ඇන්ජලෝ මැතිව්ස් ගෙදර එයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

652

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟින් කොදෙව් සංචාරය සඳහා එක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් එම සංචාරයෙන් ඉවත් වී තිබෙනවා.

සිය පවුලේ කටයුත්තකට සහභාගී වීම සඳහා ඔහු මෙලෙස තරගාවලියෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (11) නිවේදනය කළා. ඒ අනුව ඔහු අද කොදෙව් දූපත්හි සිට මෙරටට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත් වුනා. 

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රයේ ඇතිවූ ගැටලුවක් නිසා ඔහුට විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වීමට නොහැකි වූ අතර එහි දී කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ ඇන්ජලෝ මැතිව්ස් හටයි.

පවතින නිරෝධායන නීතිවලට අනුව ඔහුට නැවත කණ්ඩායම හා එක්වීමට හැකියාවක් නොමැති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කොදෙව් එක්දින තරගාවලියේ පළමු තරගය පසුගිය දා නිමා වූ අතර දෙවන තරගය හෙට (12) පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<