පැතුම් නිශ්ශංක පළමු පෙළ මංගල ද්විත්ව ශතකය රැස් කරයි

1160

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ පෙර දිනයේ පෑ දක්ෂතාවන් තව දුරටත් පවත්වාගෙන ගිය එන්. සී. සී. කණ්ඩායමේ පැතුම් නිශ්ශංක අද (21) සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් විය.

මේ අතර අද දවසේ කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ ඔසඳ ප්‍රනාන්දු (147), කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ අවිශ්ක ප්‍රනාන්දු (101), ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායමේ රමේෂ් නිමන්ත (120) සහ රුවිඳු ගුණසේකර (105) ද ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ.

නායකයින් තිදෙනක් ශතක අතරට ගිය අපූරු දිනය

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න්…

එන්. සී. සී. සහ යුද හමුදාව අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී සත්කාරක ඉනිම අතරමග නතර කරන විට පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 206ක් ලබා සිටියේ ය. ඔහුගේ ද්විත්ව ශතකය අභිබවා ගිය ඉනිම වෙනුවෙන් පන්දු 247ක් වැය වූ හතරේ පහර 26ක් එම ඉනිමට ඇතුලත් විය.

එන්. සී. සී. ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 500ක් ආ සැණින් සෑහීමකට පත්ව නතර කරන විට මහේල උඩවත්ත ද පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා සිටියේ ය. පැතුම් සහ උඩවත්ත අතර 6 වැනි කඩුල්ලට එක්වූ නොදැවුණ ලකුණු සබඳතාව 97කි.

කඩුලු ලබා ගැනීමේ දී මල්ක මධුශංක ලකුණු 166කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් ලක්ෂාන් එදිරිසිංහ සහ දුෂාන් විමුක්ති අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ.

පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

එන්. සී. සී.; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 500 (96.2) උපුල් තරංග 53, පැතුම් නිශ්ශංක නොදැවී 206, ඇන්ජලෝ පෙරේරා 59, චතුරංග ද සිල්වා 102, මහේල උඩවත්ත නොදැවී 61, මල්ක මධුශංක 2/116

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 199 (78) ලක්ෂාන් එදිරිසිංහ 84, දුශාන් විමුක්ති 71, චතුරංග ද සිල්වා 2/17


ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ රාගම අතර තරගය

මුවර්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන වරාය අධිකාරිය කණ්ඩායම දිනය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 268ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වීම කැපී පෙණුණි.

Photos: Ragama CC Vs. SLPA SC | Major League Tier A Tournament 2018/19

ඒ රමේෂ් නිමන්ත සහ රුවිඳු ගුණසේකර විසිනි. නිමන්ත පන්දු 237කට මුහුණ දී හතරේ පහර 19ක් සමඟින් ලකුණු 120ක් ලබා ගත්තේ ය. රුවිඳ ගුණසේකර ලබා ගත් ලකුණු ප්‍රමාණය 105කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 169කට මුහුණ දුන් අතර හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සඳහා සබඳතාව 202කි.

කඩුලු ලබා ගැනීමේ දී අමිල අපෝන්සු සහ නිශාන් පීරිස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 268 (82) ප්‍රිමෝෂ් පෙරේරා 24, රමේෂ් නිමන්ත 120, රුවිඳු ගුණසේකර 105, අමිල අපෝන්සු 2/68, නිශාන් පීරිස් 2/86

“ටෙස්ට් තරගයට පෙර මම සංගක්කාරට ඇමතුමක් ගත්තා” – මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ක්‍රිකට් තරගය…


බදුරලිය සහ එස්. එස්. සී. අතර තරගය

කොළඹ එස් .එස්. සී. පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා බදුරලියට ක්‍රීඩකයන්ට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 227ක් ලබා සිටිය හ.

>>Photos: SSC v Badureliya CC | Major League Tier A Tournament 2018/19<<

එම ඉනිම වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩක සුබ්‍රමනියන් ආනන්ද් පන්දු 90කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක අලංකාර අසංක පන්දු 130කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේ ය.

ටටෙන්ඩා තායිබු ද ලකුණු 39ක් ලබා ගත්තේ ය. ඒ සඳහා ඔහු පන්දු 46කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ධම්මික ප්‍රසාද් සහ සචිත්‍ර සේනානායක කඩුලු 2ක් බැගින් ලබා ගත්හ.

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 227 (72.1) අලංකාර අසංක 41, නදීර නාවල 26, ටනේඩා තායිබු 39, සුබ්‍රමනියම් ආනන්ද් නොදැවී 58, කෝසල කුලසේකර 21, රාජකරුණා නොදැවී 20, ධම්මික ප්‍රසාද් 2/30, සචිත්‍ර සේනානායක 2/62


කෝල්ට්ස් සහ මීගමුව අතර තරගය

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පිටියේ දී පැවැත්වෙන මෙම තරයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 243ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ශතකයක් ලබා ගත්තේ ය.

පන්දු 144කට මුහුණ දුන් ඔහු හතරේ පහර 18ක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ඔහුට සහයෝගය දැක්වූවේ විශාද් රන්දික ය. ඔහු ලකුණු 40ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 85කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව රොෂේන් ප්‍රනාන්දු සහ සංදේශ් පතිරණ කඩුලු 2 බැගින් දවා ගත්හ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 283 (69.4) කුසල් පෙරේරා 23, අවිශ්ක ප්‍රනාන්දු 101, විශාද් රන්දික 40, ජෙහාන් ඩැනියෙල් 23, රොෂේන් ප්‍රනාන්දු 2/29, උපුල් ඉන්ද්‍රසිරි 4/85, සංදේශ් පතිරණ 2/28

අකිලගෙන් ආයිත් වැඩක් වේවි ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින් මෑතක දී විශ්වාසයක් ගොඩ නගා ගත් එකම ක්‍රීඩකයා…


හලාවත මේරියන්ස් සහ මුවර්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන මේරියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 289ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් ඔසඳ ප්‍රනාන්දු පන්දු 166කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 147ක් ලබා ගනිමින් දවසේ කැපී පෙණෙන පිතිකරු විය.

>>Photos: Chilaw MCC v Moors SC – Major League Tier A Tournament 2018/19<<

ඊට අමතරව ආරම්භක පිතිකරු යසෝද ලංකා ද ලකුණු 54ක් ලබා ගත්තේ ය. ඒ වෙනුවෙන් ඔහු පන්දු 76කට මුහුණ දුන් අතර හතරේ පහර 8ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

තරගය පළමු දිනයට නතර කරන විට දකුණතින් පිට දඟපන්දු යවන තරිඳු කෞෂාල් ලකුණු 96කට කඩුලු 4ක් දවා ගෙන සිටියේ ය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 289 (66) යසෝද ලංකා 54, ඔසඳ ප්‍රනාන්දු 147, රාකේෂ් පානික්කර් 27, තරිඳු කෞෂාල් 4/96

මෙම සියලු තරග හෙට (22) දිනයේත් ක්‍රියාත්මක වේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<