යාපනය වැඩිම ලකුණු වාර්තා කරද්දී අඩුම ලකුණු නැගෙනහිරින්

353
© www.moraspirit.com

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග පසුගිය සතියේ ආරම්භ වූ අතර එහි දෙවන සතියට අදාළ තරග 6ක් මෙම සතිඅන්තයේ පැවැත්විය. එහි දී කැළණිය, යාපනය, පේරාදෙණිය, අග්නිදිග, කොළඹ හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ජයග්‍රහණ වාර්තා කිරීම සමත් විය. තරග ක්‍රීඩාංගණ 6ක දී පැවැත්විය. 

කැළණි, පේරා, ජ’පුර, වයඹ, යාපනය සහ රජරටට ජයග්‍රහණ

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග පසුගිය…

කැළණිය විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය 

තරගය කැළණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. සබරගමුව කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් ලකුණු 162කට සීමා කිරීමට කැළණිය පන්දු ‍යවන්නන් සමත් විය. කැළණිය කණ්ඩායම එම ඉලක්කය කඩුලු 6ක් පමණක් දැවී පසුකරයමින් තරගය ජයග්‍රහණය කළේය. 

සබරගමුව විශ්වවිද්‍යාලය – 162/10 (පන්දුවාර 40.2)
කැළණිය විශ්වවිද්‍යාලය – 165/6 (පන්දුවාර 41.1) 

කැළණිය විශ්වවිද්‍යාලයට කඩුලු 4ක ජයග්‍රහණයක්. 


යාපනය විශ්වවිද්‍යාලය හා සෞන්දර්යය විශ්වවිද්‍යාලය

මාතර දික්වැල්ල විජිත ක්‍රීඩාංගණයේ දී පැවති සෞන්දර්ය හා යාපනය අතර තරගය සුවිශේෂී එකක් වූයේ යාපනය කණ්ඩායම මෙවර තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වීම නිසාවෙනි. 

ඔවුන් සෞන්දර්ය කණ්ඩායම හමුවේ ලකුණු 402ක් වාර්තා කළේ කඩුලු 7කටය. පිළිතුරු ලෙස සෞන්දර්ය කණ්ඩායම වාර්තා කළේ ලකුණු 118ක් පමණි. මෙම ජයග්‍රහණය යාපනය කණ්ඩායම ලබා ගත් දෙවන ජයග්‍රහණයයි. 

යාපනය විශ්වවිද්‍යාලය – 402/7 (පන්දුවාර 50)
සෞන්දර්ය විශ්වවිද්‍යාලය – 118/10 (පන්දුවාර 27.1)

යාපනය කණ්ඩායමට ලකුණු 284ක ජයග්‍රහණයක්. 


පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා රුහුණ විශ්වවිද්‍යාලය

මාතර දික්වැල්ල විජිත ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් රුහුණ විශ්වවිද්‍යාල කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 175ක් පමණි. 

එම ඉලක්කය කඩුලු 6ක් පමණක් දැවී ලබා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත් විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් නායක අරවින්ද දේශභක්ති පන්දු යැවීමේ දී ලකුණු 19කට කඩුලු 3ක් ද, පිත්තෙන් ලකුණු 89ක් ද වාර්තා කිරීමට සමත් විය.

රුහුණ විශ්වවිද්‍යාලය – 175/10 (පන්දුවාර 47.1)
පේරාදෙණිය විශ්වවිද්‍යාලය – 176/6 (පන්දුවාර 38.5)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කඩුලු 4ක ජයග්‍රහණයක්. 


මොරටුව විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලය

ප්‍රබල මොරටුව කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කිරීමට අග්නිදිග විශ්වවිද්‍යාල කණ්ඩායම සමත් වූ අතර පළමුව පන්දුවට පහර දුන් අග්නිදිග කණ්ඩායම ලබා ගත් ලකුණු 226ට පිළිතුරු ලෙස මොරටුව කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 197ක් පමණි. 

අග්නිදිග විශ්වවිද්‍යාලය – 226/7 (පන්දුවාර 50)
මොරටුව විශ්වවිද්‍යාලය – 197/10 (පන්දුවාර 44.2)

අග්නිදිග විශ්වවිද්‍යාලයට ලකුණු 29ක ජයග්‍රහණයක්. 


කොළඹ විශ්වවිද්‍යාලය හා ඌව විශ්වවිද්‍යාලය

කොළඹ විශ්වවිද්‍යාලය පළමුව පන්දුවට පහර දෙමින් ලබා ගත් ලකුණු 217 ට පිළිතුරු ලෙස ඌව කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 127ක් පමණි. එම පරාජය ඌව විශ්වවිද්‍යාලය තරගාවලිය තුල ලැබූ දෙවන පරාජයයි. 

කොළඹ විශ්වවිද්‍යාලය – 217/7 (පන්දුවාර 50)
ඌව විශ්වවිද්‍යාලය – 127/10 (පන්දුවාර 45)

කොළඹ විශ්වවිද්‍යාලයට ලකුණු 90ක ජයග්‍රහණයක්. 


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය 

මෙවර තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට නැගෙනහිර කණ්ඩායමට සිදු වූ අතර ඔවුන් ප්‍රබල ජයවර්ධනපුර පන්දු ‍යවන්නන් හමුවේ ලකුණු 67කට සීමා විය. 

නැගෙනහිර විශ්වවිද්‍යාලය – 67/10 (පන්දුවාර 20.5)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය – 68/0 (පන්දුවාර 7.3)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට කඩුලු 10ක ජයග්‍රහණයක්. 

විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ තවත් තරග 6ක් එළඹෙන අගෝස්තු 3 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

  • කැළණිය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර තරගය කැළණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී 
  • නැගෙනහිර විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය අතර තරගය නැගෙනහිර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී 
  • යාපනය විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර තරගය යාපනය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී 
  • රුහුණ විශ්වවිද්‍යාලය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය අතර තරගය මාතර විජිත ක්‍රීඩාංගණයේ දී 
  • මොරටුව විශ්වවිද්‍යාලය හා වයඹ විශ්වවිද්‍යාලය අතර තරගය මොරටුව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී 
  • කොළඹ විශ්වවිද්‍යාලය හා රජරට විශ්වවිද්‍යාලය අතර තරගය කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී 

එම සියලු තරග තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<