IPL විකාශන අයිතියට ලංසු කැඳවීම අලුත් ක්‍රමයකට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

434

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ විකාශන අයිතිය සඳහා එළඹෙන සතියේ දී ටෙන්ඩර් කැඳවීමට නියමිතයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටින්නේ 2023-27 චක්‍රය සඳහා මෙලෙස ටෙන්ඩර් කැඳවන බවයි.

මෙවර ටෙන්ඩර් කැඳවීම සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ වීම විශේෂත්වයක්. විනිවිදභාවය පවත්වා ගනිමින් මෙම වෙන්දේසිය සිදු කිරීම එහි අරමුණයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah පවසා සිටින්නේ ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාම තරගාවලිය වන IPL තරගාවලිය, මුදල් ඉපැයීමට ඇති හැකියාව නැවත වරක් මෙහි දී ඔප්පු කරනු ඇති බවයි.

“IPL වගේ සන්නාමයකට ලැබිය යුතු අගය ලබා දෙන්න අප උපරිම උත්සාහය දරනවා. ඒ අතරම මෙම වැඩපිළිවෙළේ විනිවිදභාවයත් රඳවා ගැනීම අපේ අරමුණක්. ඒ නිසයි විකාශන අයිතිය අන්තර්ජාලය ඔස්සේ වෙන්දේසි කෙරෙන්නේ.” , Shah, Times of India වෙත පවසා තිබුණා.

තරගාවලිය කෙතරම් ජනප්‍රිය ද හා ආයෝජකයින් තරගාවලිය පිළිබඳව ඇති විශ්වාසය ගැන නව කණ්ඩායම් දෙකට ලැබුණු අගය පිළිබඳව බැලුවාම හිතා ගන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන වෙන්දේසියක් මගින් සෑම ලංසු තබන්නෙකුටම සම හා සාධාරණ අවස්ථා හිමිවෙනවා.”

අපි ඉදිරි දින කිහිපයේ දී ටෙන්ඩර් යොමු කරන්න ආරාධනා කරනවා. දින 45-60ක් අතරතුර මේ කටයුතු සම්පුර්ණ කරන්න අප බලාපොරොත්තු වෙනවා.”

ඉතිහාසයේ පළමු වතාවට මෙවර IPL තරගාවලියට අවශ්‍ය සියලුම අනුග්‍රාහකයින් සම්පූර්ණ වූ අතර ඉන් උපයා ගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 1000කට අධිකයි.

Times of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<