CH නායක යෝෂිත රාජපක්ෂට සැබවින්ම සිදු වූයේ කුමක්ද?

269

හිටපු ශ්‍රී ලංකා නායකයෙකු හා වත්මන් CH&FC ක්‍රීඩා සමාජයේ නායක යෝෂිත රාජපක්ෂ තමන් හිසේ දරුණු ආබාධයකට ලක්වී තමන්ගේ රග්බි දිවිය අවසාන යැයි විවිධ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරනවා.

CH&FCට ඕස්ට්‍රේලියාවෙන් රග්බි ක්‍රීඩකයෙක්

සති දෙකකට ආසන්න කාලයක නිහැඬියාව බිඳ දමමින් හෙට (04) යළිත් ජීවය ලබන ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් සැමගේ අවධානය…

33 හැවිරිදි යෝෂිත පොලිස් ක්‍රීඩා සමාජය සමඟ පැවැත්වුණු ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේ දී ආබාධයකට ලක්වි. CH&FC ක්‍රීඩා සමාජයේ කළමනාකාරිත්වයට අනුව ඔහුගේ මුඛයේ දත් ආශ්‍රිතව ඇතිවූ ව්‍යාකූලතාවක් හේතුවෙනුයි ඔහු රෝහල් ගත කර තිබෙන්නේ.

“පොලිස් ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේ දී ඔහුගේ දතක් ගැලවී වැටී තිබුණා, ඒ නිසයි ඔහු වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළේ”

“පුවත්පත් රැසක් හා සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ යෝෂිත හට හිසේ සැත්කමක් සිදු කර තිබෙන බවයි. නමුත් මම ඉතා නිවැරදිව කියා සිටිනවා ඒ තොරතුරු සියල්ල අසත්‍යයි” CH කණ්ඩායම ඉහළ පෙළේ නිලධාරියෙක් ThePapare.com හමුවේ අදහස් දක්වා පවසා තිබුණා.

කෙසේ වෙතත් යෝෂිත රාජපක්ෂ හට ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය අහිමි වීමට නියමිත අතර ඔහු සුපිරි වටයේ දී යළිත් කණ්ඩායමට එක්වනු ඇත.

2018-19 ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ පළමු වටය නිමා වෙද්දී CH&FC කණ්ඩායම සිටියේ සිව්වැනි ස්ථානයේ. තරගාවලියේ දෙවන වටය මේ සති අන්තයේ දී (4) ආරම්භ වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<