LPL වෙනුවෙන් රටින් ආපු ක්‍රීඩකයෙක්ට කොරෝනා!

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020 - Coverage powered by My Cola

1740

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව, අභියෝග රැසක් මැද පැවැත්වීමට සැලසුම් කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම වෙනුවෙන් පැමිණි Colombo Kings විදෙස් ක්‍රීඩක Ravinderpal Singh හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

අනෙක් ක්‍රීඩකයින්ගේ මෙන්ම Ravinderpal Singh ද ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී PCR පරීක්ෂණයක් වෙත යොමු කර ඇති අතර ඉන් පැය 18කට පසුව පැමිණි Ravinderpal Singhගේ ප්‍රතිඵලය කොරෝනා වයිරසය සඳහා ධනාත්මක වී ඇත. 

ඒ සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව අදාළ ප්‍රතිකාර කටයුතු කිරීම සඳහා යොමු කර ඇති අතර ඔහු සමඟ ගුවන් යානයේ පැමිණි කිහිප දෙනෙක් ද නිරෝධායනය කර ඇත. එලෙස නිරෝධායනයට ලක් කර තිබෙන ක්‍රීඩකයින් අතර Colombo Kings කණ්ඩායමේ Andre Russel ද සිටින බව වාර්තා වේ.

තවත් ක්‍රිකට් පුවත්:

වේගයෙන් පන්දුවට පහර දීමට හැකි 32 හැවිරිදි Ravinderpal Singh කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකි. ඔහු සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී Cayman Islands කණ්ඩායමට එරෙහිව (2019 දී) පන්දු 48ක දී ලකුණු 101ක් ලබා ගනිමින් සිය පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ම ශතකයක් ලබා ගත් ක්‍රීඩකයින් කිහිපදෙනා අතරට එක් වීමට වරම් දිනා ගත්තේය.

Manpreet Gony, Qais Ahmed, Laurie Evans සහ Daniel Bell-Drummon Colombo Kings කණ්ඩායමේ සිටින අනෙක් විදෙස් ක්‍රීඩකයින් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<