පළමු ප්‍රදර්ශනාත්මක තරගයේ ජය Esoft ක්‍රීඩිකාවන්ට

Red Bull විශ්වවිද්‍යාල කාන්තා ක්‍රිකට් ශූරතාවය 2021

139

Red Bull විශ්වවිද්‍යාල කාන්තා ක්‍රිකට් ශූරතාවයේ ප්‍රදර්ශනාත්මක තරග තුනේ පළමු තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ESoft Metro Campus ක්‍රීඩිකාවන් සමත් වුනා.  

කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ අද (27) පැවති මේ තරගයේ දී Esoft ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිවාදීන් වුනේ Wadduwa Central කණ්ඩායමයි.

Esoft කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් වාද්දුව ක්‍රීඩිකාවන්ට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.

වාද්දුව ක්‍රීඩිකාවන්ට විශාල ලකුණු ප්‍රමාණයකට යාමට නොදී සියලු දෙනා දවා ගන්නට Esoft ක්‍රීඩිකාවන් සමත් වුනේ පන්දුවාර 17.5ක දී ලකුණු 58කට වාද්දුව ක්‍රීඩිකාවන් සීමා කරමිනි.

කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට නොහැකි වූ අතර වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කළ සවින්දි නිමල්ෂා ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු Esoft කණ්ඩායමේ ජනුදි අනාලි ඇයට නියමිත පන්දුවාර 4 තුළ දී ලකුණු 11කට කඩුලු 3ක් දවා ගන්නට සමත් වුනා.

ජයග්‍රාහී ලකුණු ප්‍රමාණයක් හඹා යන්නට පිටියට පිවිසි Esoft ක්‍රීඩිකාවන්ට ලෙහෙසියෙන් එම ඉලක්කය හඹා යන්නට වාද්දුව ක්‍රීඩිකාවන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

ESoft ලකුණු පුවරුව 19/6ක් බවට පරිවර්තනය කරන්නට වාද්දුව ක්‍රීඩිකාවන් සමත් වුනේ ESoft ක්‍රීඩිකාවන්ගෙන් ජයග්‍රහණය ඈතට රැගෙන යමිනුයි. නමුත් ඉන්පසුව ලකුණු පුවරුවට ජීවයක් එක් කරන්නට රෂ්මි නේත්‍රාංජලී (5) සහ විහාරි සෙව්වන්දි (14) සමත් වුනේ ලකුණු 18ක සබඳතාවක් ගොඩනගමිනුයි.

මල්ෂා මදුෂානි විසින් එක් කළ ලකුණු 14ත් සමඟින් තරගය අවසානයේ පන්දුවාර 16කුත් පන්දු 3ක දී නියමිත ඉලක්කය හඹා යන්නට ESoft ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

ලකුණු සාරාංශය:

Wadduwa Central සියලු දෙනා දැවී ලකුණු 58 (17.5): සාවින්දි නිමල්ෂා 9 (8), නවෝද්‍යා නෙත්මිනි 8 (11), ජනාදි අනාලි 3/11, නිමාෂා මදුෂානි 2/18.

ESoft Metro Campus 61/8 (16.3): විහාරි සෙව්වන්දි 14 (43), මල්ෂා මදුෂානි 14 (13), නෙත්මි පූර්ණා 3/10

Esoft ක්‍රීඩිකාවන්ට කඩුලු දෙකක ජයග්‍රහණයක්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<