රොශාන් මහානාම ස්වයං නිරෝධායනයක

278

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් තරග තීරක රොෂාන් මහානාම පසුගිය දා පාකිස්තාන් සුපර් ලීග් (PSL) තරගාවලිය සඳහා සහභාගි වූ අතර ඔහු පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන විට සති දෙකක් ස්වයං නිරෝධායනයකට භාජනය වීමට තීරණය කර ඇත. 

අතරමග නැවතුණු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි

පසුගිය වසරේ දෙසැම්බරයේ දී ලොව පුරා පැතිර යාම ආරම්භ කල නව කොරෝනා වයිරසය අද ….

53 හැවිරිදි ඔහු පාකිස්තානයේ පැවති පාකිස්තාන සුපර් ලීග් 2020 සංස්කරණය ට සහභාගි වූ අතර කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් එම ලීගය හදිසියේ අත්හිටුවන ලදි.

මෙම තරගාවලිය කල් දැමීමෙන් පසු රොෂාන් මහානාම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවට අනුව ඔහු නිවසේ දී හුදකලා වී නිරෝධායනයට ලක්වීමට තීරණය කර ඇත. 

මෙම හදිසි සෞඛ්‍ය අවස්ථාව හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර ඉන් අනතුරුව තරගාවලියේ කණ්ඩායම් අදියර තරඟ අවසන් වීමෙන් පසු මාර්තු 15 වන දින අත්හිටුවීමට එහි සංවිධායකයන් තීරණය කළේය. තරගාවලියේ අවසන් තරගය මාර්තු 22 වන දින ලාහෝර් හිදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය දින නියමයක් නොමැතිව කල් තබා ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<