සාන්ත තෝමස්වරුන් සතු පලිහ ගැනීමට රාජකීයන් සූදානමින්?

රාජකීය-සාන්ත තෝමස් නිල් මහා සටන 2020

100

ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය හිමි කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 141 වැනි නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය මෙම මස 12,13 සහ 14 යන තෙදින පුරාවට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේ දී පැවැත්වේ. 

ලොව දෙවන පැරණිතම මහා ක්‍රිකට් තරගයට ඩයලොග් ජවය

ලොව පැරණිතම මහා ක්‍රිකට් තරග අතරින් දෙවැනි ස්ථානය දිනා ගන්නා කොළඹ රාජකීය විද්‍යාලය සහ…

ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට එක්ව ඇත්තේ 1878 දී ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර දී ආරම්භ වූ සාන්ත පීතර සහ ප්‍රින්ස් ඇල්ෆර්ඩ් විදුහල අතර තරගය යි. එය එසේ වුවද 1879 වසරේ සිට ආරම්භ වූ මෙම නීල වර්ණ කඩුලු පන්දු ගැටුම ලොව මෙතෙක් නොකඩවා පවත්වනු ලැබූ එකම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට එක්ව ඇත. 

මෙම තරගය නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වේ. ඔහු ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 

මෙවර රාජකීය විද්‍යාල කණ්ඩායමේ නායකත්වය දරන්නේ මැදපෙළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තෙවිඳු සේනාරත්න විසින් වන අතර වේගපන්දු යවන ක්‍රීඩක තෙවින් ඊරියගම සාන්ත තෝමස් විද්‍යාලයේ නායකත්වය දරයි. 

කුසල් පෙරේරා ටෙස්ට් සංචිතයට

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා 1…

නිල් මහා සටන් ඉතිහාසයේ වාර්තා කිහිපයක් 

තරග ඉතිහාසයේ රාජකීය විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 2016 වර්ෂයේ දී ගීශාත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ වන අතර සාන්ත තෝමස් විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 2019 වර්ෂයේ දී ය. ඒ සඳහා සාන්ත තෝමස් විද්‍යාලය මෙහෙයවනු ලැබුවේ ඔවුන්ගේ වර්තමාන ප්‍රධාන ශිෂ්‍ය නායකයා වන සිතාර හපුහින්න යි. 

නිල් මහා සටන් ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණයේ හිමිකාරිත්වය රාජකීයයන් සතුවන අතර ඔවුන් 2006 දී කඩුලු 9කට ලකුණු 432ක් රැස්කර ගෙන ඇත. එකී වාර්තාව තෝමසුවන් ඉදිරියේ ලියැවෙන්නේ 2009 වසරේ දී කඩුලු 9ක් දැවී රැස් කරන ලද ලකුණු 411 යි. 

ක්‍රීඩකයෙකු රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව රාජකීය විද්‍යාලයේ සුමිත්‍ර වර්ණකුලසූරිය සතු වන්නේ 1980 දී ලකුණු 197ක් රැස් කිරීමට සමත් වීමත් සමඟ ය. තෝමසුවන් වෙනුවෙන් 1972 දී දුලිප් මෙන්ඩිස් විසින් රැස් කරන ලද ලකුණු 184 තවමත් වාර්තා පොත් අතර නිරුපද්‍රිතව තිබේ. 

කණ්ඩායම් දෙක අතරින් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සබඳතාව ලෙසින් සටහන් වෙන්නේ 1996 වසරේ දී රාජකීය විද්‍යාලයේ අනුෂ්ක පොළොන්නෝවිට සහ යසස් ධර්මරත්න විසින් තෙවැනි කඩුල්ලට වාර්තා කරන ලද ලකුණු 254යි. 

නිල් මහා සටන් ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ 1901 වසරේ දී රාජකීය විද්‍යාලයේ ඩී. ගුණසේකර විසින් ලකුණු 17කට දවා ගත් කඩුලු 8යි. සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් එකී දක්ෂතාව කර ඇත්තේ 1884 වසරේ දී එෆ්. තෝමස් විසිනි. ඒ ලකුණු 03කට දවා ගත් කඩුලු 7යි. 

