ඕස්ට්‍රේලියානු සංචාරයටත් ප්‍රධාන පුහුණුකරු ධුරයේ වෙනසක් නෑ

1020
Rumesh Ratnayake

එළඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ද ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

නිමා වූ සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ද රුමේෂ් රත්නායක මහතා කටයුතු කළා.

සිම්බාබ්වේ තරගාවලියෙන් අනතුරුව ඔහුට කොරෝනා වයිරසය ආසාධනය වී තිබෙන අතර මේ වන විටත් ඔහු ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා.

එම තත්ත්වය මත ඔහුට කණ්ඩායම සමඟ පිටත්ව යෑමේ අවස්ථාව අහිමි වන නමුත් පෙබරවාරි 11 වැනිදා ආරම්භ වන පළමු තරගයට පෙර රත්නායක මහතා කණ්ඩායම සමඟ එකතු වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශන කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඒ මහතාව ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා පත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<