සොලිඩ් හි අෆීස් තරඟ කිරීමට අයෝග්‍යයි; ගුවන් හමුදාවට ජය හිමිවේ

417
Solid SC's Afis Olayemi (L) in action against Air Force SC

සොලිඩ් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක අෆීස් ඔලයෙමි අවලංගු වීසා බල පත්‍රයක් අතැතිව ක්‍රීඩා කිරීම හේතුවෙන්, තරඟ කමිටුව මුල් තීරණය අවලංගු කරමින් තරඟයේ ජය ගුවන් හමුදා පාපන්දු කණ්ඩායමට පිරිණමන ලදී.

පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනා එෆ්. කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන තරඟාවලියට පෙර තරඟවාරය ඒකල ගුවන් හමුදා පිටියේදී ඉකුත් මැයි 8වෙනිදා පැවත්විනි. පළමු අර්ධයේදි ගෝලයක් පසුපසින් සිටි සොලිඩ් පාපන්දු කණ්ඩායම, දෙවැනි අර්ධයේදී එඩිසන් ෆිගුරාඩෝ සහ තක්ශිල ධනෝජ් විසින් ලබාගන්නා ලද ඉක්මන් ගෝල දෙක හේතුවෙන් එම තරඟවාරයේ ජය තහවුරු කරගත්තෝ ය.

කෙසේ නමුත්, තරඟවාරය අවසානයේ ගුවන් හමුදා නිළධාරීන් පාපන්දු සම්මේලනය හට ඉහත ක්‍රීඩකයාගේ ක්‍රීඩා කිරීමට ඇති යෝග්‍යතාව ප්‍රශ්න කරමින් විරෝධතාවක් ඉදිරිපත් කර සිටියේ ය.

මෙම විරෝධතාවය පිළිබඳ පරීක්ශණය ඊයේ (මැයි 10 වැනි දින ) සවස පැවැත්වුනු අතර, එහිදී අෆීස් ඔලයෙමි හට ඉකුත් තරඟවාරය සදහා සහභාගී වන විට වලංගු වීසා බලපත්‍රයක් නොතිබූ බව ඔප්පුවූ හෙයින්, ඔහු අයෝග්‍ය ක්‍රීඩකයෙක් බව තීරණය කරන ලදී.

ඉහත කරුණු හේතු කොටගෙන තරඟ කමිටුව ඒකමතිකව ඉකුත් තරඟවාරයේ ජය ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම හට පිරිණමන ලදී.

මැයි 15වැනි දින ගුවන් හමුදා කණ්ඩායම තම මීලඟ තරඟය වන අර්ධ අවසාන පූර්ව තරඟයට, තුරඟ තරඟ පිටියේදී යුධ හමුදා පිළ මුහුණ දීමට නියමිත ය‍.

තවත් පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න