රාජිත සහ පතිරණ වෙනුවට ප්‍රමෝද් සහ අසිත සංචිතයට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

903
Rajitha and Pathirana ruled out from 3rd T20I

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සහ නවක වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධවලට ලක් වී සිටීම නිසා ඔවුන් දෙදෙනාටම ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි විස්ස තරගය අහිමිව යන බව වාර්තා වෙනවා.

ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු සහ නවක වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන් අද (11) සවස ආරම්භ වීමට නියමිත තෙවැනි තරගය සඳහා ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා.

පතිරණගේ දකුණු වැලමිටේ ආබාධයක් මතුව තිබෙන අතර රාජිතගේ උකුලේ වම් පස ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්වයක් නිසා ඔවුන් දෙදෙනාට මෙසේ සංචිතයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඔවුන් දෙදෙනාම මේ වන විට ආබාධ සුව කරගැනීම සඳහා පුනරුත්ථාපන කටයුතු වෙත යොමු කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය දැනටමත් ඕස්ට්‍රේලියාව ජයගෙන තිබෙන අතර එහි අවසන් විස්සයි විස්ස තරගය අද (11) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<