Home Sinhala හර්ෂිතාගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

හර්ෂිතාගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

3306
Sri Lanka Women's vs Malaysia Women's

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තවත් තරගයක දී සත්කාරක මැලේසියාව පරාජය කරන්නට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා.

මැලේසියාවේ Kuala Lumpur හි Kinrara Oval ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජය ගත්තේ ලකුණු 93කින්.

පෙර තරගයේ දී කෙන්යාවට එරෙහිව කඩුලු 9ක දැවැන්ත ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ තරගයට පිවිසුණේ ජයග්‍රාහි මානසිකත්වයෙන්. කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.

හර්ෂිතා මාධවීගේ සුපිරි ඉනිමේ සවියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 175ක් රැස් කරන්නට සමත් වුනා.

විෂ්මි රාජපක්ෂ හා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළා. විෂ්මි ලකුණු 10කට දැවී යද්දී චමරි පන්දු 17ක දී වේගවත් ලකුණු 30ක් රැස් කළා. චමරිගේ ඉනිමට දර්ශනීය හතරේ පහර 7ක් අන්තර්ගත වීම විශේෂත්වයක්.

ආරම්භක පිතිකාරිණියන්ගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම මදක් මන්දගාමී වූ අතර හසිනි පෙරේරා සමඟ එක්වූ හර්ෂිතා ශ්‍රී ලංකා ඉනිම තරමක් ස්ථාවර කළත්, හසිනිට වැඩි වෙලාවක් පිටියේ රැඳී සිටින්නට ප්‍රතිවාදී පන්දු යවන්නියන් ඉඩ ලබා දුන්නේ නැහැ.

හසිනි ලකුණු 12කට දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ පන්දුවාර 12.2ක දී කඩුලු 2කට ලකුණු 88ක් ලෙසයි.

අනතුරුව හර්ෂිතා සමඟ එක්වූ නිලක්ෂි සිල්වා තරගයේ අවසාන පන්දුවාර 7 දී ප්‍රතිවාදින්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කළා. හතරේ පහර 10කින් පිටිය වර්ණවත් කළ හර්ෂිතා පන්දු 42ක දී ලකුණු 65ක් රැස් කිරීම කැපී පෙනුණා.

ඇයට අනගි සහයක් ලබා දුන් නිලක්ෂිට අර්ධ ශතකය එක් ලකුණකින් මඟහැරී ගියා. නිලක්ෂි සිල්වා පන්දු 31ක දී ලකුණු 49ක් රැස් කළේ හතරේ පහර හතක් සමඟින්.

හර්ෂිතා හා නිලක්ෂිගේ ලකුණු 87ක නොබිඳුණු සබඳතාව නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 20 අවසානයේ දී දිස්වුණේ කඩුලු 3කට ලකුණු 175ක් ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියාවට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී රැස් කරගන්නට හැකි වුනේ ලකුණු 82ක් පමණයි. මැලේසියා පිතිකාරිණියන් අතරින් ලකුණු 10 සීමාව ඉක්මවා ගියේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පමණක් වීම විශේෂත්වයක්.

මැලේසියා කණ්ඩායමේ නායිකා Winifred Duraisingam නොදැවී පන්දුවට පහර දෙමින් පන්දු 54ක දී ලකුණු 42ක් රැස් කළා. ඇයගේ ඉනිමට හතරේ පහර හතරක් ඇතුළත් වුනා. Nur Natsya ලකුණු 10යි.

පන්දු යැවීමේ දී සුගන්ධිකා කුමාරි හා අනුරා රණසිංහ කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.  සුගන්ධිකා පන්දුවාර 4 ම ක්‍රියාත්මක කළේ එක් නිලකුණු පන්දුවාරයක් සමඟින් ලකුණු 12කට කඩුලු දෙකක් දවා ගනිමිනුයි. රණසිංහ ලකුණු 14කට කඩුලු දෙකක් බිඳ දැමුවා.

මැලේසියා කණ්ඩායමේ අවසන් කඩුලු තුනම දුවද්දී දැවී යාම් වීම විශේෂත්වයක්. චමරි දුවද්දී දැවී යාම් දෙකකට දායක වෙද්දී, නිලක්ෂි සිල්වා එක් දුවද්දී දැවී යාමකට දායක වුනා.


Result


Sri Lanka Women
175/3 (20)

Malaysia Women
82/7 (20)

Batsmen R B 4s 6s SR
Vishmi Rajapaksha c Mas Elysa Zulkifl b Winifred Duraisingam 9 10 1 0 90.00
Chamari Athapaththu c Mas Elysa Zulkifl b Nik Nur Atiela Nik Din 30 17 7 0 176.47
Hasini Perera lbw b N Abedul Samad 12 21 1 0 57.14
Harshitha Madavi not out 65 42 10 0 154.76
Nilakshi de Silva not out 49 31 7 0 158.06


Extras 10 (b 0 , lb 1 , nb 1, w 8, pen 0)
Total 175/3 (20 Overs, RR: 8.75)
Fall of Wickets 1-22 (2.4) Vishmi Rajapaksha, 2-40 (4.6) Chamari Athapaththu, 3-88 (12.2) Hasini Perera,

Bowling O M R W Econ
Winifred Duraisingam 4 0 30 1 7.50
Ainna Hamizah Hasim 1 0 13 0 13.00
Mas Elysa Zulkifl 4 0 30 0 7.50
Nik Nur Atiela Nik Din 2 0 21 1 10.50
Nur Dania Syuhada Abedul Samad 4 0 25 1 6.25
Arianna Natasya Benn Rakquidean 3 0 28 0 9.33
Wan Nor Zulaika Sofea Wan Mohd 2 0 27 0 13.50


Batsmen R B 4s 6s SR
Winifred Duraisingam not out 42 54 4 0 77.78
Wan Julia Wan Mhd Rosli b Sugandika Kumari 0 1 0 0 0.00
Mas Elysa Zulkifl c Ama Kanchana b Sugandika Kumari 4 5 1 0 80.00
Ainna Hamizah Hasim b Oshadi Ranasinghe 9 27 0 0 33.33
Arianna Natasya Benn Rakquidean c Sachini Nisansala b Oshadi Ranasinghe 10 15 1 0 66.67
Intan Jamahidayu Jaafar run out (Sachini Nisansala) 6 14 0 0 42.86
Wan Nor Zulaika Sofea Wan Mohd run out (Anushka Sanjeewani) 1 3 0 0 33.33
Dhanusri Muhunan run out (Chamari Athapaththu) 0 2 0 0 0.00
Shasa Azmi not out 0 0 0 0 0.00


Extras 10 (b 0 , lb 3 , nb 1, w 6, pen 0)
Total 82/7 (20 Overs, RR: 4.1)
Fall of Wickets 1-5 (1.1) Wan Julia Wan Mhd Rosli, 2-10 (1.6) Mas Elysa Zulkifl, 3-34 (9.5) Ainna Hamizah Hasim, 4-53 (13.4) Arianna Natasya Benn Rakquidean, 5-68 (17.4) Intan Jamahidayu Jaafar, 6-71 (18.6) Wan Nor Zulaika Sofea Wan Mohd, 7-78 (19.5) Dhanusri Muhunan,

Bowling O M R W Econ
Tharika Sewwandi 4 0 14 0 3.50
Sugandika Kumari 4 1 12 2 3.00
Ama Kanchana 4 0 25 0 6.25
Sachini Nisansala 4 0 14 0 3.50
Oshadi Ranasinghe 4 0 14 2 3.50



ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ එළඹෙන සඳුදා (24) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<