ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු තනතුර සජීව වීරකෝන්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2021

158

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සජීව වීරකෝන් එළඹෙන බංග්ලාදේශ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන බව වාර්තා වනවා. ඔහු මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණු සැසි කිහිපයක් පවත්වා තිබෙනවා.

43 හැවරිදි වමතින් දඟපන්දු යවන වීරකෝන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග දෙකක් ක්‍රීඩා කළා. ඔහු පළමු පෙළ තරග 192කට ක්‍රීඩා කරමින් කඩුලු 816ක් දවාගෙන තිබෙන්නේ 22.01ක කඩුලු දවාගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙනයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

2018 වසරේ දී අව්සන් වරට ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කළ ඔහු දඟපන්දු පුහුණුකරුවෙක් ලෙස කණ්ඩායම් කිහිපයක් වෙතම සිය දායකත්වය ලබාදී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් අංශය (Sri Lanka Cricket’s High Performance Centre) සඳහා දැක්වූ දායකත්වයට අමතරවයි. 

ICC පිරිමි ලෝක කුසලාන සුපර් ලීගයේ එක්දින තරග තුනකින් සමන්විත මේ බංග්ලාදේශ – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය මේ මස 23 වැනිදා ඩකා හිදී ආරම්භ වෙනවා. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) දිවයිනෙන් පිටව යාමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<