රිචඩ්සන් වෙනුවට රිචඩ්සන් ඕස්ට්‍රේලියා සංචිතයට

176

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ජේ. රිචඩ්සන් ඔහුගේ වම් උරහිසේ ආබාධයක් හේතුවෙන් ලෝක කුසලානය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියා සංචිතයෙන් ඉවත් කර ඇත.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ජේ. රිචඩ්සන් සංචිතයෙන් ඉවත් කළ බවත්, ඔහු වෙනුවට කේන් රිචඩ්සන් කණ්ඩායමට කැඳවූ බවත් ය.

ප්‍රබල ක්‍රීඩකයෙක් සංචිතයෙන් ඉවතට

දකුණු අප්‍රිකාවට තවත් හිසරදයක් වෙමින් ලෝක කුසලානය සංචිතයේ වේගපන්දු බලඇණිය ශක්තිමත්….

රිචඩ්සන් 22 හැවිරිදි වියේ පසු වන අතර ඔහු එක්දින වරම් දිනා ගත්තේ 2018 වසරේ ජනවාරි මාසයේ දී ය. ඉන් වසරකට පසුව ටෙස්ට් වරම් දිනා ගැනීමට ද ඔහු සමත් විය. ඒ අනුව රිචඩ්සන් ඕස්ට්‍රේලියානු A කණ්ඩායම ලෝක කුසලානයෙන් අනතුරුව එංගලන්තයේ පැවැත්වෙන සංචාරය සඳහා එක්වනු ඇත.

“ඇත්තම කියනවා නම් ඒක බාරගන්න අමාරුයි. මොකද ලෝක කුසලාන හැමදාම එන්නේ නෑ. මම හිතුවේ මට පුළුවන් වෙයි කියලා සෙල්ලම් කරන්න. මම හිතාගෙන හිටියා මේක හොඳ කරගන්න ඕනෙම දෙයක් කරනවා කියලා. මම තාම හිතනවා මට අවස්ථාවක් තිබ්බා කියලා. මම උත්සාහ කරා ආබාධය සුව කරගන්න. දැන් මට කළ හැකි දෙයක් නෑ. කණ්ඩායමට support කරනවා ඇරෙන්න.”

ජේ. රිචඩ්සන් නවසීලන්ත පුහුණු තරගය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. පාකිස්තානය සමඟින් පැවති එක්දින තරගාවලියේ දී හතරේ පහරක් වැළැක්වීමට ගත් උත්සාහයක දී ඔහු මෙසේ ආබාධයට ලක්විය.

“මේක කණ්ඩායමටත් ලොකු පාඩුවක්. රිචඩ්සන් ගොඩක් හොඳට සෙල්ලම් කරා පසුගිය කාලයේ දී” කණ්ඩායමේ ශාරීරික පුහුණුකරු වන ඩේවිඩ් බේකලී පවසා සිටියා.

බංග්ලාදේශය හමුවේ කොදෙව්වෝ අසරණ වෙති!

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඊයේ (07)….

“අපි පැවැත්වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ දී ඔහු අපි හිතපු තරම් හොඳ මට්ටමක හිටියේ නෑ. පන්දු ‍යැවීමේ අපහසුතා තිබ්බා. ඊට පස්සේ අපි තේරීම් කමිටුව එක්ක සාකච්ඡා කරලා මේ තීරණය ගත්තා. රිචඩ්සන් නැවතත් ඊළඟ සතියේ යෝග්‍යතා පරීක්ෂණයකට යොමු කරනවා.”

ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ එංගලන්තය සංචාරය අළුබඳුන ටෙස්ට් තරගාවලිය ඉලක්ක කරගෙන පැවැත්වෙන අතර තරග 5කින් සමන්විත ‍අළුබඳුන තරගාවලිය අගෝස්තු මස 1 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

“ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒක වෙනුවෙන් මම ඕන දෙයක් කරනවා. ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ සංචාරයෙන් පස්සේ අළුබඳුන තරගාවලියට එක්වීමට බලාපොරොත්තු වෙනවා.” රිචඩ්සන් මාධ්‍ය හමුවේ කියා සිටියා.

රිචඩ්සන් පන්දු ‍රැකීමේ දී තම උපරිමය ලබා දෙන අතර ඔහු නැවත කණ්ඩායමට පැමිණීමෙන් පසුව ද එසේ කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<