Home Sinhala තෝමසුවෝ සටන්කාමි තරගයකට මඟ විවර කරයි

තෝමසුවෝ සටන්කාමි තරගයකට මඟ විවර කරයි

108

ලොව පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය මෙන්ම 1879 වසරේ සිට මෙතෙක් නොකඩවා පැවැත්වූ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලෙසින් ලෝක ඉතිහාසයට එක් වූ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර අද (12) ආරම්භ වූ නිල් මහා සටනේ පළමු දින අවසන් විරාමය ගනිද්දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 272ක් ලබා සිටියහ.

මහා තරග අතර මහා තරගය – නිල් මහා සටන

මේ රාජකීය විදුහලේ පාසල් ගීතයේ එක් කොටසකි. එහි සරල අර්ථය පොත පතින්…….

141 වැනි වරටත් පැවැත්වෙන නිල් සටන මහා ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට රාජකීය නායක තෙවිඳු සේනාරත්න සහ සාන්ත තෝමස් නායක තෙවින් ඊරියගම තම ධජ සෙවනේ අද පෙරවරුවේ ක්‍රීඩා පිටියට මැදට පිවිසිය හ.

එස් .එස්. සී. තණතීරුවේ සිට ඉහළ නැගුණ කාසිය බිම පතිත වූයේ එහි වාසිය රාජකීයයන් සතු කරමිනි. ඒ අනුව ඔවුන් පන්දු රැකීම තෝරා ගත් අතර ප්‍රතිවාදී සාන්ත තෝමසුවන්ට පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන ලෙසින් ආරාධනා කෙරුණි. 

සාන්ත තෝමස් ඉනිම ආරම්භ කළේ ඩිල්මින් රත්නායක සහ ශලින් ද මෙල් ය. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් එක් කළහ. කවිඳු පතිරණගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඩිල්මින් රත්නායක පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේය. ඒ වෙද්දී ඔහු පන්දු 36කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟ ලකුණු 23ක් ලබා සිටියේය. 

Photos: Royal College vs S. Thomas’ College | 141st Battle of the Blues – Day 01

අනතුරුව පිටියට පිවිසි රවිඳු ද සිල්වා(6)ට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට රාජකීය පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත. ගිහාන් බාලසූරියගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක කවිඳු චතුරංග කඩුල්ල බිඳ දමමින් සාන්ත තෝමස් ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 56ක් බවට පත් කළහ. 

රාජකීයයෝ එසේ හිස ඔසවද්දී එය පන්දුවෙන් පන්දුව කල් දැමීමට ශලින් ද මෙල් සහ රයන් ප්‍රනාන්දු සමත් වූහ. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 100ක් එක් කළේ අර්ධ ශතක ඉනිම් ද වාර්තා කරමිනි.

සාන්ත තෝමස්වරුන් සතු පලිහ ගැනීමට රාජකීයන් සූදානමින්?

ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය හිමි…..

කෙසේ වෙතත් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් ශලින් ද මෙල් දැවී ගියේ පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 85ක් ලබා ගෙන සිටිය දී ය. ඔහුගේ කඩුල්ල දවා ගැනීමේ ගෞරවය දිනා ගැනීමට තෙවිඳු සෙනෙවිරත්න සමත් වූයේ කෞෂාන් කුලසූරිය ලබා ගත් උඩ පන්දුව හේතුවෙනි. 

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව අනෙක් අන්තයෙන් යැවුණ පළමු පන්දුවේ දී ම ක්‍රිශාන් මුණසිංහගේ ගමන ලකුණු නොලබාම නිමා කිරීමට  කමිල් මිෂාර සමත් විය. 

එම දැවී යෑමත් සමඟ නැවත වතාවක් රාජකීය පන්දු යවන්නෝ තරමක තේජාන්විත බවක් ඵල කළ ද සාන්ත තෝමසුවන්ගේ ශිෂ්‍ය කූඩාරම් දෙසින් නැගුණ ‘එකෙක් ගියත් තව එනවා’  තාලයට ඉනිමේ 5 වැනි කඩුල්ලේ දී ලකුණු පුවරුවට 200 කඩඉම පැමිණ වීමට රයන් ප්‍රනාන්දු සහ ගවින් බොතේජු සමත් වූහ. 

