දිනෙත්ගේ ශතකය සාන්ත ජෝසප් විද්‍යාලය පරාජයෙන් ගලවා ගනියි

402
U19 Schools Cricket

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩයේ අද (7) පැවති තරග අතුරින් ඩී. එස්. සේනානායක විද්‍යාලය පමණක් පූර්ණ තරග ජයග්‍රහණයක් ලබන්නට තරම් වාසනාවන්ත වූ අතර මැසිනෝද් විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ ලැබූහ.

පසුගිය ලිපි: චරණගේ පන්දුවත්, ක්‍රිෂාන්ගේ පිත්තත් අද දිනය වර්ණවත් කරයි.

මලියදේව විද්‍යාලය සහ ද මැසිනොද් විද්‍යාලය අතර තරගය

මැසිනෝද් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගයේ දී සත්කාරක විදුහල නියෝජනය කරමින් ක්‍රිෂාන් සන්ජුල දියත් කළ සුපිරි පිතිහරඹය නිසාම මැසිනෝද් විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයක් හිමිවිය.

ඊයේ උදෑසන කාසියේ වාසිය දිනූ සත්කාරක ද මැසිනෝද් විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට මලියදේව විද්‍යාලයට ආරාධනා කලේය. ඒ අනුව ඔවුන් ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කල ලකුණු සංඛ්‍යාව 167කි. ධනංජය ප්‍රේමරත්න ලකුණු අර්ධ ශතකයක් වාර්තා කරද්දී රෝෂිත සෙනෙවිරත්න කඩුලු 5ක් බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ද මැසිනෝද් විද්‍යාලය ඊයේ දිනයේ නිමාව සනිටුහන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 232ක් රැස් කරගෙන සිටියහ. ඒ වනවිට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ක්‍රිෂාන් සන්ජුල ලකුණු 171ක් ලබා සිටි අතර අද දිනයේ එය ලකුණු 253ක දීර්ඝ ඉනිමක් බවට පත්කර ගනිමින් සුපිරි දස්කම් දැක්වීමට ඔහු සමත් විය. ඒ නිසාවෙන්ම ද මැසිනෝද් ඉනිම අවසන් වූයේ ලකුණු 322ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ සටහන් කරමිනි. පන්දු යැවීමේදී මලියදේව විද්‍යාලය වෙනුවෙන් දමිත සිල්වා කඩුලු 5ක් බිඳ හෙලන ලදි.

තරගයේ අවසානය සනිටුහන් වන විට තම දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි මලියදේව පිතිකරුවෝ කඩුලු 8ක් දැවී ලකුණු 210ක් ලබා සිටියහ.

මලියදේව විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 41.3) ධනංජය ප්‍රේමරත්න 51, දමිත සිල්වා 27, සුපුන් සුමනරත්න 26, දේශාන් ප්‍රනාන්දු 5/39, රෝෂිත සෙනෙවිරත්න 5/42.

ද මැසිනෝද් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 322 (පන්දුවාර 77) ක්‍රිෂාන් සන්ජුල 253, දමිත සිල්වා 5/92, ඩිල්ශාන් කොල්ලුරේ 2/17.

මලියදේව විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 210 (පන්දුවාර 70) දුලාජ් රණතුංග 47, ඩිල්ශාන් කොල්ලුරේ 28, පවිත්‍ර ලියනගේ 26*, දමිත සිල්වා 24.


සාන්ත ජෝසප් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුනු මෙම තරගයේ දී, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක චරණ නානායක්කාර දැක්වූ සුපිරි දස්කම් කැපී පෙනුනු අතර ඒ හේතුවෙන් ඔහු නියෝජනය කරන තර්ස්ටන් විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයක් හිමිවිය. නමුත් පූර්ණ තරග පරාජයක් කරා ඇදී ගිය මෙම තරගය ගෞරවාන්විතව අවසන් කර ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය කටයුතු කළ ආකාරය සැබැවින්ම ප්‍රශංසනීය විය.

කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝසප් නායකයා තමන්ට ආගන්තුක තර්ස්ටන් පිටියේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තෝරා ගත්තේය. නමුත් එහිදී සාන්ත ජෝසප් විද්‍යාලයට සියලු දෙනාම දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 23ක් පමණි. ජෝසප් විද්‍යාලයේ පිතිකරුවන් අන්ත අසරණ කළ චරණ නානායක්කාර ලකුණු 15කට කඩුලු 8ක් දවා ගනිමින් කලකට අමතක නොවන දක්ෂතාවක් ප්‍රකට කළේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල සත්කාරක තර්ස්ටන් විද්‍යාලීය පිතිකරුවෝ සිය විදුහල් ක්‍රීඩා පිටියේ වාසියෙන් උපරිම ඵල නෙලා ගනිමින් ලකුණු 227ක් වාර්තා කළේය. තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් යෙෂාන් වික්‍රමාරච්චි ලකුණු 69ක් වාර්තා කරද්දී ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියෙල් ලකුණු 81කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව තර්ස්ටන් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 204ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ සාන්ත ජෝසප් විද්‍යාලය ඒ වන විට සිටියේ පරාජයේ මරු කට වෙත ඇදී යමිනි. නමුත් එම ගමන වලක්වාලූ දිනෙත් මදුරාවල නොදැවී ලකුණු 144ක් රැස් කරමින් තම විද්‍යාලය පූර්ණ තරග පරාජයක අවමානයෙන් ගලවාගන්නට සමත් විය.

සිය ප්‍රථම ඉනිමට වඩා හාත්පසින්ම වෙනස් පිතිකරණයක නියැලුණු සාන්ත ජෝසප් විද්‍යාලය දිනය නිමාවන විට කඩුලු 9ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 315කි. එබැවින් ප්‍රථම ඉනිමේ පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ තර්ස්ටන් විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයකින් පමණක් සෑහීමකට පත්වන්නට සිදුවිය.

සාන්ත ජෝසප් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 23 (පන්දුවාර 13.5) චරණ නානායක්කාර 8/15.

තර්ස්ටන් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 227 (පන්දුවාර 46) යෙෂාන් වික්‍රමාරච්චි 69, නිපුන් ලක්ෂාන් 38, චරණ නානායක්කාර 20, ජෙහාන් ඩැනියෙල් 5/81.

සාන්ත ජෝසප් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 9ක් දැවී ලකුණු 315 (පන්දුවාර 120) දිනෙත් මදුරාවල 144*, ශෙවෝන් ෆොන්සේකා 44, පහන් පෙරේරා 42, ජෙහාන් ඩැනියෙල් 21, සඳරු ඩයස් 4/51, චරණ නානායක්කාර 3/76.


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය

මොරටුව සාන්ත සෙබස්තියන් ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ සත්කාරක සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙමින් ලකුණු 340ක් ලකුණු පුවරුවේ සටහන් කරන්නට සමත් විය. ඒ වෙනුවෙන් පදනම සකසා දුන් ඩර්බියන් ද බයිසර් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 129ක් රැස් කරද්දී තරූෂ ප්‍රනාන්දු ලකුණු 83ක් වාර්තා කළේය.

ඊයේ දිනය නිමාවන විට තම ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි රිච්මන්ඩ් පිතිකරුවෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 124ක් රැස් කරගෙන ස්ථාවර තත්වයක පසු වුවද අද දිනයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 220කට සීමා විය. එහිදී ධනංජය (70) සහ කමිඳු (59) අර්ධ ශතක රැස් කල අතර සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් තරූෂ සහ ප්‍රවීන් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

අසාර්ථක ප්‍රථම ඉනිම නිසාවෙන් දෙවන ඉනිම වෙනුවෙන් නැවතත් පන්දුවට පහර දෙන්නට සිදුවූ රිච්මන්ඩ් පිතිකරුවෝ දිනය නිමාවන විට කඩුලු 7ක් දැවී ලකුණු 262ක් ලබා සිටියහ. එහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක් රැස් කිරීමට සමත් වූ අතර ඉමේෂ් සහ ප්‍රවීන් කඩුලු 3 බැගින් දවාලූහ. ඒ අනුව මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය නමින් ලියැවිණි.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 340 (පන්දුවාර 60.1) ඩබියන් ද බයිසර් 129, තරූෂ ප්‍රනාන්දු 83, නුවනිඳු ප්‍රනාන්දු 31, සඳුන් මෙන්ඩිස් 3/117, කවීෂ අභිෂේක් 2/28.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 220 (පන්දුවාර 49.1) ධනන්ජය ලක්ෂාන් 70, කමිඳු මෙන්ඩිස් 59, කවීෂ අභිෂේක් 31, ආදිත්‍ය සිරිවර්ධන 22*, තරූෂ ප්‍රනාන්දු 3/41, ප්‍රවීන් ජයවික්‍රම 3/48, නුවනිඳු ප්‍රනාන්දු 2/44.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 7ක් දැවී ලකුණු 262 (පන්දුවාර 76) කමිඳු මෙන්ඩිස් 114, පසරු චාමිකර 48, තවීෂ අභිෂේක් 45, ධනන්ජය ලක්ෂාන් 21, ආදිත්‍ය සිරිවර්ධන 20*, ඉමේෂ් බණ්ඩාර 3/38, ප්‍රවීන් ජයවික්‍රම 3/86.


ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරගය 

අනුරාධපුර DCA පිටියේදී පැවති මෙම තරගයෙන් කඩුලු 9ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 306 (පන්දුවාර 52) ශශික ගමගේ 137*, විහාන් ගුණසේකර 51, ශෙෂාඩ් අමීන් 46, දසුන් හිමාෂ 25, මුදිත ලක්ෂාන් 24, මදුරංග සී චන්ද්‍රරත්න 2/108.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 134 (පන්දුවාර 47.2) ධනංජය තම්විට 35, මදුරංග සී චන්ද්‍රරත්න 24, මුදිත ලක්ෂාන් 3/22, දසුන් හිමාෂ 3/23.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 209 (පන්දුවාර 58.5) සඳරු මධුෂාන් 78, ධනංජය තම්විට 38, යසිත් සමරදිවාකර 3/63, මුදිත ලක්ෂාන් 3/59.

ඩී. එස්. සේනානායක විද්‍යාලය (දෙවන ඉනිම) එක් කඩුල්ලක් දැවී ලකුණු 40 (පන්දුවාර 5)


ඉසිපතන විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර තරගය

සාන්ත පීතර විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඉසිපතන විද්‍යාලය ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් ප්‍රථම ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 190කි. අයන සිරිවර්ධන ලකුණු 53ක් රැස් කල අතර මොහොමඩ් අමීන් කඩුලු 4ක් බිඳ හෙලන ලදී.

තරගයේ ප්‍රථම දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත පීතර විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 156ක් ලබා සිටිති.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 43.1) අයන සිරිවර්ධන 53, සංජුල අබේවික්‍රම 44, කලණ පෙරේරා 26, පැතුම් නිස්සංක 26, මොහොමඩ් අමීන් 4/37, චතුර ඔබේසේකර 3/53.

සාන්ත පීතර විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 156 (පන්දුවාර 49) මනෙල්ක ද සිල්වා 54, අනුෂ්ක පෙරේරා 50*, රන්මිත් ජයසේන 17*, ලක්ෂාන් රුද්‍රිගූ 33, අයන සිරිවර්ධන 2/33.


සාන්ත මරියා විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර තරගය

නාලන්දා විදුහල් ක්‍රීඩා පිටියේදී ප්‍රථම දිනයට පැවැත්වුනු මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සාන්ත මරියා විද්‍යාලය ලකුණු 126කට දැවී ගිය අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන නාලන්දා විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 260ක් ලබා සිටියි.

සාන්ත මරියා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 126 (පන්දුවාර 24.4) මාස් රහීම් 78, සුහඟ විජේවර්ධන 3/48, කලණ පෙරේරා 3/31, මදුෂාන් හසරංග 2/14, උමේක්ෂ දිල්ෂාන් 2/13.

නාලන්දා විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 260 (පන්දුවාර 62) දිල්හාර පොල්ගම්පල 81, මාලිංග අමරසිංහ 60, ලක්ෂිත රසාංජන 49*, සුහඟ විජේවර්ධන 33, ලසිත උදාගේ 2/59.


ආනන්ද විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර තරගය

වෙස්ලි විද්‍යාලයේදී පැවැත්වෙන මෙම තරගයේ ප්‍රථම දිනය නිමාවට පත්වන විට වෙස්ලි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 153ක් රැස් කරගෙන සිටියහ. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලය කඩුලු 4කට ලකුණු 377ක් ලබා සිටියදී ඉනිම අත් හිටුවන්නට තීරණය කළ අතර එහිදී සහන් සුරවීර ලකුණු 118ක් සහ ශම්මු අශාන් ලකුණු 106ක් රැස් කරන ලදී.

ආනන්ද විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 377 (පන්දුවාර 60.5) සහන් සුරවීර 118, ශම්මු අශාන් 106, දුශාන් හෙට්ටිගේ 89, අසේල් සිගේරා 51*, කවින්ද දිසානායක 2/107.

වෙස්ලි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 32.3) සකුන්තක ලියනගේ 52, ශමෝද් ඇතුලත්මුදලි 33, තිලිණ පෙරේරා 20, තිසුරක අක්මීමන 25, ශම්මු අශාන් 5/66, දිලීප ජයලත් 3/28.

තවත්  පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට