මධ්‍යස්ථ විනිසුරුවන් ගැන ICCයෙන් තීරණයක්

2227

ගෝලීයව ව්‍යාප්ත වුනු කොරෝනා වසංගතයත් සමඟ ඇති වූ වාතාවරණය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා තරග නිළධාරීන් පත් කිරීමේ දී හඳුන්වා දී තිබූ ක්‍රියාවලියේ සංශෝදනයක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.

ඩුබායි හීදී පසුගිය 10 වැනිදා නිමා වුනු ICC විධායක කමිටු හමුවේ දී මේ සඳහා අනුමැතිය හිමි වී තිබෙනවා. මේ වන විට කොරෝනා වසංගතයට අදාළව විවිධ රටවලින් පනවා ඇති සංචරණ සීමා බොහෝමයක් ලිහිල් කිරීම නිසා ICCය විසින් මේ තීරණය රැගෙන තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ටෙස්ට් තරග සඳහා මධ්‍යස්ථ විනිසුරුවන් (තරගය ක්‍රීඩා කරන රටවල් දෙකට අයත් නොමැති විනිසුරුවන් – Neutral umpires) පත් කිරීමට නැවතත් ICCය පියවර ගෙන තිබෙනවා. කෙසේ නමුත්, සීමිත පන්දුවාර තරග සඳහා තවදුරටත් තරග පැවැත්වෙන සත්කාරක රටේ විනිසුරුවන් යොදා ගැනීමට හැකියාව තිබෙනවා.

පැවති සංචරණ සීමා සහ නිරෝධායන ක්‍රියාවලීන් පිළිබඳ අවධානය යොමු කර 2020 වසරේ ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තරග පැවැත්වෙන සත්කාරක රටේ විනිසුරුවන් සහ තරග තීරකවරුන් පමණක් යොදා ගැනීමට ICCය කටයුතු කළා.

නමුත් පසුගිය පෙබරවාරි මාසය දක්වා සත්කාරක රටේ විනිසුරුවන් යොදා ගැනීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථකව හා ගැටලුවකින් තොරව සිදුව ඇති බවත්, එය තරග සඳහා අනවශ්‍ය බලපෑමක් සිදු කර නොමැති බවත් ICCය සඳහන් කර සිටිනවා.

ඒ අනුව 2022-23 තරග වාරය සඳහා තරග නිළධාරීන් පත් කිරීමේ දී ටෙස්ට් තරග සඳහා තරග තීරක හා පිටියේ එක් විනිසුරුවරයෙකු ලෙස මධ්‍යස්ථ තරග නිළධාරීන් ICC විසින් පත් කරනු ඇති අතර, අනෙක් පිටියේ විනිසුරු ලෙස ICC විසින් සත්කාරක රටේ විනිසුරුවරයෙක් නම් කරනු ඇත. එසේම තෙවැනි විනිසුරු වශයෙන් මධ්‍යස්ථ විනිසුරුවරයෙකු නම් කිරීම ICC වෙත පැවරෙනවා.

ඉදිරියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරග වෙනුවෙන් තරග නිළධාරීන් පත් කරනු ලබන ආකාරය මෙසේයි,

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<