අතරමග නැවතුණු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි

93

පසුගිය වසරේ දෙසැම්බරයේ දී ලොව පුරා පැතිර යාම ආරම්භ කල නව කොරෝනා වයිරසය අද වන විට ලොව පුරා රටවල් ගණනාවක පැතිර ඇත. එමෙන්ම එය කිසිවෙකුගෙන් තොරව ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අනෙකුත් සියලු ක්‍රීඩාවන්ට තාවකාලික තිතක් තැබීමට සමත්ව ඇත. 

එංගලන්තයට එරෙහි තරග දෙකේ ටෙස්ට් තරගමාලාව අඛණ්ඩව ඉදිරියට යනු ඇති බවත්, විකල්පයක් නොමැති නම් ප්‍රේක්ෂකයන්ගෙන් තොරව තරග සිදු වනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කළේය. 

නමුත් ඉන් පැය 24කටත් අඩු කාලයකට පසුව ඔවුන්ට සංචාරය අත්හිටුවීමට සිදු විය.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන මාලාව අනුව මෙම තරගාවලිය නැවත පැවැත්වීම පිළිබඳ සහතිකයක් ඔවුන් සතුව නැත.

කෙසේ වෙතත්, මෙම තරගාවලිය අවලංගු කිරීම එම තරගාවලිය මත දැඩි ලෙස යැපෙන ව්‍යාපාරවලට විශාල බලපෑමක් එල්ල කරනු ඇත. සංචාරක ක්‍රියාකරුවන්ගේ සිට කුලී රථ රියදුරන් දක්වා සියල්ලන්ටම එය දැනෙනු ඇත. ඒ ඔවුන් ගාල්ලේ සහ SSC හි ටෙස්ට් තරග නැරඹීම සඳහා පැමිණීමට නියමිත එංගලන්ත රසිකයන් 5000ක් පමණ මත දැඩි ලෙස රඳා සිටි බැවිනි.  

1996 ලෝක කුසලාන ජය අරවින්දගේ ඇසින්!

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස …

විශේෂයෙන් සංචාරක කර්මාන්තය පසුගිය වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව නැවත ගොඩනැගීමට මහත් පරිශ්‍රමයක් දැරූ අතර එහි දී මෙම එංගලන්ත තරග මාලාව දේව වරප්‍රසාදයක් ලෙස දැකගත හැකි විය. කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් අනතුරුව සංචාරක කර්මාන්තය දිගින් දිගටම බලපෑමට ලක්වන අතර ආර්ථිකය මුහුණ දෙන බලපෑම් බියජනක ය.

ක්‍රිකට් අර්ථයෙන් ගත් කල, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේට එරෙහිව මෑතක දී ලැබූ සාර්ථකත්වයෙන් පසුව, එංගලන්ත තරගාවලිය මිකී ආතර් කණ්ඩායම සමඟ කර ඇති කාර්යයන් පිළිබඳව යම් අවබෝධයක් ලබා දීමට නියමිතව තිබිණි. 

බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යනු ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටින කණ්ඩායම් වන අතර අපට වඩා ඉහළින් සිටින කණ්ඩායමකට එරෙහිව තරගාවලියක් ක්‍රීඩා කිරීමෙන් තම කණ්ඩායම කොතරම් හොඳ ද යන්න මැන බැලීමට සුදුසු අවස්ථාවක් විය. මීට මාස 15කට පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායම 3-0ක් ලෙස පරාජය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටියහ. 

ශ්‍රී ලංකාව සම්බන්ධ ක්‍රිකට් චාරිකා හදිසියේම අවසන් වීම අපට අලුත් දෙයක් නොවේ.  ආරක්ෂාව, ත්‍රස්තවාදය සහ ස්වාභාවික විපත් නිසා අත්හිටවූ සංචාරයන් කිහිපයක් පිළිබඳව කරන සොයාබැලීමකි මේ. 

1987 වසරේ නවසීලන්තයේ ශ්‍රී ලංකා සංචාරය

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට සතියකට පෙර නවසීලන්තය ශ්‍රී ලංකාවට පැමිණි අතර ආරම්භක ටෙස්ට් තරගය අප්‍රේල් 16 වැනිදා සිට කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. මෙම තරගය බ්‍රෙන්ඩන් කුරුප්පුගේ මංගල තරගයේ දී ම වාර්තා වූ ද්විත්ව ශතකය සඳහා ප්‍රසිද්ධය.  තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර ශ්‍රී ලංකාව නව තාරකාවක පැමිණීම සමරමින් සිටියේය.

තරගය අවසන් වී පැය කිහිපයකට පසු, කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අසල මෝටර් රථයක අටවා තිබූ කිලෝග්‍රෑම් 36ක බෝම්බයක් පුපුරා ගොස් 100කට අධික පිරිසක් මිය ගියේය. එම සිදුවීම නිසා නවසීලන්තය ආපසු සිය රට බලා පියාසර කළ අතර අස්ගිරියේ සහ SSC  ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ඊළඟ ටෙස්ට් තරග දෙක අතහැර දමන ලදි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් නැවත දිවයිනට පැමිණෙන තෙක් ශ්‍රී ලංකාවට තවත් වසර පහක් බලා සිටීමට සිදු විය. බ්‍රෙන්ඩන් කුරුප්පු නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ නැත. ඔහු ටෙස්ට් තරග 4කට පමණක් සහභාගි වූ අතර ලකුණු 53ක සාමාන්‍යයක් ලබා ගත්තේය.

1992 නවසීලන්තයේ ශ්‍රී ලංකා සංචාරය 

1992 වසරේ දී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු කමාන්ඩර්ගේ මෝටර් රථයට සිය යතුරුපැදිය පදවාගෙන යමින් ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් නාවික හමුදාපතිවරයා මිය ගියේය. ඒ හමුදාපතිවරයා ගාලු මුවදොර ටාජ් සමූද්‍රා හෝටලය අසලින් ගමන් කරමින් සිටිය දී ය. ඒ වන විට නවසීලන්ත කණ්ඩායම එම හෝටලයේ නැවතී සිටි අතර ඔවුන්ගේ ඇස් ඉදිරිපිට සිදු වූ දේ ගැන ඔවුන් කම්පනයට පත්විය.

එවකට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය නවසීලන්ත කණ්ඩායමෙන් ඉල්ලා සිටියේ ක්‍රිකට් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා දැඩි වෙහෙසක් දැරූ බැවින් සංචාරය අත් නොහරින ලෙසයි. මේ සම්බන්ධයෙන් කණ්ඩායම විසින් ඡන්ද විමසීමක් කරන ලද අතර මාක් ග්‍රේට්බැච්, දීපක් පටෙල්, ගේවින් ලාර්සන්, විලී වොට්සන් සහ රොඩ් ලතම් යන ක්‍රීඩකයින් පස්දෙනාට ආපසු සිය රට බලා යාමට අවශ්‍ය විය. පුහුණුකරු වොරන් ලීස් ද ක්‍රීඩකයන් සමඟ එක් විය.

මහා තරග අතර මහා තරගය – නිල් මහා සටන

මේ රාජකීය විදුහලේ පාසල් ගීතයේ එක් කොටසකි. එහි සරල අර්ථය පොත පතින් පමණක් නොව …

කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවෙකු වන කෙන් රදෆර්ඩ් 1987 දී ද සංචාරය සඳහා සහභාගි වී සිටියේය. ඔහුට මුලින් අවශ්‍ය වූයේ ආපසු සිය රට බලා යාමටය. එහෙත් ආරක්ෂක තත්ත්වය පිළිබඳව කරන ලද සාකච්ඡාවකින් පසු ඔහුගේ තීරණය වෙනස් විය.

“මගේ බිරිඳ, ඇය දැන් මගේ හිටපු බිරිඳයි; ඇය ඇත්ත වශයෙන්ම යෝජනා කළේ මම කොළඹට වී සිටින ලෙසයි. ඇය මා ගැන කොතරම් සිතුවා ද” යනුවෙන් රදර්ෆර්ඩ් සිය ස්වයං චරිතාපදානයේ ලියා ඇත. 

රදර්ෆර්ඩ් ශ්‍රී ලංකාවේ නැවතී සිටි අතර නවසීලන්තයෙන් ආදේශක ක්‍රීඩකයන් පැමිණියේය. නවසීලන්ත නායකයා වූ දිවංගත මාටින් ක්‍රෝ, සංචාරය දිගටම කරගෙන යාම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළේය.

2006 දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා සංචාරය 

එම තරගාවලියේ පැවති ටෙස්ට් තරග මාලාවේ දී දකුණු අප්‍රිකාව දැඩි ලෙස පරාජයට පත්වී සිටියහ. මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර කිසිදා නොබිඳිය හැකි ලෝක වාර්තාවක් සමඟින් ලකුණු 624ක් වාර්තා කළහ. 

සංචාරයේ එක්දින තරගාවලිය ආරම්භ වීමට ටික වේලාවකට පෙර කණ්ඩායම රැඳී සිටි හෝටලය අසල බෝම්බයක් පුපුරා ගියේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම භීතියට පත්ව ආපසු යාමට තීරණය කළේය.

සංචාරය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් ක්‍රියාමාර්ග තිබියදීත් (සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයින්ට පිරිනමන ක්‍රීඩකයන්ට ආරක්ෂාව ද ඇතුළත්ව) දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කළේ නැත. මේ සම්බන්ධයෙන් කෝපයට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ දුලීප් මෙන්ඩිස් ‘දකුණු අප්‍රිකාව බියේ පැන ගියා’ යැයි පැවසීය. 

