CPL සත්කාරකත්වය රටවල් පහකට

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

3644
Getty Images

මෙම වසරේ පැවැත්වීමට නියමිත කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය රටවල් පහක සත්කාරකත්වය (කැරිබියන් දූපත් සමූහයේ) යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය වසරේ පැවති තරගාවලිය රටවල් හතරක සත්කාරකත්වය යටතේ පැවැත්වූ අතර පසුගිය වසරේ තරග නොපැවැත්වූ Barbados හී ද මෙවර තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් Jamaica Tallawahs ක්‍රීඩකයින් St. Lucia Kings කණ්ඩායම සමඟ St. Lucia හී තරග වැදීමට නියමිත අතර එයින් පසු තරග අනෙක් සත්කාරක ස්ථාන වෙත ගෙන යෑමට නියමිතයි.

එක් සත්කාරක ස්ථානයක තරග හයක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර Trinidad & Tobago හී තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය තවමත් තීරණය කර නැහැ. එමෙන්ම මෙවර ද Jamaica තුළ කිසිම තරගයක් පැවැත්වෙන්නේ නැහැ.

St. Lucia හී Daren Sammy ක්‍රීඩාංගණයේ අගෝස්තු 16 සිට 20 දක්වා තරග පැවැත්වීමට නියමිත අතර එම ක්‍රීඩාංගණයේ සත්කාරකත්වය දරන St. Lucia Kings ක්‍රීඩකයින් පළමු තරග හයෙන් පහක් ක්‍රීඩා කරනවා.

අගෝස්තු 23 සිට 27 දක්වා St. Kitts & Nevis හී තරගාවලියේ අනෙක් අදියර පැවැත්වීමට නියමිත අතර අයින් පසු අගෝස්තු 30 සිට සැප්තැම්බර් 03 දක්වා තරග පැවැත්වෙන්නේ Barbados හී Kensington Oval ක්‍රීඩාංගණයේ දීයි. Barbados හී CPL තරගයක් පැවැත්වෙන්නේ 2019 වසරින් පසු වීම විශේෂත්වයක්.

Trinidad & Tobago කේන්ද්‍ර කරගනිමින් සැප්තැම්බර් 05 සිට 10 දක්වා තරග පැවැත්වීමෙන් අනතුරුව මූලික වටයේ අවසන් තරග සහ අවසන් වටයේ තරග සියල්ල Guyana ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

“අපි ඉතාම සතුටින් කියන්න කැමතියි මෙවර තරගාවලිය රටවල් පහක් කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා කියලා. CPL කියන්නේ ලොව පුරා රසිකයින්ට ඉහළ මට්ටමේ ක්‍රීඩාවක් විඳ ගන්න ලැබෙන තරගාවලියක්. ඒ වගේම කැරිබියන් ක්‍රීඩකයින්ට සිය දස්කම් ප්‍රදර්ශනය කරන්න මේ තරගාවලියක් ගොඩක් උපකාරී වෙනවා,” යැයි තරගාවලි සංවිධායක Pete Russell ප්‍රකාශ කළා.

එමෙන්ම  CPL තරගාවලිය එංගලන්තයේ පැවැත්වෙන the Hundred තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ පැවැත්වෙන තෙවැනි අවස්ථාව මෙය වන අතර the Hundred තරගාවලිය අගෝස්තු 11 සිට 27 දක්වා පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලිය සහ CPL තරගාවලිය යන තරගාවලි ද්විත්වයම ක්‍රීඩා කරන එකම කොදෙව් ක්‍රීඩකයා Sunil Narine වන අතර ඔහු CPL තරගාවලියට එක් වීමට පෙර Hundred තරගාවලියේ තරග පහක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන විස්සයි විස්ස ලීග් තරග පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<