රුසියාවේ එන්නත ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2021

134

සියලුම ආකෘතීන් අතරින් තෝරාගත් ක්‍රිකට් ක්‍රීඩකයින් 40 දෙනෙකු සඳහා, රුසියාවේ නිෂ්පාදනය කරන ලද COVID එන්නත වන Sputnik හි පළමු මාත්‍රාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

තෝරාගන්නා ලද ක්‍රීඩකයින් 40 දෙනාගෙන් 18 දෙනෙක් පසුගිය ඉරිදා (09) ඔවුන්ගේ ප්‍රථම මාත්‍රාව ලබා ගෙන තිබෙන අතර ඉතිරි සියලු දෙනාට මේ සතිය ඇතුළත එන්නත ලබා දීමට නියමිතයි.

එන්නත ලබා දීමට ප්‍රථම සියලුම ක්‍රීඩකයින් සඳහා ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. මෙම එන්නත්කරණ වැඩසටහන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර පැවැත්වීමට නියමිතව තිබුනත් පසුව එය කල් ගොස් තිබුණා.

බංග්ලාදේශය බලා පිටත් වීමට නියමිත 18 දෙදෙනෙකුගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (10) ජෛව ආරක්ෂිත වටපිටාවකට (Bio Bubble) ඇතුළු වූ අතර ඔවුන් සිය පුහුණු සැසි අද (11) කෙත්තාරාමයේ දී ආරම්භ කළා. 

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මේ මස 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත අතර ඔවුන් එහි දී බංග්ලාදේශ සමඟින් එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියේ කාලසටහන 

දිනය  තරගය  ක්‍රීඩාංගණය  වේලාව 
මැයි 21, 2021 එක්දින පුහුණු තරගය Intra-squad BKSP – SAVAR 9.30 AM
මැයි 23, 2021 පළමු එක්දින තරගය SBNCS, Dhaka දිවා රාත්‍රි
මැයි 25, 2021 දෙවැනි එක්දින තරගය SBNCS, Dhaka දිවා රාත්‍රි
මැයි 28, 2021 තෙවැනි එක්දින තරගය SBNCS, Dhaka දිවා රාත්‍

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<