විශිෂ්ටයෙකුගේ අඩුව පුරවන්න සචිත් පතිරණ

663
Sachith Pathirana instead of TM Dilshan report

පසුගිය ඉරිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදි පැවැත්වූ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තෙවන එක්දින තරඟයෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර පිටියට සමුදුන් තිලකරත්න ඩිල්ශාන් වෙනුවට සචිත් පතිරණ කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා පිත්තට සිම්බාබ්වේ මවිත වෙයි

අවුරුදු 27ක් වන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සචිත් පතිරණ දැනට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් තරඟ 3ක් ක්‍රීඩා කර ඇති අතර එම තරඟ 3 තුළ ලකුණු 66ක් ලබාගැනීමට සමත්ව ඇත. ඔහුගේ එක්දින ජාත්‍යන්තර පිටියේදී දළ ලකුණු ලබාගැනීම් වේගය ලකුණු 22ක් පමණ අගයක පවතියි. පතිරණ දැනට ජාත්‍යන්තර පිටිය තුළ 4 පහරවල් 5ක් හා 6 පහරවල් 2ක් එල්ල කර ඇති අතර එක් උඩ පන්දුවක් පමණක් රැකගැනීමට සමත්ව ඇත.

සචිත් පතිරණ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2015 ජුලි මස 22 වන දින පාකිස්තානු කණ්ඩායමට එදිරිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගංනයේදි පැවැති තරඟයකටයි.

තවද තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කල අතර බොහෝ විට හෙට (31) පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ දී කුසල් ජනිත් හා ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවන් ලෙස තම වගකීම ඉටුකරනු ඇත. සචිත් පතිරණ මැදපෙළ පිතිකරුවෙකු ලෙස ආදේශ කරනු අැත.

කෙසේ වෙතත් තම ක්‍රිකට් ජීවිතයට ආයුබෝවන් කියූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ තිලකරත්න ඩිල්ශාන් වෙනුවට සචිත් පතිරණ ශ්‍රී ලංකා සංචිතය සඳහා කැදවා ඇති නිසා පතිරණට තුන් ඉරියව්වෙන්ම දස්කම් පාමින් තිලකරත්න ඩිල්ශාන් ගේ අඩුව සාර්ථකව පිරවීමේ වගකීම ඔහුගේ හිස මත පැටවී ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට