යෝෂිත නැවත CH කණ්ඩායමට පැමිණෙයි?

95

ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරගයක් ලෙස පැවැත්වීමට නියමිත CH&FC කණ්ඩායම සහ Havelock ක්‍රීඩා සමාජය අතර තරගය සඳහා ආබාධයකට මුහුණ දී සිටින CH&FC කණ්ඩායමේ නායක යෝෂිත රාජපක්ෂගේ පැමිණීම අපේක්ෂා කරන බව CH&FC කණ්ඩායම පවසයි.

CH නායක යෝෂිත රාජපක්ෂට සැබවින්ම සිදු වූයේ කුමක්ද?

හිටපු ශ්‍රී ලංකා නායකයෙකු හා වත්මන් CH&FC ක්‍රීඩා සමාජයේ නායක යෝෂිත රාජපක්ෂ තමන් හිසේ …

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු වන යෝෂිත රාජපක්ෂ, ඩයලොග් රග්බි ලීගයේ පළමු වටයේ අවසන් තරගය ලෙස පොලිස් ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේ දී හකු අස්ථියේ/යටි හනුවේ ආබාධයකට ලක්විය. එම ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට එම තරගයෙන් ඉවත්වීමට සිදු වූ අතර පසුව වෛද්‍යවරුන් විසින් සති 4ක විවේකයක් නියම කරන ලදි.

මීට පෙර ඔහුගේ හිසෙහි ඇතිවුවායි වාර්තා වූ ආබාධය අසත්‍ය බව පසුව අනාවරණය විය.

Description – පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව යෝෂිත රාජපක්ෂ

පසුගිය සති අන්තයේ දී මහනුවර ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට CH&FC කණ්ඩායම සමත් වූ අතර තරගයෙන් අනතුරුව නායක රෝහිත රාජපක්ෂ මෙසේ තම අදහස් පැවසීය.

“මගේ සහෝදරයාට (යෝෂිත) අද තරගයේ ක්‍රීඩා කිරීමට නොලැබීම අවාසනාවන්ත සිදුවීමක්. නමුත් ඔහුගේ නායකත්වය භාරගෙන එයට වටිනාකමක් එකතු කළා කියා මං විශ්වාස කරනවා.”

තවදුරටත් අදහස් දැක්වූ රෝහිත රාජපක්ෂ තම සහෝදරයා (යෝෂිත) පිළිබඳව මෙසේ පැවසීය.

“ඊළඟ තරගයට ඔහු (යෝෂිත) ක්‍රීඩා කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. මං හිතන විදිහට Havelock කණ්ඩායමත් සමඟ තරගය පහසු වෙන එකක් නෑ.”

විදෙස් ක්‍රීඩකයින් නැවතත් කරළියට

මෙවර ඩයලොග් රග්බි ලීගය ආරම්භ කර සති 9කට පසු ලැබුණු අධිකරණ නියෝගය මඟින් විදේශීය…

CH&FC කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස යෝෂිත රාජපක්ෂ පසුගිය වසර දෙක තුළ තම කණ්ඩායමට විශාල මෙහෙවරක් කර ඇත. ඔහුගේ නැවත පැමිණීම Havelock ක්‍රීඩා සමාජය සමඟ පැවැත්වීමට නියමිත තරගයට විශාල බලපෑමක් ඇති කරනු නියතය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<