රැෂ්ෆර්ඩ්, මවුන්ට්, පෝප් එංගලන්ත සංචිතයෙන් ඉවතට

150
Rashford, Mount, Pope out of England squad
Courtesy – Meath Chronicle

මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩකයෙකු වන Marcus Rashford (මාකස් රැෂ්ෆර්ඩ්), චෙල්සී කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක Mason Mount (මේසන් මවුන්ට්), නිව්කාසල් යුනයිටඩ් හි ගෝල රකින Nick Pope (නික් පෝප්), එළඹෙන යුරෝ කුසලාන තරගාවලියේ එංගලන්ත සංචිතයෙන් ඉවත් කොට තිබෙනවා.

පසුගිය ඉරිදා (19) පැවති තරගයක දී රැෂ්ෆර්ඩ් ආබාධයකට ලක්වුනා. පෝප් ද ආබාධයකට ලක්ව සිටින අතර මවුන්ට් ද ආබාධයකින් සුව අතට හැරෙමින් සිටිනවා. එංගලන්ත කළමනාකරු Gareth Southgate (ගැරත් සවුත්ගේට්) මවුන්ට් ව 25 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් කොට තිබුනත්, චෙල්සී කළමනාකරු Graham Potter (ග්‍රැහැම් පොටර්) ඔහුව ඉන් ඉවත් කරගෙන තිබෙනවා.

මවුන්ට් පසුගිය පෙබරවාරි මාසයේ සිට ප්‍රීමියර් ලීග් තරග ක්‍රීඩා කළේ නැහැ. රැෂ්ෆර්ඩ් පසුගිය මාස කිහිපය පුරා හොඳ රිද්මයක සිටියා. පෝප් වෙනුවට ටොට්න්හම් ගෝල රකින්නා වන Fraser Foster (ෆ්‍රේසර් ෆොස්ටර්) සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<