රයන් ප්‍රනාන්දු පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 70ක් ලබා සිටිය දී දසිස් මංචනායකගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට සාන්ත තෝමස් ලකුණු පුවරුව 208 නතර වී තිබුණි. 

දිනයේ දැවී ගිය අවසන් කඩුල්ල ලෙසින් උමයංග සුවාරිස් ක්‍රීඩා විවේකාගාරයට පිය නැගුවේ ලහිරු මධුශංකගේ පන්දුවකට කවිඳු පතිරත්න වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වෙද්දී ඔහු පන්දු 42කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියේය.

නවෝද් ශ්‍රී ලාංකීය චතුර් ශතක ලැයිස්තුව විවෘත කරයි

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලැබූ පළමු චතුර් ශතකය වාර්තා කිරීමට……

තරගය පළමු දිනයට අවසන් වන විට ගවින් බොතේජු සහ මනීෂ රූපසිංහ පිටියේ නොදැවී රැඳී සිටියහ. ඒ අතරින් ගවින් බොතේජු පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා ඉදිරියෙන් සිටින අතර මනීෂ රූපසිංහ පන්දු 41කට මුහුණ දී ලකුණු 11ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටී. 

සාන්ත තෝමස් ඉනිම පාලනය කිරීම සඳහා රාජකීය නායකයා පන්දු යවන්නෝ 7 දෙනෙක් යොදා ගත් අතර එහි දී කවිඳු පතිරත්න, ලහිරු මධුශංක, තෙවිඳු සෙනෙවිරත්න, ගිහාන් බාලසූරිය, කමිල් මිෂාර සහ දසිස් මංචනායක යන පන්දු යවන්නෝ 6 දෙනා කඩුල්ල බැගින් බෙදා ගත්හ. පන්දුවාර 13ක් යැවූ ප්‍රශාන් කල්හාරට පමණක් කඩුල්ලක් හිමි වූයේ නැත.

හෙට (13) තරගයේ දෙවැනි දිනයයි.

Result

Match drawn

Royal College
282/8 (104.3)

S. Thomas’ College
369/10 (128.2) & 127/5 (48)

Batsmen R B 4s 6s SR
Dilmin Rathnayake lbw b Kavindu Pathirathna 23 36 2 0 63.89
Shalin De Mel c Kaushan Kulasooriya b Thevindu Senarathna 85 135 7 2 62.96
R de Silva st Kavindu Madarasinghe b Gishan Balasuriya 6 9 1 0 66.67
Ryan Fernando lbw b Dasis Manchanayake 70 145 9 0 48.28
Kishan Munasinghe b Kamil Mishara 0 1 0 0 0.00
G Botheju run out () 54 176 1 0 30.68
U Suwaris c Kavindu Pathirathna b L Madusanka 21 42 2 0 50.00
Maneesha Perera Rupasinghe run out () 25 80 1 0 31.25
Yasiru Rodrigo lbw b Kavindu Pathirathna 5 4 1 0 125.00
Thevin Bimsara Eriyagama st b Kamil Mishara 47 91 4 0 51.65
Caniston not out 10 52 0 0 19.23


Extras 23 (b 15 , lb 2 , nb 1, w 5, pen 0)
Total 369/10 (128.2 Overs, RR: 2.88)
Fall of Wickets 1-49 (14.2) Dilmin Rathnayake, 2-56 (17.1) R de Silva, 3-156 (42.6) Shalin De Mel, 4-156 (43.1) Kishan Munasinghe, 5-208 (62.1) Ryan Fernando, 6-244 (74.4) U Suwaris, 7-294 (100.3) Maneesha Perera Rupasinghe, 8-301 (102.1) Yasiru Rodrigo, 9-310 (106.4) G Botheju, 10-369 (128.2) Thevin Bimsara Eriyagama,

