Pooran තරග වාරයේ වේගවත්ම අර්ධ ශතකය රැස් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

1421
Nicholas Pooran smashes fastest fifty

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Royal Challengers Bangalore කණ්ඩායමට එරෙහිව පන්දු 15ක් තුළ අර්ධ ශතකයක් රැස් කරමින් මෙවර තරග වාරයේ වේගවත්ම අර්ධ ශතකය රැස් කිරීමට Nicholas Pooran ඊයේ (10) සමත් වුනා.

ලකුණු 213ක ඉලක්කයක් හඹා ගිය Lucknow Super Giants කඩුලු 5ක් දැවී 105ක් ලබා සිටින විට පිටියට පිවිසි Nicholas Pooran, වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් තරගය සිය කණ්ඩායම දෙසට රැගෙන ආවා.

ඔහුගේ ඉනිමට හයේ පහර හයක් සහ හතරේ පහර තුනක් ඇතුළත් වූ අතර එය තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය සම කිරීම ද විශේෂත්වයක්.

පන්දු 19ක් තුළ වේගවත් ලකුණු 62ක් ලබා ගැනීමට ඔහු එහි දී සමත් වූ අතර ඔහුට පෙර Yusuf Pathan සහ Sunil Narine පන්දු 15ක දී අර්ධ ශතක රැස්කර තිබෙනවා.

IPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය KL Rahul සහ Pat Cummins විසින් වාර්තා කරගෙන තිබෙන අතර ඔවුන් එම අර්ධ ශතක වාර්තා කර ඇත්තේ පන්දු 14ක් පමණක් වැය කරමින් වීම විශේෂත්වයක්.

මෙවර තරග වාරයේ වේගවත්ම අර්ධ ශතකය මීට පෙර Ajinkya Rahane විසින් වාර්තා කර තිබුණේ පන්දු 19ක් තුල අර්ධ ශතකය රැස් කරමිනුයි.

එමෙන්ම Jos Buttler සහ Shardul Thakur මෙවර තරග වාරයේ පන්දු 20ක් තුළ අර්ධ ශතක ලබා ගනිමින් තරග වාරයේ වාර්තා වූ තෙවැනි වේගවත්ම අර්ධ ශතක වාර්තා කර තිබෙනවා.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<