නිමා වූ තරග ඉතිහාසයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සටහන්ව ඇත්තේ රාජකීය විද්‍යාලයේ රෝචන ජයවර්ධන ය. ඔහු 1983 වසරේ දී පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 145ක් රැස්කර ගනිමින් සහ පන්දු යැවීමේ දී ලකුණු 45කට කඩුලු 5ක් දවා ගනිමින් එම දක්ෂතාවය දක්වා ඇත. එය සාන්ත තෝමස් පිටු අතර ලියැවී ඇත්තේ එම්. ඕ. ගුණරත්න නමිනි. ඔහු 1935 වසරේ දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 107ක් වාර්තා කරමින් සහ පන්දු යැවීමේ දී ලකුණු 34කට කඩුලු 7ක් දවා ගැනීමට සමත්ව ඇත. 

අත්දැකීම් සමඟින් පුහුණු තරගය සමව නිමාවේ

සැක් ක්‍රොව්ලි හා ඔලී පොප් අර්ධ ශතක වාර්තා කරමින් ලකුණු අතරට පිවිසෙද්දී එංගලන්තය හා ශ්‍රී ලංකා…

සාන්ත තෝමස් විද්‍යාලය

සාන්ත තෝමසුවන් මෙවර නිල් මහා සටනට පිවිසෙන්නේ නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී සම්පූර්ණ ජයග්‍රහණ 4ක් දිනා ගනිමින් අපරාජිත කණ්ඩායමක් ලෙසයි. 

කණ්ඩායම  තරග ප්‍රතිඵලය 
සාන්ත අන්තෝනි විද්‍යාලය  ජය පරාජයෙන් තොරව අවසන්
ධර්මපාල විද්‍යාලය  ජය 
ධර්මරාජ විද්‍යාලය ජය පරාජයෙන් තොරව අවසන්
සාන්ත සර්වේසස් විද්‍යාලය ජය පරාජයෙන් තොරව අවසන්
මොරටු මහා විද්‍යාලය ජය පරාජයෙන් තොරව අවසන්
සාන්ත ආනා විද්‍යාලය ජය පරාජයෙන් තොරව අවසන්
ආනන්ද  විද්‍යාලය ජය 
වේල්ස් කුමර විද්‍යාලය ජය පරාජයෙන් තොරව අවසන්
යාපනය සාන්ත ජෝන් විද්‍යාලය ජය 
සාන්ත පීතර විද්‍යාලය ජය පරාජයෙන් තොරව අවසන්
සාන්ත ජෝසප් විද්‍යාලය  ජය පරාජයෙන් තොරව අවසන්
නාලන්දා විද්‍යාලය ජය පරාජයෙන් තොරව අවසන්
ධර්මාශෝක විද්‍යාලය ජය පරාජයෙන් තොරව අවසන්
සාන්ත බෙනඩික් විද්‍යාලය  ජය 
වෙස්ලි විද්‍යාලය   ජය පරාජයෙන් තොරව අවසන්
ත්‍රිත්ව විද්‍යාලය  ජය පරාජයෙන් තොරව අවසන්
ගුරුකුල විද්‍යාලය  ජය පරාජයෙන් තොරව අවසන්

සාන්ත තෝමස් පිතිකරණය සවිමත් කිරීම වෙනුවෙන් රයන් ප්‍රනාන්දු, මනීෂ රූපසිංහ සහ උමයංග සුවාරිස් ඉදිරියෙන්ම සිටින අතර පසුගිය වසරේ දී පැවති තරගයේ දී හොඳම පිතිකරුවා ලෙස සම්මාන දිනා ගත්තේ සුවාරිස්ය. දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභියා වූ රවිඳු ද සිල්වා ද සාන්ත තෝමස් පිතිකරණ බලඇණිය සවිමත් කිරීම වෙනුවෙන් අපේක්ෂාවෙන් සිටියි.

මෙම දක්ෂතා දැක්වීමට තෙවින් ඊරියගමගේ නායකත්වයෙන් යුත් සාන්ත තොමසුවන්ට බෙහෙවින්ම ඉවහල්ව ඇත්තේ වේගපන්දු යවන යසිරු රොද්‍රිගෝ සහ දඟපන්දු යවන දිල්මින් රත්නායක හේතුවෙනි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ද නියෝජනය කරන යසිරු රොද්‍රිගෝ මේ වන විට කඩුලු 40ක් දවා ගනිමින් ද, දිල්මින් කඩුලු 64ක් දවා ගනිමින් ද සිටියි. 