Bowling O M R W Econ
Kavindu Pathirathna 32 6 85 1 2.66
L Madusanka 13.2 0 31 1 2.35
Thevindu Senarathna 14.4 1 52 1 3.61
Gishan Balasuriya 23.2 3 68 2 2.93
Prashan kalhara 16 4 34 0 2.12
Kamil Mishara 21 4 55 1 2.62
Dasis Manchanayake 8 0 27 1 3.38
Batsmen R B 4s 6s SR
Kaushan Kulasooriya c Shalin De Mel b Kishan Munasinghe 31 110 3 0 28.18
Kamil Mishara c Shalin De Mel b Kishan Munasinghe 32 106 2 0 30.19
Kavindu Madarasinghe c G Botheju b Thevin Bimsara Eriyagama 23 43 2 0 53.49
Ahan Wickramasinghe c Dilmin Rathnayake b Caniston 24 40 3 0 60.00
Isiwara Dissanayake lbw b Yasiru Rodrigo 42 118 4 0 35.59
Kavindu Pathirathna b U Suwaris 8 37 0 0 21.62
Thevindu Senarathna c Yasiru Rodrigo b U Suwaris 8 9 2 0 88.89
Dasis Manchanayake not out 53 103 6 0 51.46
L Madusanka c G Botheju b Yasiru Rodrigo 29 57 5 0 50.88
Prashan kalhara not out 5 9 0 0 55.56


Extras 27 (b 10 , lb 0 , nb 8, w 4, pen 5)
Total 282/8 (104.3 Overs, RR: 2.7)
Fall of Wickets 1-61 (32.3) Kaushan Kulasooriya, 2-81 (40.3) Kamil Mishara, 3-104 (45.1) Kavindu Madarasinghe, 4-123 (53.3) Ahan Wickramasinghe, 5-169 (68.5) Kavindu Pathirathna, 6-177 (72.2) Thevindu Senarathna, 7-201 (80.4) Isiwara Dissanayake, 8-268 (102) L Madusanka,

Bowling O M R W Econ
Yasiru Rodrigo 26 8 52 2 2.00
Caniston 15 3 35 1 2.33
Thevin Bimsara Eriyagama 13.3 4 44 1 3.31
Kishan Munasinghe 19 6 38 2 2.00
Dilmin Rathnayake 9 0 32 0 3.56
U Suwaris 18 4 55 2 3.06
Shalin De Mel 4 0 11 0 2.75


Batsmen R B 4s 6s SR
Dilmin Rathnayake st Kavindu Madarasinghe b Gishan Balasuriya 22 36 2 1 61.11
Shalin De Mel c L Madusanka b Kamil Mishara 5 23 0 0 21.74
R de Silva lbw b Gishan Balasuriya 4 9 0 0 44.44
Ryan Fernando c L Madusanka b Gishan Balasuriya 34 66 5 0 51.52
G Botheju not out 36 77 5 0 46.75
U Suwaris c Prashan kalhara b Gishan Balasuriya 5 18 1 0 27.78
Kishan Munasinghe not out 16 60 1 0 26.67


Extras 5 (b 2 , lb 2 , nb 1, w 0, pen 0)
Total 127/5 (48 Overs, RR: 2.65)
Fall of Wickets 1-26 (9.1) Shalin De Mel, 2-10 (10.4) Dilmin Rathnayake, 3-31 (12.1) R de Silva, 4-76 (28.2) Ryan Fernando, 5-83 (32.5) U Suwaris,

Bowling O M R W Econ
Kavindu Pathirathna 6 0 22 0 3.67
Kamil Mishara 13 2 23 1 1.77
Gishan Balasuriya 18 5 50 4 2.78
Prashan kalhara 3 0 7 0 2.33
L Madusanka 3 1 6 0 2.00
Dasis Manchanayake 4 1 11 0 2.75
Thevindu Senarathna 1 0 4 0 4.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<