Bushfire Bash තරගයේ වෙනසක්

66

ක්‍රිකට් තරු රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රදර්ශන ක්‍රිකට් තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේ සිට මෙල්බර්න් ක්‍රීඩාංගණය දක්වා රැගෙන යාමට සංවිධායකයන් තීරණය කර තිබේ. 

මෙම ප්‍රදර්ශන තරගය මඟින් ලැබෙන අරමුදල් පසුගිය දා ඕස්ට්‍රේලියාවේ ඇතිවූ ලැව්ගිනි නිසා සිදු වූ හානිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැය කිරීමට තීරණය කර තිබුණි. කෙසේ වෙතත් මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබූ සිඩ්නි ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඇදහැලෙන වැසි තත්ත්වය නිසා තරගය එම ක්‍රීඩාංගණයේ පැවැත්වීම අසීරු වී ඇත. 

තුන්වන වතාවටත් ඉන්දියාවට දඩ

පසුගිය දා නිමා වූ ඉන්දීය නවසීලන්ත පළමු එක්දින ……..

මේ නිසා තරගය එළඹෙන ඉරිදා මෙල්බර්න් හිදී පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගණය මාරුව හා දින වෙනස්වීම නිසා ක්‍රීඩකයන් කීපදෙනෙකු එම තරගයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ ඔවුන් පෙර යොදාගත් කාර්‍යයන් නිසාවෙනි. 

මීට පෙර සැලසුම් කර තිබූ ආකාරයට මෙම තරගය සඳහා සහභාගි වන කණ්ඩායම්වල නායකත්වය ශේන් වෝන්ට හා රිකී පොන්ටිං හට හිමිව තිබුණි. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ආරම්භ වූ ඕස්ට්‍රේලියානු ලැව්ගිනි පසුගිය මාසය දක්වා සීග්‍ර ව්‍යාප්ත වූ අතර ඉන් 33 දෙනෙකු මියගොස් දහස් සංඛ්‍යාත් දේපළ ප්‍රමාණයක් විනාශ වී තිබිණි. මෙම ප්‍රදර්ශනාත්මක තරගය මඟින් ලැබෙන ආදායම එම පවුල්වල සුබසාධනය සඳහා යෙදවීමට නියමිතය. 

මෙම තරගය බිග් බෑශ් තරගාවලියේ අවසන් තරගයට පෙර පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි. නමුත් මේ දිනවල එම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නිසා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වීම අසීරු බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසා ඇත. 

එයට විකල්පයක් ලෙස මෙම තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ඔවුන් තීරණය කර ඇත. ඒ ඕස්ට්‍රේලියා එංගලන්ත කාන්තා විස්සයි විස්ස තරගයට පෙරයි. 

දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවක් ක්‍රීඩාවෙන් සමුගනී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ……….

මෙම වෙනස්කම් නිසාවෙන් මීට පෙර තරගය සඳහා සහභාගි වීමට නියමිතව සිටි ශේන් වෝන්, මයිකල් හසී හා මයිකල් ක්ලාක් මෙම තරගය සඳහා සහභාගි නොවන බව දන්වා තිබිණි. 

“අපි මේ Bushfire Bash තරගය සිඩ්නි ඉඳන් මෙල්බර්න් වෙත ගෙන යන්න තීරණය කළා. අපිට අවශ්‍ය වුනා සෙනසුරාදා පැවැත්වෙන බිග් බෑශ් අවසන් තරගයට ප්‍රමුඛතාවය දෙන්න. ඒ තරගය සිඩ්නි හි පවත්වන්න අපි හැකි තරම් උත්සාහ කරනවා.” ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී කෙවින් රොබර්ට්ස් පවසා සිටියා. ඔහු පවසා සිටියේ එම තරගයට පෙර තරගයක් පැවැත්වීමෙන් තණතීරුවට හානි විය හැකි බවයි. 

කෙසේ වෙතත් ශේන් වෝන්ගෙන් හිස්වූ කණ්ඩායමේ නායකත්වය ඇඩම් ගිල්ක්‍රිස්ට් හට හිමිව ඇත. ඕස්ට්‍රේලියා ක්‍රිකට් නායක ටිම් පේන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. අනෙක් කණ්ඩායම වන රිකී පොන්ටිං කණ්ඩායමේ පුහුණුකරු වන්නේ සචින් තෙන්දුල්කාර්ය. 

මෙම තරගය සඳහා ප්‍රබල ක්‍රිකට් තරු වන වසීම් අක්‍රම්, බ්‍රයන් ලාරා, කර්ට්ලි වෝල්ශ් හා ජස්ටින් ලැංගර් සහභාගි වීමට නියමිතය. 

තරගයේ ආදායම ඕස්ට්‍රේලියා රතු කුරුස ආපදා වැළැක්වීමේ සංවිධානය වෙත ප්‍රදානය කිරීමට නියමිතය.  

එංගලන්ත සුපිරි තරුවකට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි?

එංගලන්ත වේගපන්දු බලඇණිය සවිබල ගන්වන ප්‍රබල තුරුම්පු ……….

බිග් බෑශ් තරගාවලියේ අවසන් තරගය සඳහා සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර ඔවුන් මෙල්බර්න් ස්‍ටාර්ස් හෝ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම සමඟින් අවසන් තරගය සඳහා සහභාගි වීමට නියමිතය. 

පොන්ටිං කණ්ඩායම: රිකී පොන්ටිං (නායක), ජස්ටින් ලැංගර්, මැතිව් හේඩ්න්, එලීස් විලානි, බ්‍රයන් ලාරා, ෆෝබි ලිච්ෆීල්ඩ්, බ්‍රැඩ් හැඩින්, බ්‍රෙට් ලී, වසීම් අක්‍රම්, ඩෑන් ක්‍රිස්ටියන්, ලූක් හොජ්

පුහුණුකරු – සචින් තෙන්දුල්කාර් 

ගිල්ක්‍රිස්ට් කණ්ඩායම: ඇඩම් ගිල්ක්‍රිස්ට් (නායක), ශේන් වොට්සන්, බ්‍රැඩ් හොජ්, යුවරාජ් සිං, ඇලෙක්ස් බ්‍රැක්වෙල්, ඇන්ඩෲ සයිමන්ඩ්ස්, කර්ට්ලි වොල්ශ්, නික් රිවෝල්ඩ්, පීටර් සීඩ්ල්, ෆවාඩ් අහමඩ්

පුහුණුකරු – ටිම් පේන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<