මහා තරගයට අපේක්ෂිත සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම: 

දිල්මින් රත්නායක, ශලින් ද මෙල්, රවිඳු ද සිල්වා, රයන් ප්‍රනාන්දු, කිෂාන් මුණසිංහ, උමයංග සුවාරිස්, මනීෂ රූපසිංහ, ගැවින් බොතේජු, තෙවින් ඊරියගම (නායක), යසිරු රොද්‍රිගෝ, කැනිස්ටන් ගුණරත්නම්.  

රාජකීය විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසට උසස් වීමක් හිමිකර ගත් රාජකීය විද්‍යාලය මෙවර තරගාවලිය තුළ පූර්ණ තරග 4ක් ජයග්‍රහණය කර ඇත. 

කණ්ඩායම  තරග ප්‍රතිඵලය 
සාන්ත ඇලෝසියස් විද්‍යාලය  ජය පරාජයෙන් තොරව අවසන්
ඉසිපතන විද්‍යාලය ජය 
සාන්ත සෙබස්තියන් විද්‍යාලය  ජය පරාජයෙන් තොරව අවසන්
රිච්මන්ඩ් විද්‍යාලය ජය පරාජයෙන් තොරව අවසන්
සාන්ත බෙනඩික් විද්‍යාලය  ජය පරාජයෙන් තොරව අවසන්
සාන්ත අන්තෝනි විද්‍යාලය  ජය 
මහින්ද විද්‍යාලය   ජය පරාජයෙන් තොරව අවසන්
සාන්ත ජෝසප් විද්‍යාලය  ජය පරාජයෙන් තොරව අවසන්
සාන්ත පීතර විද්‍යාලය ජය පරාජයෙන් තොරව අවසන්
ඩී. එස්. සේනානායක විද්‍යාලය    ජය පරාජයෙන් තොරව අවසන්
මාරිස් ස්ටෙලා විද්‍යාලය   ජය පරාජයෙන් තොරව අවසන්
ආනන්ද විද්‍යාලය ජය 
ද මැසනොඩ් විද්‍යාලය ජය 
වේල්ස් කුමර විද්‍යාලය ජය පරාජයෙන් තොරව අවසන්
වෙස්ලි විද්‍යාලය  ජය පරාජයෙන් තොරව අවසන්
ත්‍රිත්ව විද්‍යාලය     ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ කමිල් මිශාර සහ අහන් වික්‍රමසිංහ රාජකීය පිතිකරණය සතු ප්‍රබල පිතිකරුවන් දෙපලක් වන අතර, කවිඳු මදාරසිංහ සහ ඉසිවර දිසානායක මෙවර තරග වාරය තුළ ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසීමට සමත් වී ඇත. 

පන්දු යැවීමේ අංශය සලකා බැලීමේ දී ප්‍රශාන් කල්හාර සහ ගිශාන් බාලසූරිය යන දඟපන්දු යවන්නන් දෙදෙනාම කඩුලු 50 සීමාව ඉක්මවා කඩුලු දවා ගෙන තිබෙන අතර වේගපන්දු යවන්නන් බැලූ කළ කවිඳු පතිරත්න, ලහිරු මදුසංක සහ තෙවිඳු සේනාරත්න වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායමේ සමබරතාවය රැකගනු ඇත. 

මහා තරගයට අපේක්ෂිත රාජකීය විද්‍යාලයීය කණ්ඩායම: 

කෞශාන් කුලසූරිය, ඉසිවර දිසානායක, කමිල් මිශාර, කවිඳු මදාරසිංහ, අහන් වික්‍රමසිංහ, දසිස් මංචනායක, කවිඳු පතිරත්න, තෙවිඳු සේනාරත්න (නායක), ප්‍රශාන් කල්හාර, ගිශාන් බාලසූරිය, ලහිරු මධුසංක. 

141 වැනි වරටත් පැවැත්වෙන නිල් මහා සටන සහ මාර්තු මස 21 වැනිදා කොළඹ SSC පිටියේ දීම පැවැත්වෙන 45 වැනි එක්දින තරගය යන තරග දෙකම ඩයලොග් ටෙලිවිෂනය ඔස්සේ විකාශය කරනු ඇත. ThePapare.com ඒ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇති අතර My TV හරහා ද තරග සියල්ලම නැරඹීමට හැක. 

තරග වාර්තා, පෙර විමසුම්, පන්දුවෙන් පන්දුව යාවත්කාලීන වන ලකුණු පුවරුව, තරග ඡායාරූප ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න, සයිබර් අවකාශයේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<