පොග්බාට පාතාලයෙන් තර්ජන

263
24hoursworlds.com

Juventus (ජුවෙන්ටස්) ක්‍රීඩා සමාජය සහ ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන පෝල් පොග්බා හට පාතාල කණ්ඩායමකින් කප්පම් ගැනීමේ තර්ජන ගර්ජන එල්ල වන බවට ඔහු විසින් ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා.

ප්‍රංශ පොලිසිය විසින් ඒ පිළිබඳ පරීක්ෂණයක් අරඹා තිබෙන බව ද වාර්තා වනවා.

මාසයකට පෙර ඉතාලියේ සහ ප්‍රංශයේ ක්‍රීඩා සංගම් දැනුවත් කර ඇති අතර පැවැත්වෙන පරීක්ෂණය ගැන වැඩිදුර අදහස් දැක්වීමක් නොකරන බව,” වාර්තාවේ සඳහන්.

පොග්බාගේ සොයුරු මතායෙස් පොග්බා විසින් යම් දෙයක් හෙළිදරව් කරන්නට යන බවට කතාබහක් මින්පෙර පැතිර තිබුණා. ඒ ඔහු විසින් ප්‍රසිද්ධ කළ වීඩියෝ කිහිපයකින් පසුවයි. එහි සඳහන් වුනේ පොග්බා ගැන පිපිරුමක් ඇති විය හැකි තොරතුරක් හෙළිදරව් වනු ඇති බවයි.

Manchester United (මැන්චෙස්ටර් යුනයිටඩ්) කණ්ඩායමේ සිට නිදහස් මාරුවකින් ජුවෙන්ටස් කණ්ඩායමට ඇතුළත් වූ පොග්බාගෙන් අදාළ තොරතුරු ප්‍රසිද්ධ නොකරන්නට නම් පාතාල කණ්ඩායමක් විසින් කප්පම් ඉල්ලා තිබුණා. ඔහුගේ සොයුරු මතායෙස් එහි කොටස්කරුවෙක්.

ලෝක වාසීන්, පොග්බාගේ රසිකයින්, ප්‍රංශ කණ්ඩායමේ සහ ජුවෙන්ටස් රසිකයන් සහ මගේ සහෝදරයාගේ කණ්ඩායම් සගයන් වගේම අනුග්‍රාහකයන් නිශ්චිත දේවල් දැනගන්නට සුදුසුයි,” මතායෙස් පවසනවා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<