ගෙවුනු දවස ජුලි 12 – මහනුවර රග්බි කණ්ඩායමට තවත් දෙන්නෙක්

734

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

රග්බි –

රහුල් සහ පෙතියාගොඩ මහනුවරට

ත්‍රිත්ව විද්‍යාලීය දක්ෂ ක්‍රීඩකයෙකු සහ 20න් පහල ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකු වන රාහුල් කරුණාරත්න එළඹෙන ඩයලොග් රග්බි ලීග් තරගාවලියේදි මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරග වැදීමට තීරණය කර අැත.

එමෙන්ම පාසල් රග්බි පිටියේ දස්කම් දැක්වු තවත් දක්ෂ ක්‍රීඩයෙකු වනගේෂාන් පෙතියගොඩ ද මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග වදිනු අැත. ඔහු මේවර අ. පො. ස. උසස් පෙළ විභහගය සදහා පෙනි සිටින අතර ඉන්පසුව පුහුණුවීම් සදහා සම්බන්ධ වනු අැත.


ක්‍රිකට් –

බදුරලිය, මේරියන්ස් සහ සැරසන්ස් කණ්ඩායම් දිනුම්

වයස අවුරුදු 23 පහල අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් ඊයේ මග්ගොන සරේ ක්‍රීඩාංගණය, කටුනායක FTZ ක්‍රීඩා පිටිය සහ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණය යන ස්ථානවල පැවැත් විය.

එහිදි බදුරලිය ක්‍රිකට් සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර පැවති තරගයෙන් බදුරලිය කණ්ඩායමත් (ලකුණු 26කින්), හලාවත මේරියන්ස් සහ ලංකන් සමාජය අතර පැවති තරගයෙන් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයත් (කඩුළු 4කින්) සහ ගුවන් හමුදාව සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයෙන් සැරසන්ස් ක්‍රීඩා සමාජයත් (කඩුළු 3කින්) ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

බදුරලිය සමාජය – 180/9 (36): පැතුම් මදුශංක 34, මදුශංක රවිචන්ද්‍රකුමාර් 21, හරිත් සමරසිංහ 21.

ගාල්ල සමාජය – 154 (33.3): ඉෂාන් අකලංක 43, චතුර ලක්ෂාන් 34, චතුර ලියනගේ 3/22, හරිත් සමරසිංහ 2/30.

ලංකන් ක්‍රිකට් සමාජය – 220/8 (50): සංජුල අබේවික්‍රම 100*, සංජන සත්සර 41, චලන ද සිල්වා 3/36, රවීන් යසස් 2/33, කසුන් විදුර 2/44.

හාලවත මේරියන්ස් – 223/4 (42): රුක්ෂාන් ෆර්නැන්ඩො 89*, රිසිත් උපමාල් 50*, කසුන් විදුර 20, මාධව ෆර්නැන්ඩො 2/27.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 171/9 (36): තුෂාන් එරංද, අවිශ්ක රත්නායක 32, චානක දේවින්ද 3/12.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – 175/6 (34.3): ඉෂාන් නිලක්ෂ 86, දුෂාන් හේමන්ත 32*, දුලීප් තාරක 3/24.

සම්පූර්ණ ලිපිය සඳහා රැදි සිටින්න

දවසේ නිමාව