චමින්ද වාස්ට නව තනතුරක්

157

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන අවිශ්ක ගුණවර්ධන මහතා වෙනුවට ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් අද (14) දින  පත්කර ඇත.

“සැවොම වෙනුවෙන් නඩු මගට යන්න මම සූදානම්” – අවිශ්ක

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පසුගියදා (10) අවිශ්ක ගුණවර්ධන සහ නුවන් සොයිසා යන….

ඒ අනුව මේ වසරේ ජුනි මසදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චමින්ද වාස් මහතා වැඩ කටයුතු කරනු ඇත.

චමින්ද වාස් මෙම තනතුරට පත්වීමට පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක මණ්ඩලයට පළමු වතාවට කාන්තා මුහුණක්

ඉන්දියාවේ ජී. එස්. ලක්ෂ්මි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තරග තීරක විනිසුරු මණ්ඩලයට….

“මේක මගේ ජීවිතේ ලැබුණු ලොකු අභියෝගයක්. මම ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්. මම මෙතක් කල් ගොඩාක් වේලාවට වැඩ කළේ පන්දු යවන පුහුණුකරුවෙක් ලෙසයි. මම මේ තරුණ ක්‍රීඩකයින්ව ඔසවා තබන්න ගොඩාක් කැමතියි.” යැයි ThePapare.com වෙත අදහස් දැක්වූ වාස් පැවසීය.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නා ලෙස සැලකෙන චමින්ද වාස්, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 111කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කඩුලු 355ක් දවාගෙන ඇත. තවද ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 322කදී කඩුලු 400ක් දවා ගැනීමට සමත් වීමද සුවිශේෂී කරුණකි.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සිව්දින තරග දෙකකින් හා එක්දින ක්‍රිකට් තරග 5කින් සමන්විත වේ. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි මස 26 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<