2010 බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා තරග සංචාරය 

ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල් සංචාරයට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සම්බන්ධයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් මණ්ඩලය සමඟ විශාල බහින්බස් වීමක් ඇති කර ගෙන සිටියේය. 

ගාල්ල ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහර දුන් ඔහු ලකුණු 333ක් වාර්තා කිරීමට සමත් විය. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණවල ඇතිවූ ජලගැල්ම හේතුවෙන් සංචාරයේ සීමිත ඕවර තරග කල් දැමුණි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඒ පිළිබඳව පැමිණිලි කළේ නැත.

බැරියල් හා වීදි ක්‍රිකට්

ස්ථානය සුගතදාස ක්‍රීඩාංගණය අසල ඇති හරස් වීදියකි. මම මිතුරු සමාගමක් අපේක්ෂාවෙන් ඒ අසල පිහිටි ලයිට් කණුවකට බර දී එයට යාබදව තිබූ වීදියේ පැවැත්වෙමින් තිබුණු ක්‍රිකට් තරගය දෙස බලා සිටියෙමි. ” උඩින් ගාපං බං.. බැරි නම් බැඩ් එක දීල පලයං..”

2004 ශ්‍රී ලංකාවේ නවසීලන්ත සංචාරය 

2004 වසරේ ඇතිවූ සුනාමියෙන් පසු නවසීලන්ත සංචාරය අත්හැර දැමීමට ශ්‍රී ලංකාවට සිදු විය. එය දිගු සංචාරයක් වූ අතර බොක්සිං දිනයේ ඕක්ලන්ඩ් එක්දින තරගය ආරම්භ කිරීමෙන් පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක දරුණු ගංවතුර තත්ත්වයක් වාර්තා විය. මෙම ව්‍යසනය හේතුවෙන් බොහෝ වටිනා ජීවිත අහිමි වී ඇති බව ඉන් අනතුරුව වාර්තා විය. 

පීඩාවට පත් වූවන් අතර සනත් ජයසූරියගේ මව සහ මාර්වන් අතපත්තු ගේ පියා ද වූහ. එම ක්‍රීඩකයන් දෙදෙනාම සංචාරයේ යෙදී සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම සංචාරය දිගටම කරගෙන යාමට අවශ්‍ය වූ නමුත් ක්‍රීඩකයන් තරගාවලිය ක්‍රීඩා කිරීමට කැමති වූයේ නැත. 

බොහෝ සාකච්ඡා වලින් අනතුරුව සංචාරය කල් දැමීමට ක්‍රිකට් ආයතන එකඟ විය. ඊළඟ වසරේ දී ශ්‍රී ලාංකිකයන් අප්‍රේල් මාසයේ දී සංචාරයේ ටෙස්ට් අදියර සඳහා සහභාගි වූ අතර එක්දින තරග සඳහා දෙසැම්බර් මාසයේ දී ආපසු පැමිණියේය.

2009 ශ්‍රී ලංකාවේ පාකිස්තාන සංචාරය 

ඉස්ලාමාබාද් සහ නවදිල්ලිය අතර පැවති මතභේද හේතුවෙන් 2009 දී ඉන්දියාව පාකිස්තාන සංචාරය අවලංගු කිරීමෙන් පසුව, එම හිඩැස පිරවීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කරන ලදි.  

එක්දින තරගය ජනවාරි මාසයේ දී ක්‍රීඩා කළ අතර මහේල ජයවර්ධනගේ කණ්ඩායම මාර්තු මාසයේ දී ටෙස්ට් තරගයට නැවත පැමිණියේය.  ආරම්භක තරගය කරච්චි හිදී පැවති අතර විශාල ලකුණු ලබාගත් තරගයක් වූ එය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවය. සිවිල් නොසන්සුන්තාවක් හේතුවෙන් ලාහෝර් හි පැවති දෙවන තරගය කරච්චි වෙත ගෙන යන බවට කටකතා පැවතුණ ද නියමිත පරිදි තරගය දිගටම පැවතුනි.

තරගයේ තුන්වැනි දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් බස් රථය ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට සහ පුහුණු කාර්ය මණ්ඩලයට තුවාල සිදු විය.  ප්‍රහාරය සිදු වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාංගණයේ සිට මීටර් කිහිපයක් පිටතින් සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන් හමුදා කඳවුරකට ගෙන ගොස් ගුවන් ගත කිරීමට එරට රජය ක්‍රියා කළේය. පැය කිහිපයකට පසු කණ්ඩායම නැවත මෙරටට ගෙන ඒම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ගුවන් යානයක් යැවීමට කටයුතු කළේය.

TheIsland ඇසුරිනි 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<