පාකිස්තාන ක්‍රිකට් ලොක්කාගේ යෝජනාව ICC ප්‍රතික්ෂේප කරයි

946

පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපති Ramiz Raja විසින් ඉදිරිපත් කළ සිව්කොන් ක්‍රිකට් තරගාවලියකට අදාළ යෝජනාව ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු නිසා එය ප්‍රතික්ෂේප කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.

අදාළ සිව්කොන් තරගාවලිය පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව එකතු කර ගනිමින් පැවැත්වීමටයි පාකිස්තානය යෝජනා කර තිබුණේ. කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ICC සාකච්ඡා කර තිබුණා.

මේ වන විට ICC ඉදිරි තරග කාලසටහන (FTP) තුළ එවැනි නව තරගාවලියක් සංවිධාන කිරීම වෙනුවෙන් ඉඩක් නොමැති වීම සහ මේ තරගාවලිය සඳහා සහභාගී වන රටවල් 4ට ඇතුළත් නොවන සෙසු රටවල් අදාළ යෝජනාවට කැමැත්තක් නොමැති බවත් එහි දී ICC විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු එම යෝජනාවට පක්ෂව සහය දුන් කණ්ඩායම් වෙනුවෙන් පෙන්වා දී තිබෙනවා.

මේ වන විට පවතින ICC නීතිවලට අනුව ඒ ඒ ක්‍රිකට් ආයතනවලට සංවිධාන කළ හැකි වන්නේ ද්විපාර්ශ්වික තරගාවලි සහ තුන්කොන් ක්‍රිකට් තරගාවලි පමණයි.

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<