එංගලන්ත සුපිරි තරුවකට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි?

74
Jofra Archer

එංගලන්ත වේගපන්දු බලඇණිය සවිබල ගන්වන ප්‍රබල තුරුම්පු කිහිපය අතරින් ජොෆ්රා ආචර්ගේ පන්දුකරණයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 

කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය, 2020 IPL තරගාවලිය ද ඇතුළුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගාවලි කිහිපයක් සඳහා ඔහුගේ සේවය ලබා ගැනීම මේ වන විට පවතින්නේ අවිනිශ්චිත තත්වයක වීම ඔහු නියෝජනය කරන කණ්ඩායම් හට දැඩි ප්‍රශ්නාර්ථයක් වී ඇති බව සඳහන් වේ.

තුන්වන වතාවටත් ඉන්දියාවට දඩ

පසුගිය දා නිමා වූ ඉන්දීය නවසීලන්ත පළමු එක්දින තරගයේ දී නියමිත කාලය තුල පන්දුවාර ප්‍රමාණය සම්පූර්ණ නොකිරීම නිසාවෙන් ඉන්දීය

මේ සඳහා මූලික වශයෙන් හේතුපාදක වී ඇත්තේ ඔහුගේ දකුණතේ වැළමිට ප්‍රදේශයේ මාංශ පේශියක ඇති වී තිබෙන ආබාධ තත්වයක් තවමත් සුව අතට හැරී නොමැති නිසාවෙනි. 

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය අතරතුර දී ඔහු මෙසේ ආබාධයට ගොදුරු වූ අතර පේශී තන්තුවලට සිදු වී ඇති හානිය පිළිබඳ සලකා බැලීමේ දී පූර්ණ සුවය ලබා නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පැමිණීමට නම් මාස කිහිපයක් බලා සිටීමට ඔහුට සිදුවනු ඇති බව වෛද්‍යවරුන් අනුමාන කෙරේ.

“ආචර් දැනටමත් අපේ විශේෂ වෛද්‍ය ඒකකයත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඔවුන් හැමවෙලාවෙම ආචර්ගේ ආබාධය පිළිබඳ විමසිල්ලෙන් ඉන්නේ මොකද ඔහු ඉක්මනටම හොඳ වෙලා කණ්ඩායමත් එක්ක එකතු වෙන එක අපිට ඉතාමත් වැදගත්.”

නිහඬ බව බිඳි මැක්සි නැවතත් සටන් පෙරමුණට

මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග

“අපි දැනට හිතාගෙන ඉන්නේ ජූලි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් එක්ක තියෙන තරගාවලිය සඳහා ආචර්ගේ සේවය ලබාගන්න. ඒ වෙනකොට ඔහු හොඳ ශාරීරික යෝග්‍යතාවකින් පසු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ආචර්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකෙරිණි.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය එළඹෙන මාර්තු මාසයේ දී ක්‍රියාත්මක වීමට නියමිත අතර පසුගිය තරගවාරයේ දී ද ආචර්ගේ සහය පැතූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට මෙවර ඔහු වෙනුවට වෙනත් ආදේශනයක් සොයා යාමට මේ වන විට සිදුව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<