කසුන් රාජිත නැවතත් ටෙස්ට් සංචිතයට!

111

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර ලබන මස 11  වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (29) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් විය. 

රාම්ප්‍රකාශ් බෑ කියයි; ශ්‍රී ලංකා ක්‍රිකට් ආතර්ගේ පිහිට පතයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරයට දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා පත්කිරීමේ….

තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වමත් ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න වෙත ලබා දී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායකයින් වන දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් ද මේ සංචිතය සඳහා ඇතුළත් කර තිබේ.  

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරග දෙකක් ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වෙන බව දැන් තහවුරු වී අවසන් අතර ඒ සඳහා දෙරටේම ක්‍රිකට් බලධාරීන් සිය අනුමැතිය පළ කර තිබේ. ඒ අනුව 2009 ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව පාකිස්තානයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙය ඉතිහාසයට එකතු වේ.

පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් මාසයේ දී පාකිස්තානයේ දී පැවති එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මේ තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය සඳහා තේරී පත්ව ඇත.

කාන්තාවන්ගේ සුපිරි පළාත් සටන අත ළඟම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන සීමිත පන්දුවාර කාන්තා සුපිරි පළාත් ක්‍රිකට්……

කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා හා නිරෝෂන් දික්වැල්ල යන ශ්‍රී ලංකා ටෙස්ට් මැදපෙළ පිතිකරුවන් සියලුම දෙන පාහේ මේ සංචිතය සඳහා ඇතුලත්ව තිබේ. නිමා වූ නවසීලන්ත තරගාවලියේ ඉනිම 4ක දී ලකුණු 24ක් පමණක් ලබා ගැනීමට සමත් වූ කුසල් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට තේරී පත් වීමේ දී යම් සටනක් නිර්මාණය වීමට වැඩි ඉඩක් තිබේ. 

දඟපන්දු යවන අංශය වෙත අවධානය යොමු කිරීමේ දී අත්දැකීම් බහුල ක්‍රීඩක දිල්රුවන් පෙරේරා මේ සංචිතයේ සිටින අතර අකිල දනංජය (තරග තහනමකට ලක්ව තිබෙන නිසා) නොමැති වීම ශ්‍රී ලංකාවට අවාසියකි. 

වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය හා ලක්ෂාන් සඳකැන් දිල්රුවන් පෙරේරාට අමතරව සංචිතයේ සිටින අනෙක් දඟපන්දු යවන්නන් වනු ඇත. 

2009 ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයේ දී එම බස් රථය තුල සිටි සුරංග ලක්මාල් ද මෙවර සංචිතයට ඇතුළත් අතර ඔහු සමඟ ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණිය සවිමත් කිරීම වෙනුවෙන් ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ පසුගිය දා නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කළ සංචිතයේ නොසිටි කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට තේරී පත්වී තිබේ.

අජන්ත මෙන්ඩිස්ගේ වාර්තාව චාහර් සොරා ගනී

දකුණතින් වේගපන්දු යවන ඉන්දීය ක්‍රීඩක දීපක් චාහල්ගේ වාර්තා ගත පන්දු යැවීම හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම….

නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව  ජය ගත් නමුත් දෙවන තරගය පරාජය වීම නිසා 1-1ක් ලෙස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව යටතේ දැනට ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් ක්‍රීඩා කර තිබෙන අතර ප්‍රසාද ලකුණු 60ක් දිනා ගනිමින් එහි තෙවැනි තැන දිනාගෙන සිටියි. 

– ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය –

දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා , ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත.

තරග කාල සටහන

  • පළමු ටෙස්ට් තරගය – දෙසැම්බර් 11 සිට 15 දක්වා – රාවල්පිණ්ඩි ක්‍රිකට් පිටිය, රාවල්පිණ්ඩි
  • දෙවන ටෙස්ට් තරගය – දෙසැම්බර් 19 සිට 23 දක්වා – ජාතික ක්‍රීඩාංගණය – කරච්චි

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

මේ සංචිතය ගැන ඔබේ අදහස පහළින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<