවේකයක් ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශය නියෝජනය කරමින් විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වූ Marufa Akter හට ද විභාගයක් නිසා තරගාවලියෙන් අහිමිව තිබෙනවා.

Sanjida Akther Maghla, Fariha Islam Trishna, Rabeya සහ Sultana Khatun යන ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට එරෙහි සංචිතයට ඇතුළත් අතර ඔවුන් අප්‍රේල් 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

“Salma Khatun සහ Rumana Ahmed යන ක්‍රීඩිකාවන් ප්‍රධාන පුහුණුකරුගේ නිර්දේශය පරිදි විවේක ගැන්වුවා. ඔහු සිතනවා ඔවුන් ගොඩක් ක්‍රීඩා කරලා තියෙන නිසා වැඩ කොටස කළමනාකරණය කරන්න ඕන කියලා. අපිට බොහෝ තරගාවලි තියෙන නිසා ප්‍රධාන ක්‍රීඩිකාවන්ගෙන් උපරිමය ගන්න ඔවුන්ව කළමනාකරණය කරන්න වෙනවා.

අපිට අංක 6 හෝ 7 ස්ථානයට සම්පූර්ණ ක්‍රීඩිකාවක් අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා Sultana එයට හොඳින් ගැළපෙයි කියලා. ඒ නිසා Salma Khatunගේ ස්ථානයේ හිස්තැන Sultana පුරවයි කියලා අපි හිතනවා,” යැයි බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තේරීම් නිලධාරි Monjurul Islam ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන කාන්තා එක්දින ශූරතාවය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා එක්දින තරග තුනක් ඇතුළත් අතර එම තරග අප්‍රේල් 29, මැයි 02 සහ 04 යන දිනවල දී පැවැත්වෙනවා.

එක්දින තරගාවලියෙන් පසු මැයි 09 සිට 12 දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකට ද බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතයි.

තරගාවලිය සඳහා නම් කල බංග්ලාදේශ සංචිතය: Nigar Sultana Joty (නායිකා), Fargana Hoque Pinky, Shamima Sultana, Fahima Khatun, Murshida Khatun, Jahanara Alam, Mst Sanjida Akther Maghla, Sobhana Mostary, Lata Mondol, Shorna Akter, Nahida Akter, Fariha Islam Trishna, Mst Ritu Moni, Disha Biswas, Rabeya, Sultana Khatun

මෙම තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<