Aakash Chopra කියන ලංකාවට එන ඉන්දීය සංචිතය

220

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූලි මාසයේ දී සීමිත පන්දුවාර තරග හයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.  

කෙසේ වෙතත් මේ කාලසීමාවේ දී ම ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින් එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගී වීමට ද නියමිතයි. එම නිසා ශ්‍රී ලංකා සංචාරයට යොවුන් ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ඉන්දීය සංචිතයක් සහභාගී වනු ඇති බව ප්‍රකට ඉන්දීය ක්‍රිකට් විචාරකයෙකු මෙන්ම හිටපු ආරම්භක පිතිකරුවෙකු ද වන Aakash Chopra පවසා සිටිනවා.

ඉන්දීය ආරම්භක පිතිකරු Shikhar Dhawan නායකයා ලෙස නම් කරමින් Aakash Chopra ශ්‍රී ලංකා සංචාරයට තමන්ගේ ඉන්දීය සංචිතය තෝරා තිබුණා. ඔහු Prithvi Shaw කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරුවා ලෙස තෝරා තිබුණු අතර Shreyas Iyer ද සංචිතයට ඇතුළු කර තිබුණා. 

“Shikhar Dhawan තමයි නායකයා වෙන්නේ. මොකද අපි දැක්කා පසුගිය වසර දෙකේම ඔහු බොහොම වගකීම් සහිත විදියට පිතිකරණයේ යෙදෙනවා. ඔහුත් සමඟ මම Prithvi Shaw තෝරා ගන්නවා” Chopra YouTube වීඩියෝවක් ඔස්සේ පවසා තිබුණා. 

“ඉන්පසුව මම Shreyas Iyer තෝරා ගන්නවා. ඔහු කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා කතාවක් තිබෙනවා. නමුත් මම හිතන්නේ ඔහු මේ තරග හය ක්‍රීඩා කරනවා නම් හොඳයි. Mumbai Indians කණ්ඩායමෙන් අතරමඟ දී ඉවතට ගිය Ishan Kishan සහ Suryakumar Yadav ද මම තෝරා ගන්නවා.”

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“Hardik Pandya මගේ උපනායකයා වෙන්න පුළුවන්. ඉන්පසුව Krunal Pandyaව මම තෝරා ගන්නවා. ඔහු එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලියේ දී හොඳින් ක්‍රීඩා කළා.”

Deepak Chahar, Bhuvneshwar Kumar, Navdeep Saini සහ Chopra නම් කළ කණ්ඩායමේ ඉදිරිපෙළ වේගපන්දු යවන්නන්. Yuzvendra Chahal, Rahul Chahar සහ Varun Chakravarthy ඔහු නම් කළ දඟපන්දු යවන්නන්.

“T Natarajanගේ ආබාධය පිළිබඳව තාම සැකයක් තිබෙනවා. ඔහු සුවෙන් නම් ඔහු අනිවාර්යයෙන්ම කණ්ඩායමේ සිටිනවා. මම Prasidh Krishna ද මගේ කණ්ඩායමට ඇතුළත් කරනවා.” 

“Sanju Samson සහ Deepak Hooda යන දෙන්නාවම මම කණ්ඩායමේ රඳවා ගන්නවා. Sanju Samson හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා. ඔහු ශතකයක් පවා වාර්තා කළා. Deepak Hooda පෙන්වා සිටියා නොම්මර 6 හෝ 7 ස්ථානයේ වේගවත්ව පන්දුවට පහර දෙන්න පුළුවන් කියලා.”

ශ්‍රී ලංකා සංචාරයට නම් කළ Aakash Chopraගේ කණ්ඩායම – Shikhar Dhawan (නායක), Prithvi Shaw, Shreyas Iyer, Suryakumar Yadav, Ishan Kishan, Hardik Pandya (උපනායක), Krunal Pandya, Yuzvendra Chahal, Deepak Chahar, Bhuvneshwar Kumar, Navdeep Saini, T Natarajan, Rahul Chahar, Varun Chakravarthy, Sanju Samson, Deepak Hooda, Prasidh Krishna.

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<